ආශ්චර්යමත් ශී‍්‍ර ලංකාවක් තැනීමේ සංවර්ධන කි‍්‍රයාවලියේදී රටේ ප‍්‍රවාහන ගැටළුව අවම කිරීමත් වඩාත් කාර්යක්ෂම මගී ප‍්‍රවාහන සේවයක් ඇරඹීමත් පවතින රජයේ මූලික අරමුණ වේ. ඉදිරි වසර 06 ක කාලය තුළ මෙරටේ පොදු ජනතාවට යහපත් ප‍්‍රවාහන සේවයක් ලබාදීම සඳහා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ - මාතර අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් අධිවේගී මාර්ගය යන මාර්ග කඩිනමින් ඉදිකරන බව වර්තමාන රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ලෙසින් සැලකිය හැකි ‘මහින්ද චින්තනය’ හි සඳහන් වේ. එකී අරමුණ ශාක්ෂ්‍යාත් කරගැනීමේ මූලික පියවරක් ලෙසින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකරන ලද අතර ඉකුත් ඔක්තෝබර් මස 27 වන දින එහි දෙවන පියවර ලෙසින් කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය (E03) ජනතා අයිතියට පත් කරන ලදි.
රටක සංවර්ධනය එහි ජීවත්වන මිනිසුන්ගේ ජීවිතවලට වඩාත් සුබදායක පියවරක් වනවා සේම එහි ප‍්‍රතිලාභයෙන් ඔවුන්ගේ ජීවිත වඩාත් සාර්ථක වන්නේ නිරායාසයෙනි. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ කොළඹ අගනගරය අතර වේගවත් සම්බන්ධකයක් ඇතිකරලීමේ අවශ්‍යතාව මෙරටට දැනී තිබුණේ 1980 දශකය තරම් ඈත සිටය. ඒ අනුව කරන ලද ශක්‍යතා අධ්‍යයන කිහිපයක් සහ පූර්ව සැලසුම් ගණනාවකට පසුව පෑලියගොඩ සිට මුතුරාජවෙල හරාහා කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයක් පිළිබඳ සැලසුම් යෝජනා සැකසුණු අතර මධ්‍යම පරිසර අධිකාරියේද අනුමැතිය ඇතිව 2009 වර්ෂයේ අගෝස්තු මාසයේදී එකී ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදි.
ප‍්‍රධාන මංතීරු 04 කින් සහ කිලෝමීටර් 25.8 ක දිගින් යුතු කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 350 ක් වියදම් ව ඇති අතර මෙම මුදලෙන් 85% චීන රජයේ ණය ආධාර හරහාත් ඉතිරිය ශී‍්‍ර ලංකා රජයේ මූල්‍ය ප‍්‍රතිපාදන හරහාත් සපයා ගෙන ඇත. කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය සඳහා ප‍්‍රධාන හුවමාරු ස්ථාන 03 ක් පිහිටුවා ඇත - ඒ පෑලියගොඩ, ජාඇල සහ කටුනායක වශයෙනි. මෙසේ ඉදිවුණු අධිවේගී මාර්ගය හරහා මේ වනවිට දිනකට රථ වාහන 16,000 ක පමණ ප‍්‍රමාණයක් ගමන් කරන බව සීදුව පිහිටි අධිවේගී මාර්ගයේ මෙහෙයුම් කාර්යාලයේ බලධාරීන් අප කළ විමසීමකදී සඳහන් කළහ.
මෙම ප‍්‍රදේශයෙන් අපේක්ෂිත සීඝ‍්‍ර කාර්මික සංවර්ධනයත් සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීමත් කොළඹ - පුත්තලම (A003) මාර්ගයේ අධික රථවාහන තදබදය අවම කිරීමත් කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ මූලික අරමුණු විය. ඒ අනුව එතෙක් කටුනායක කොළඹ ප‍්‍රධාන මාර්ගයෙහි ගමන් කිරීමට ගතවූ පැය 01 ක් සහ විනාඩි 50 ක කාලය අධිවේගී මාර්ගය නිසා විනාඩි 20 ක පමණ කාලයක් දක්වා අඩුවීමත් එමගින් පවතින ප‍්‍රවාහන ගැටළු රාශියකට විසඳුම් ලැබීමත් මෙරට සංවර්ධන කි‍්‍රයාවලිය අත්කරගත් විශාල ජයග‍්‍රහණයකි.
යම් සංවර්ධන කි‍්‍රයාවලියක් සැකසීමේදී එම ව්‍යාපෘතියේ කාර්ය ව්‍යූහය හරිහැටි හඳුනා ගැනීමත්, ව්‍යාපෘතියේ ඉලක්කගත ප‍්‍රජාව හඳුනා ගැනීමත් පූර්ව සමීක්ෂණ, පසු සමීක්ෂණ සිදු කිරීම හා ඉන් පසුව ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමත් නිවැරදි කි‍්‍රයාපටිපාටිය වේ. විශාල මුදල් ප‍්‍රමාණයක් වැය කරමින් ඉදිවන මෙවැනි ව්‍යාපෘතීන්හි අවසාන අරමුණ විය යුත්තේ රටේ සංවර්ධන කි‍්‍රයාවලියට මිනිසුන් සකී‍්‍රයව සහභාගී කරවා ගැනීමයි.
සංවර්ධන ව්‍යාපෘතියක මූලික අරමුණ වන්නේ පවතින සංවර්ධන ගැටළු අවම කිරීම හා නිරාකරණය කිරීමයි. නමුත් කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව පෑලියගොඩ මංසන්ධියෙහි ඇතිව තිබෙන, වගකිවයුතු බලධාරීන්ගේ අවධානයට මෙතෙක් ලක් නොවූ සංවර්ධන ගැටළුවක් අපගේ අවධානයට ලක්විය.
පෑලියගොඩ මංසන්ධිය යනු කොළඹ - නුවර මාර්ගය (A01), කොළඹ - පුත්තලම මාර්ගය (A003) සහ අලූතෙන් ඉදිකරන ලද කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය යන මාර්ග ති‍්‍රත්වයම එකට එක්වන ස්ථානය පහත දක්වා ඇති සිතියමෙන් පැහැදිලි කරගත හැක.
කොළඹ - නුවර මාර්ගය සහ කොළඹ - පුත්තලම මාර්ගය නිරතුරුවම වාහන විශාල ප‍්‍රමාණයක් ගමන් කරන ප‍්‍රධාන මාර්ගයන් වන අතර දෛනිකව රථවාහන 50,000 කට අධික ප‍්‍රමාණයක් මෙම මාර්ග භාවිතා කරනු ලැබේ. අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් අනතුරුව එතෙක් කොළඹ - මීගමුව මාර්ගයෙහි ගමන් කරන ලද දැන් අධිවේගී මාර්ගය භාවිතා කරන රථ වාහනද අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුමෙන් පිටතට පැමිණ ඉහත කී රථවාහන 50000 අතරට එක් වේ. ඒ අනුව දිනකට අධිවේගී මාර්ගය භාවිතා කරනවා යැයි එහි මෙහෙයුම් කාර්යාල බලධාරීන් සඳහන් කරන ලද රථවාහන 16,000 ක ප‍්‍රමාණය ඉහත රථාවාහන 50,000 අතරට එක් වේ.
උදෑසන පාසල් සහ කාර්යල වෙත පැමිණෙන මගීන් මෙන්ම සවස් කාලයේ නිවෙස් බලා පැමිණෙන කොළඹ - නුවර පාර සහ කොළඹ - පුත්තලම මාර්ග ද්විත්වයෙහි ගමන් කරන දහස් සංඛ්‍යාත මගීන්ට කිලෝමීටර් 07 කට ආසන්න ප‍්‍රමාණයක් දක්වා දිවෙන රථවාහන පෝලිමක රැඳී සිටීමට සිදු වීම අධිවේගී මාර්ග සංවර්ධන කි‍්‍රයාවලිය හමුවේ මතුව ඇති අනිසි ප‍්‍රතිඵලයකි.
කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය පිළිබඳව අප කළ විමසීමකදී අධිවේගී මාර්ගයේ සීදුව මෙහෙයුම් කාර්යාලයේ බලධාරියෙකු ප‍්‍රකාශ කරන ලද්දේ මෙම ගමන් මාර්ගයේ ගැටළු සහ දත්තයන් තවමත් එක්රැස් කරමින් පවතින බවත් මේ වනවිට කොළඹ - නුවර ප‍්‍රධාන මාර්ගයේ හා කොළඹ - පුත්තලම ප‍්‍රධාන මාර්ගයේ ඇති වන වාහන තදබදය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඔවුන්ට නොමැති බවත්ය. මේ පිළිබඳව සෘජුවම කටයුතු කරන ව්‍යාපෘති භාර නිලධාරීන් හා පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් තොරතුරු ලබා ගැනීමට අප කළ උත්සාහයද අසාර්ථක වූ අතර ඔවුහූ තොරතුරු ලබා දීමට මැලි කමක් දැක්වූහ. නිවැරදිව මෙම සංවර්ධන ගැටළුව කෙරෙහි අවධානය යොමු නොකිරීමත් එම කාර්ය නිවැරදි අයුරින් ඉටු නොකිරීමත් මාස දෙකක කාලයක් මෙම වාහන තදබදය පැවතීමට ප‍්‍රධාන හේතුවක් වී ඇත.
මෙම මාර්ගයේ දිනපතා ගමන් කරන සාමාන්‍ය ජනතාව කිහිප දෙනෙකුගෙන් අප කළ විමසුමකදී ප‍්‍රකාශ කරන ලද්දේ මෙතෙක් පෑලියගොඩ මංසන්ධිය ආශි‍්‍රතව පැවති වාහන තදබදය කටුනායක කොළඹ අධිවේගී මාර්ගය විවෘත කිරීම හමුවේ ඉහළ ගොස් ඇති බවයි.
"මෙච්චර කල් මෙතන වාහන තදබදයක් තිබුණා තමයි ඒත් හයිවේ එක දාපු දවසේ ඉඳලා ඒ වාහන තදබදය දැන් දෙගුණ තෙගුණ වෙලා."
නුදුරේදී විවෘත කිරීමට නියමිත කොට්ටාව - කෙරවලපිටිය අතර කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය කටුනායක කොළඹ අධිවේගී මාර්ගයට සම්බන්ධ කර ඉදිකිරීමට සැලසුම් කර ඇති බැවින් දැනට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ගේ ප‍්‍රමාණය ඒ හරහා ද වැඩිවනු ඇත. එබැවින් පෑලියගොඩ මංසන්ධිය ආශි‍්‍රතව ඇති වී ඇති ගැටළුව ඉදිරියේදී තවත් සංකීර්ණ වනු ඇත. මෙම ප‍්‍රශ්නය වඩාත් බරපතල වන්නේ තදබදය අධික අවස්ථාවකදී වුව කොළඹ නගරයට ඇතුළු වීම සඳහා විකල්ප මාර්ගයක් මෙම ප‍්‍රදේශ ආශි‍්‍රතව නොමැති වීම තුළය.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී කිලෝමීටරයක් සඳහා වැයවූ මුදල මෙන් දෙගුණයක් කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ එක් කිලෝමීටරයක් ඉදි කිරීම සඳහා වැයවී ඇතැයි නිල සංඛ්‍යාලේඛනවල සඳහන් වේ. එතරම් මුදලක් වැය කර මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමට ප‍්‍රධාන හේතු කාරණය වන්නේ මෙරට සංවර්ධන කි‍්‍රයාවලියට එය නිසි පරිදි දායක කර ගැනීමේ අවශ්‍යතාවයයි. එසේ වුවද පෑලියගොඩ පිවිසුම් ස්ථානය ආසන්නයේ ඇති වන රථවාහන තදබදය නිසා එකී සංවර්ධන ව්‍යාපෘතිය නිසි අයුරින් ප‍්‍රතිලාභ ලබා ගැනීමට නොහැකිව ඇත.
මෙම ගැටළු පිළිබඳ හොඳින් නිරීක්ෂණය කිරීමෙන් අප අවබෝධ කරගත් කරුණ වන්නේ පෑලියගොඩ මංසන්ධිය හා නව කැළණි පාළම අසල අධික වාහන තදබදය සඳහා එකී ස්ථානවල රථාවාහන හැසිරවීමට ආලෝක සංඥා පුවරු ස්ථාපිත කර නොතිබීම බවයි. මේ වනවිටත් මෙම මාර්ග තුනෙන් පෑලියගොඩ මංසන්ධිය වෙතට ඇතුළුවන රථවාහන හැසිරවීමට පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් යොදවා තිබුණද එම කි‍්‍රයාවලිය නිසි අයුරින් පාලනය කර ගැනීමට ඔවුන්ටද හැකිවී නොමැත. පවතින ගැටළුව විසඳීමට නම් මෙම මංසන්ධිය හරහා ගමන් කරන රථවාහන පාලනය සඳහා කාර්යක්ෂම ආලෝක සංඥා පද්ධතියක් සවි කිරීම අත්‍යවශ්‍යවේ.
රටක ප‍්‍රවාහන ගැටළුව විසඳීම ඒ රටේ සමස්ත සංවර්ධන කි‍්‍රයාවලියට අත්කර දෙන ප‍්‍රතිලාභයන් අති මහත්ය. රටක කි‍්‍රයාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතියෙහි අරමුණු ඒ අයුරින්ම සඵල කර ගැනීමත් ඉලක්කගත ග‍්‍රාහක ප‍්‍රජාවට සමස්ත වාසීන් අත්කර දීමට උත්සාහ ගැනීමත් සංවර්ධන කිි‍්‍රයාවලියක ප‍්‍රධාන අරමුණ විය යුතුය. රුපියල් බිලියන ගණන් වැය කරමින් විදේශ ණය ආධාර හා රටේ ජාතික ධනය වැය කරමින් කි‍්‍රයාත්මක කෙරෙන මෙවැනි සංවර්ධන ව්‍යාපෘතීන්හි අවසාන ප‍්‍රතිඵලය පැවති සංවර්ධන ගැටළුව ඒ අයුරින්ම තිබියදී තවත් සංවර්ධන ගැටළු ඇති වීම නම් එකී ව්‍යාපෘති මගින් රටකට අත්කර දෙනු ලබන ප‍්‍රතිලාභයක් නොමැති තරම්ය.
සංවර්ධන ව්‍යාපෘති සැකසීමේත් ඒවා කි‍්‍රයාත්මක කිරීමේත් එහි ප‍්‍රතිලාභ නිසි අයුරින් ජනතාවට අත්කර දීමේත් වගකීම එම සංවර්ධන කි‍්‍රයාවලිය කි‍්‍රයාත්මක කරන බලධාරීන් මත පැවරෙන මූලික වගකීමකි. මහජනතාව වශයෙන් ඒවායේ ඇති ගැටළු අප විසින් හඳුනා ගනිමින් එය නිවැරදි ලෙස රටේ සංවර්ධනයට දායක කරගැනීමේ අරමුණින් පවතින දුර්වලතා ඔවුන්ට පෙන්වා දෙනු ලබන අවස්ථාවලදී ඒ පිළිබඳ බලධාරීන්ගේ නිසි අවධානය යොමුවේ නම් සමස්ත සංවර්ධන කි‍්‍රයාවලියම සාර්ථක කර ගැනීමට රටට හැකි වනු නොඅනුමානය. නමුදු මහජනතාව වෙතට සත්‍ය තොරතුරු ලබා දීමට මැළිකමක් දැක්වීමෙන් සහ යථා තත්ත්වය පිළිබඳ මහජනතාවගෙන් සැ`ගවීමෙන් සිදුවනුයේ රට දිනෙන් දින අගාධය කරා ගමන් කිරීමක් පමණි. එබැවින් කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ පවතින වර්තමාන ගැටළුවලට පිළියම් යොඳමින් එහි ප‍්‍රතිලාභයන් මහජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
අධිවේගී මාර්ගයේ අධික රථවාහන තදබදයක් පැවති පසුගිය මාර්තු 12 වනදා අප ගත ඡායාරූප කිහිපයක් මේ සමග පලවේ.
අධිවේගී මාර්ගයේ අධික රථවාහන තදබදයක් පැවති පසුගිය මාර්තු 12 වනදා අප ගත ඡායාරූප කිහිපයක් මේ සමග පලවේ.
Post a Comment