ශී‍්‍ර ලංකාවට ලේඛනය ප‍්‍රකාශනය සමීප වන්නේ ලන්දේසින්ගේ ප‍්‍රකාශනාත්මක නිපැයුමක් ලෙසිනි. ලන්දේසි ආඥා පොත මුද්‍රණය කිරීමත් සමගම ලාංකිකයන්ට ඒ හා සමීප වීමට ඉඩ කඩ සපයා දෙන්නේ ගේබ්රියල් කාටර් නම් මුද්‍රණ ශිල්පියා විසිනි. නමුදු පසුකාලීනව ලාංකීය භාෂණ ප‍්‍රකාශන නිදහස උපන් ගෙහිම මරා දමමින් ඔහුව කෲර වද බන්ධන යටතේ සිරගත කරන ලද්දේ නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීම හමුවේ අත්වන ඉරනම සමාජයට පසක් කරවමිනි.
සමාජය තුල වංශවතුන් බුද්ධිමතුන් අතර පැවති සමීප සම්බන්ධය හමුවේ ඒකාධිපතිත්වය ලෝකය තුල රජ කරන ලද යුගයක බොහෝ නිවැරදි කරුනු කාරනාවන් පෙන්වා දුන් වරදට සොක‍්‍රටීස් වැනි විද්වතුන්ට අත් වූයේ් ද මරනයේ ඉරනමයි. භාෂනය හා ප‍්‍රකාශනට ඇති ඉඩ කඩ සීමා කරමින් ප‍්‍රබලයන් තමන්ට රුචි පරිදි සමාජය තුල සුඛවිහරනය ලැබීමට නිදහස් ප‍්‍රකාශන මාධ්‍යයන්ගේ දොරගුළු වසා දැමීමත් ඇතැම් ප‍්‍රකාශන මාධ්‍යයන් තම වන්දිබට්ට කමේ යොදා ගැනීමේ ක‍්‍රමවේදයත් අද ඊයක සිට පැවත එන්නක් නොවන බව මෙකී ඉතිහාසය සාක්ෂි දරයි.
සෑම මාධ්‍යයවේදියෙක්ම උදේ තේ මේසයට ගෙන්වා ගනිමින් ඔවුන්ගේ සුවදුක් විචාරා ආප්පයක් රොටියක් කෑමට දී ජනමාධ්‍යකරනයට දිරිය ලබාදෙන රාජ්‍යයනායකයෙකුගෙන් පාලනය වන රටක ජීවත්වන අපට නිදහස් ජනමාධ්‍යයකරනය යන්න සුභ සිහිනයක්ම බව සැබෑවකි. මෙහිදී එක්වරම ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලියේ එන බහුභාණිය ජාතකය මතකයට නැගේ. එහි "ඉබ්බාට කට රැක ගන්නට බැරි වුනා වගේ" යන උපදෙස දෙන මෙකී ජාතකය අප අතර පවතින ඉබ්බෙකු අහසින් ගියා වගෙයි යන ජන කියමන සිහි කරවයි. කොක්කු දෙන්නෙකු ඉබ්බාව අහසින් ගෙනියන්නේ කට පරිස්සම් කර ගන්නා ලෙස උපදෙස් දෙමිනි. ඉබ්බා ඉහල අහසේ අසිරිය දැක හිතේ ඇති උත්කර්ෂය නිසාම තම අදහස් ප‍්‍රකාශ කිරීමට ගොස් කට ඇර බිම වැටී මිය යන්නේ උපදෙස් පිලිනොගත් බැවිනි. නමුදු වර්තමානයේ කොක්කු ඉබ්බා ඉහල අහසට ගෙනියන්නේ ඉතාමත් කැමැත්තෙනි. ගමන අතරමගදී ඉබ්බා තම ගමනට බාධාවක් යැයි සිතන කොක්කුන් හොටයේ රඳවා ඇති කෝටුව අතහැර දමන්නේ කෝටුවෙන් ගිලිහෙන ඉබ්බා මරා දමමිනි.
වර්තමාන ජනමාධ්‍යය ලෝකය තුල ඉහල පුටු වලට බොහෝමත්ම බහුශ‍්‍රත විද්වතුන් ඔසවා තබන්නෙත් පසුව ඔවුන් කිසිදු වදනක් නොදොඩා එම පුටු වල වැජඹෙමින් මුනිවත රකින්නේත් ඔවුන්ගේ පෑන හැසිරෙන ආකාරය දෙස හොට මානාගෙන කොකුන් බලා සිටින නිසාවෙනි.
නිදහස් ප‍්‍රකාශන අයිතියෙන් තොර ජාතියක් අවසානයක පෙරනිමිත්තක් වනවා සේම ඒ නිසාවෙන් සමස්ථ සමාජයම ඇඳ වැටෙනු නො අනුමානය.
තම හෘද සාක්ෂියට එකඟව පෑන මෙහෙයවා නිදහස් අදහස් ප‍්‍රකාශ කල වරදින් අදටත් සමස්ථ සමාජයෙන්ම කොන් වී, සිරගෙවල් වල අපා දුක් විදින සෑබෑ මාධ්‍යයවේදීන් මේ ලෝකය තුල තවමත් ජීවත්ව සිටින බව අප අමතක නොකල යුතුය. සිරගත නොවූවද මානසික පීඩාවන්ට නතු කරමින් සමාජයෙන් පමනක් නොව තමන් උපන් රටෙන් පවා පිටුවහල් කල සලමන් රුෂ්ඩි, ෆාතිමා නුෂ්ඩින් ලේඛික ලේඛිකාවන් හා තවමත් සිරගතව සිටින ඉරාන විශිෂ්ටතම නිර්මාණකරුවකු වන ජෆාර් පනාහී වැනි චරිත තුල ඇති පෞර්ෂත්වය අති විශිෂ්ට වේ. වසර විසි ගනනක සිරගත කිරීම් වලට පිටුවහල් කිරීම් වලට තාඩන පීඩනයන්ට නතුව, ජීවත් වීම පිළිබඳව පවා ප‍්‍රබල අවඳානමකට ලක්ව ඇති මොවුන් තවමත් තම මතය තුලම නොසෙල් වී සිටීම අප රටේ මාධ්‍යයවේදීන්ට නම් විහිළුවක් වනු නො අනුමානය.
තම නිදහස් අදහස් ඉදිරියේ තම ජීවිතය පවා උගසට තබන මෙවැනි මිනිසුන්ගෙන් ජීවිත වල අවසන් හුස්ම පොඳ කවදා හෝ දිනෙක මේ වා තලයට මුසු වන්නේ ගෞරවාන්විත ලෙසිනි.
හිට්ලර් ගේ නට්සි පාලන යුගයේ කෲර වඳ බන්ධනයන්ට යටත්ව මරා දමන ලද උත්තරීතර ජනමාධ්‍යය කරුවකුවන ජුලියස් පුචික් (Julius Fučik) ගේ වදනකින් මෙම ලිපිය අවසන් කරමි.
නිතරම අපි ඔට්ටුවට තබන්නේ මරණයයි. ගොස්ටාපෝවට හසු වීම යනු අවසානය බව අපි දන්නෙමු. එම අවසානය ගැන මා හට සඳහන් කල නොහැක. අවිනිශ්චිතයි. එහෙත් මෙය සැබෑ යථාර්තයකි. අවසන් ජවනිකාවට තිරය විවෘත කිරීමට ආසන්නය. මිත‍්‍රවරුනි මම ඔබලාට ආදරය කරමි. එබැවින් ආරක්ෂාවන්න.
Post a Comment