චීනයේ කතාව
චීනයේ ඩෙලියෑන් නගරය සතුව විශ්වවිද්‍යාල 22 ක් ඇත. එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව ලක්ෂ 2 ක් පමණ වේ. මෙම සිසු සිසුවියන්ගෙන් ලක්ෂයක් පමණ දෙනා ඉන්ජිනේරු හෝ විද්‍යාවේදී උපාධිධරයන් ලෙස සරසවියෙන් පිටව යයි. එහෙත් ඉතිහාසය හා සාහිත්‍ය වැනි කලා විෂයයන් හදාරණ සිසුන් පුරා වසරක් ඉංගී‍්‍රසි භාෂාව සහ ජපන් භාෂාව සමග පරිඝනක විද්‍යාවද අනිවාර්යයෙන් උගත යුතුය. මක් නිසාද යත් එවිට ඔවුන් රැකියාවල යෙදවිය හැකි උපාධිධරයන් බවට පත්වන බැවිනි.
ලංකාවේ කතාව
ශී‍්‍ර ලාංකීය උසස් අධ්‍යාපන ක‍්‍රමය මෙයට ඉඳුරාම වෙනස් වේ. ලක්ෂ 02 කට ආසන්න සිසුන් ප‍්‍රමාණයක් සමග තරඟකර විශ්වවිද්‍යාලයට තේරීපත්වන අතලොස්සක් වූ පිරිස විශ්වවිද්‍යාලය තුළ වසර 04 ක් ගෙවා දමන්නේ සංකල්ප, මූලධර්ම සහ නිබන්ධන තුළ හිරවෙමිනි. ඔවුන්ට ප‍්‍රායෝගික කුසලතා හෝ ප‍්‍රායෝගික කි‍්‍රයාකාරකම් පිළිබඳව කිසිඳු දැනුමක් නොමැත. ඉංග‍්‍රීසි භාෂා දැනුම හෝ වෙනත් භාෂාමය දැනුම හෝ පරිඝනක ආශ‍්‍රිත දැනුම වර්දනය කරගැනීමට ඔවුන් කටයුතු නොකිරීම මෙයට හේතු වේ. ඒ නිසාම රැුකියා විරහිත උපාධිධාරී පිරිසට එකතු වන ලාංකීය විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ ප‍්‍රමාණය දිනෙන් දින ඉහළ යයි.
* * * * *
පවතින රජයට හෝ පැවති රජයට බැණ වැදීම මෙයට විසඳුම නොවේ. හැකිතාක් තමන් සතු න්‍යායාත්මක දැනුම ප‍්‍රායෝගික තලයට ගෙන ඒමට හැකි කුසලතාවයන් වර්ධනය කර ගැනීමට උත්සාහ කළ යුතු වේ. එවැනි බාහිර දැනුවෙන් සන්නද්ධ දක්ෂයන්, නිපුනයන් තම ආයතනයට බඳවා ගැනීඹට බොහෝ ආයතන සැදී පැහැදී සිටී. නමුත් අප තවමත් න්‍යායාත්මක කරුණු තුළ පොත් ගුල්ලන් මෙන් සිරවී සිටිති.
ඉන්දියාව හා චීනය ගෝලීයකරණ කි‍්‍රයාවලිය තුළ සාධනීය ලෙස තම ශ‍්‍රම බලකාය, ආකල්ප සහ ආර්ථිකය යහපත් කරගනිමින් සිටින්නේ විශ්මයජනක ලෙසය. තම දැනුම දිනෙන් දින වර්ධනය කර ගැනීමට වඩාත් සාර්ථක ක‍්‍රමෝපායන් යොදන්නට ඔවුහූ කටයුතු කරති. සාර්ථක විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙකු සමාජයට මුදා හැරීම එම කි‍්‍රයාවලියේ එක් පියවරකි.
දැනුමෙන් හා ප‍්‍රායෝගික කුසලතාවයන්ගෙන් සන්නද්ධ විද්‍යාර්ථීන් එලෙසින් ලොවට බිහිවෙන යුගයක ශී‍්‍ර ලාංකීය ශ‍්‍රමිකයන් වන අපට ගෝලීය වෙළඳපොල අභියෝගයක් වනු නිසැකය.
Post a Comment