Loading...

රාජ්‍ය සේවය පිණිස තොරතුරු සඟවනු ලැබේ.



බත්තරමුල්ල ‘සෙත්සිරිපාය’ ගොඩනැගිලි සංකීර්ණයෙහි 09 වෙනි මහලෙහි පිහිටි මහාමාර්ග, වරාය සහ නාවික කටයුතු අමාත්‍යංශය වෙත මා ගියේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය පිළිබඳ අධ්‍යයන අවශ්‍යතාවයක් පරිදි මා විසින් සකස් කරමින් සිටි ලිපියක් සඳහා තොරතුරු කිහිපයක් ලබා ගැනීමේ අරමුණිනි. එහිදී නීතිමය වශයෙන් මාගේ අධ්‍යන කාර්යය පිළිබඳ තහවුරු කරන ලද, කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයාගේ සහතිකය සහිත ලිපියක්ද මා සතුව පැවතිණි. 

එම ලිපිය ඉදිරිපත් කර, කටුනායක කොළඹ අධිවේගී මාර්ගය පිළිබඳ මට දැන ගැනීමට අවශ්‍යවූ තොරතුරු කිහිපය කෙසේ ලබා ගත යුතු දැයි අමාත්‍යංශයේ සැලසුම් අංශයේ ඉහළ නිලධාරියෙකුගෙන් ඇසූ විට ඔහු කියා සිටියේ තමාට එකී තොරතුරු සැපයීම කළ නොහැකි බවත් සැලසුම් අංශයේ ප‍්‍රධාන අධ්‍යකෂවරියගෙන් අදාළ තොරතුරු ලබා ගත හැකි බවත්ය. මා සතුව පැවති ලිපියද රැුගෙන එකී ප‍්‍රධාන අධ්‍යකෂවරිය වෙත ගිය විට ඇය ලිපිය බලා කියා සිටියේ මෙම ලිපියෙන් ආමන්ත‍්‍රණය කර ඇත්තේ අමාත්‍යංශයේ ලේකම්වරයාට බවත් ඔහු වෙත ගොස් අනුමැතිය ලබා ගන්නා තෙක් අවශ්‍ය තොරතුරු ලබා දිය නොහැකි බවත්ය. මා අමාත්‍යංශ ලේකම්වරයා සිටින කාර්යාල කාමරය වෙත ගියවිට එතුමා මදක් බැහැර ගොස් ඇති බැවින් ටික වේලාවක් රැුඳී සිටින ලෙස මා හට දැනුම් දෙන ලදි. එදින අමාත්‍යංශයේ මහජන දිනය වුවද ඒ වනවිටත් ලේකම්වරයා කාර්යාලයෙන් පිටතට ගොස් තිබිණි. වේලාව උදෑසන 10 පසුවී තිබිණි. විශාල පිරිසක් ඒ වනවිටත් ප‍්‍රධාන ලේකම්වරයාගේ කාර්යාලය ඉදිරිපිට රැුඳී සිටියහ. මා ලේකම්වරයාගේ කාර්යාල කාර්ය සහායකවරයා හමුවට නැවත වරක් ගොස් කියා සිටියේ අධ්‍යයන අවශ්‍යතාවයක් උදෙසා ඉතාම සරල තොරතුරු කිහිපයක් පමණක් මට අවශ්‍යව ඇති බවයි. නමුත් ඔහු එම එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර සිටියහ. දුරකතනය හරහා නැවත වතාවක් මා කලින් මුණගැසුණු අධ්‍යකෂවරිය සමග කතා කළ ඔහු සඳහන් කර සිටියේ මෙම ශිෂ්‍යාව කුමන තොරතුරක් ඉල්ලා සිටිනවාද යන්න පැහැදිලි නැති බවත් කිසිඳු තොරතුරක් පිටතට ලබා නොදෙන ලෙස තමන්ට උපදෙස් ලැබී ඇති බවත්ය. 

මා කොතෙකුත් ඔවුන්ට තේරුම් කර දීමට උත්සාහ කළද මා හට අවශ්‍ය තොරතුරු ලබා දීම ඔවුහූ එක හෙළාම ප‍්‍රතික්ෂේප කරන ලදි. අමාත්‍යංශ ලේකම්වරයා සිය කාර්යාලයට පැමිණෙන තෙක් දහවල් 11.30 පමණ වන තෙක් රැුඳී සිටි මා ඔහු නොඑන බව තේරුම් ගෙන සෙත්සිරිපාය කාර්යාල සංකීර්ණයෙන් පිටතට පැමිණියේ මාගේ අධ්‍යන අවශ්‍යතාවය පිළිබඳව තොරතුරු හිමි නොවීම ගැන කනස්සල්ලෙනි. 

රටක ජීවත්වන මිනිසුන්ට තොරතුරු දැනගැනීමේ අයිතියක් ඇත. එය මිනිසුන්ට හිමිවිය යුතු ප‍්‍රධානතම අයිතිවාසිකමකි. පාලන බලය හොබවන්නන් සහ රාජ්‍ය පරිපාලන කේෂ්ත‍්‍රයේ ඉහළ නිලධාරීන් තමන් සතු තොරතුරු මහජනතාවගෙන් සඟවා තබා ගන්නේ නම් එහි ඇත්තේ් ඔවුන්ගේ කි‍්‍රයාකාරීත්වය තුළ ඇති විනිවිදභාවය පිළිබඳ ගැටළුවකි. අධ්‍යයන අවශ්‍යතාවයක් මූලික කරගනිමින් විශ්වවිද්‍යාල සිසුවෙකුට යම් තොරතුරක් එම ආයතනවලින් ලබා ගත නොහැකි නම් රටේ ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය පිළිබඳව අපට හොඳින්ම වටහා ගත හැක. දූෂිත පාලනයත් ඔවුන්ගේ අතවැසියන් ලෙස සේවය කරන රජයේ නිලධාරීනුත් අවබෝධ කරනොගත් එක් කාරණයක් ඇත...

සේවය කිරීම යනු තමාට පැවරෙන රාජකාරිය අකුරට ඉටු කිරීම නොවේ. යහපත ලබා ගැනීම පිණිස අයහපත නොකර සිටීමයි. 

author
සරුංගලේ - the kite blog is on facebook:

This post was written by: Dilini Gamage

සරුංගලේ කියන්නේ නිර්මානයක් - පරිස්සමෙන් හදලා, හැඩය එන්න පාට කඩදාසි අලවලා, කල්යල් බලලා උඩු හුලඟට එකතු කරපු නිර්මානයක්. සරුංගලේ කියවන්න ඔබ වැය කරන හැම මිනිත්තුවක්ම ඔබේ ජීවිතයට වැදගත් යමක් එක් කරන මිනිත්තුවක් වෙනවාමයි. ඒ නිසා ඉඩක් ලැබෙන හැම වෙලාවකම සරුංගලේට ගොඩ වෙන්න. සරුංගලේ ගැන ඔබට හිතෙන දේවල්, ගුන දොස් හැම දෙයක්ම මට කියන්න.

ඊමේල් මගින් සම්බන්ධවන්න
Share this Post Share to Facebook Share to Twitter Email This Pin This

Post a Comment

© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.
Back To Top