සරුංගලේට 'සරුංගලේ' කියන නම තිබ්බේ ඇයි කියලා බොහෝ දෙනා අහනවා. මේ සරුංගලේ කතාව...
අම්මගෙ නූල් බොලේ හෙමින් අරගෙන මමයි මල්ලියි මිදුලට දුවන්නේ සරුංගල් අරින්න. මල්ලි සරුංගලේ මගේ අතට දීලා ඈතට ඈතට නූල ඇදගෙන යනවා. අපි දෙන්නම ලොකු හුළඟක් එනකන් බලාගෙන ඉන්නවා. එකපාර ලොකු හුළඟක් ආපු ගමන් මල්ලි මට සරුංගලේ අතාරින්න කියලා කෑගහනවා. මම සරුංගලේ අතාරිනවා. මල්ලි නූල ඇදගෙන දුවන්න පටන් ගන්නවා. මමත් සරුංගලේ පස්සෙන් දුවන්න පටන් ගන්නවා.
අම්මගෙ නූල් බොලේ හෙමින් අරගෙන මමයි මල්ලියි මිදුලට දුවන්නේ සරුංගල් අරින්න. මල්ලි සරුංගලේ මගේ අතට දීලා ඈතට ඈතට නූල ඇදගෙන යනවා. අපි දෙන්නම ලොකු හුළඟක් එනකන් බලාගෙන ඉන්නවා. එකපාර ලොකු හුළඟක් ආපු ගමන් මල්ලි මට සරුංගලේ අතාරින්න කියලා කෑගහනවා. මම සරුංගලේ අතාරිනවා. මල්ලි නූල ඇදගෙන දුවන්න පටන් ගන්නවා. මමත් සරුංගලේ පස්සෙන් දුවන්න පටන් ගන්නවා.
සරුංගලේ උඩට නගින්නේ හිමිහිට හිමිහිට. අපි දෙන්නම සරුංගලේ ඇදගෙන තව හයියෙන් දුවනවා. සරුංගලේ අහස උඩටම නැග්ගාම අපි දෙන්නා උඩ පැන පැන හිනා වෙනවා. එදා සරුංගලේ අපේ ජීවිත ලස්සන කළේ එහෙමයි.
විශ්වවිද්‍යාලයට ආවට පස්සේ ආයෙමත් අපිට සරුංගලේ දකින්නට ලැබුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ අයටනම් සරුංගලේ අලූත් තැනක් නෙවෙයි. යාළුවන්ට එකතු වෙලා කතා කර කර ඉන්න, ආදරේ කරන අයට ලංවෙලා ඉන්න, හිතට දැනෙන දේ කතා කරකර ඉන්න සරුංගලේ හැමවෙලාවේම ගොඩාක් අයට සෙවණ දුන්නා. සරුංගලේ බිත්ති ගොඩාක් අයගේ අදහස්වලට ඉඩ හදලා දුන්නා. ඒ සරුංගලේ ඇතුළේ දහසක් දේවල් හැංගිලා තියෙනවා. අපේ විශ්වවිද්‍යාල ජීවිතේ සරුංගලේ නිසා ලස්සන වුණේ එහෙමයි.
කාලය ගත වෙද්දී සරුංගලේ අපෙන් ඈත් වුණා. ඒත් සරුංගලේ ජීවිතේට කියලා දුන්න දේවල් බොහොමයක් තිබුණා. සරුංගලේ උඩට නැග්ගේ ශක්තිමත් නූලකින්. ඒත් ඒ නූල කිසිකෙනෙකුට පෙනුණේ නැහැ. මගේ බ්ලොග් අඩවියේ නමත් සරුංගලේ.
'සරුංගලේ' කියන්නේ නිර්මානයක් - පරිස්සමෙන් හදලා, හැඩය එන්න පාට කඩදාසි අලවලා, කල්යල් බලලා උඩු හුලඟට එකතු කරපු නිර්මානයක්. 'සරුංගලේ' කියවන්න ඔබ වැය කරන හැම මිනිත්තුවක්ම ඔබේ ජිවිතයට වැදගත් යමක් එක් කරන මිනිත්තුවක් වෙනවාමයි. ඒ නිසා ඉඩක් ලැබෙන හැම වෙලාවකම 'සරුංගලේ'ට ගොඩ වෙන්න. 'සරුංගලේ' ගැන ඔබට හිතෙන දේවල්, ගුන දොස්, හැම දෙයක්ම මට කියන්න.
12 comments
සරුංගලේ හැඩ බලන්න එන්න නම් පුලුවන් ඒත් ප්‍රශ්ණෙ මේ පෝස්ට් එකත් බ්ලොග් රෝල් වල අප්ඩේට් උන්නෑනෙ. පොඩ්ඩක් ඒ ගැන බලන්න. තව fb එකෙත් ශෙයා කරන්න.
Replyඅනේ මන්දා. මාතලන් සහ අවකාශය සින්ඩි දෙකටම මේක එකතු කරා. ඒත් ඒ එකකවත් මේ පොස්ට් එක නෑ. rss-feedවල ප්‍රශ්නයක්ද දන්නේ නෑ. :(
Replyදිලින් RSS Feed එක හදන්න බලන්න.. මම හිතන්නේ එතන ලෙඩක්. සොලිඩ් බ්ලොග් එක දුකේ බෑ.. අපි හදාගමු කොහොම හරි... මෙන්න මෙතනින් ට්‍රයි කරලා බලන්න.. සින්ඩියේ තියෙනවා.. ඒත් අප්ඩේට් වෙන්නේ නෑ..
Replyhttp://www.freetech4teachers.com/2013/09/how-to-add-rss-feeds-and-blog-roll-to.html
RSS feed එකේ වෙන්න ඇති ප්‍රශ්නේ තිබුනේ. ඒක redirect වෙලා තිබුනා feedburner account එකට. දැන් ඒක අයින් කරා. පොස්ට් එකක් දාලම බලමු හරිගිහින්ද කියලා. බොහොම ස්තුතියි උදව් කරනවාට.
Replyජයවේවා!!!!!
Replyබොහොම ස්තුතියි. :)
Replyඅනිවා.... අපි එනව කියවන්න.... ලියන්න රසට.....
Replyසුභ පැතුම්.....!
බොහොම ස්තුතියි. ගොඩාක් රසවත්ව නම් ලියන්න බැරිවෙයිද මන්දා. කාලීන මාතෘකා ගැන තමයි වැඩිපුර ලියන්න හිතාගෙන ඉන්නෙ.
Replyකාලින ඒව තමයි අවශ්‍ය.... ඒගැන අපේ ගොඩක් කට්ටිය දැනුවත් නැහැ... වල්පල් ගැන මිසක්ක....
Replyතාම වැඩේ හරි නෑ නේද...? ආයෙත් පෝස්ට් එකක් දැම්මාම මට මේල් එකක් එවන්න. නැත්නම් මිස් වෙයි. ස්තූතියි.
ReplyYour writing style is very nice. Go ahead. Good luck.
ReplyThank you very much Aruna Sir.
ReplyPost a Comment