1948 වර්ෂයේ දී කොරියානු අර්ධද්වීපය දෙකඩ කරමින් කොරියානු ප්රජාතන්ත්රවාදී මහජන සමූහාණ්ඩුව හෙවත් උතුරු කොරියාව බිහිවුයේ කිම් ඉල් සුන්ග් එරට උත්තරීතර නායකයා ලෙසින් පත්වෙමිනි. මුල් කාලීනව ප්‍රබල අගමැතිවරයෙකුවූ මොහු පසුකාලීනව එරට ජනාධිපතිවරයා බවට පත්විය. වසර 56 ක් ඉතා දැඩි පාලන රටාවක් ගෙන ගිය කිම් ඉල් සුන්ග් ජනාධිපතිධූරයේ කටයුතු කරමින් සිටින අතරතුරදීම මියගිය අතර ඔහුගෙන් පසුව ඔහුගේ පුත් කිම් ජොන්ග් ඉල් උතුරු කොරියාවේ උත්තරීතර නායකත්වයට පත්වේ.
Loading...
Home » All posts
පවුල්වාදයේ හවුල්වාදය.
1948 වර්ෂයේ දී කොරියානු අර්ධද්වීපය දෙකඩ කරමින් කොරියානු ප්රජාතන්ත්රවාදී මහජන සමූහාණ්ඩුව හෙවත් උතුරු කොරියාව බිහිවුයේ කිම් ඉල් සුන්ග් එරට උත්තරීතර නායකයා ලෙසින් පත්වෙමිනි. මුල් කාලීනව ප්‍රබල අගමැතිවරයෙකුවූ මොහු පසුකාලීනව එරට ජනාධිපතිවරයා බවට පත්විය. වසර 56 ක් ඉතා දැඩි පාලන රටාවක් ගෙන ගිය කිම් ඉල් සුන්ග් ජනාධිපතිධූරයේ කටයුතු කරමින් සිටින අතරතුරදීම මියගිය අතර ඔහුගෙන් පසුව ඔහුගේ පුත් කිම් ජොන්ග් ඉල් උතුරු කොරියාවේ උත්තරීතර නායකත්වයට පත්වේ.
අධිවේගී මාර්ගය ගමන් කරන්නේ කොතැනටද?
ආශ්චර්යමත් ශී‍්‍ර ලංකාවක් තැනීමේ සංවර්ධන කි‍්‍රයාවලියේදී රටේ ප්‍රවාහන ගැටළුව අවම කිරීමත් වඩාත් කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවයක් ඇරඹීමත් පවතින රජයේ මූලික අරමුණ වේ. ඉදිරි වසර 06 ක කාලය තුළ මෙරටේ පොදු ජනතාවට යහපත් ප්‍රවාහන සේවයක් ලබාදීම සඳහා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ - මාතර අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් අධිවේගී මාර්ගය යන මාර්ග කඩිනමින් ඉදිකරන බව වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්රකාශනය ලෙසින් සැලකිය හැකි ‘මහින්ද චින්තනය’ හි සඳහන් වේ. එකී අරමුණ ශාක්ෂ්යාත් කරගැනීමේ මූලික පියවරක් ලෙසින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකරන ලද අතර ඉකුත් ඔක්තෝබර් මස 27 වන දින එහි දෙවන පියවර ලෙසින් කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය (E03) ජනතා අයිතියට පත් කරන ලදි.
Filed Under:
Features
on Monday, March 17, 2014
භාෂණයේ නිදහස - අහිමි වන්නට පෙර ලියා තබන වග නම්..
ශී‍්‍ර ලංකාවට ලේඛනය ප්රකාශනය සමීප වන්නේ ලන්දේසින්ගේ ප්රකාශනාත්මක නිපැයුමක් ලෙසිනි. ලන්දේසි ආඥා පොත මුද්‍රණය කිරීමත් සමගම ලාංකිකයන්ට ඒ හා සමීප වීමට ඉඩ කඩ සපයා දෙන්නේ ගේබ්‍රියල් කාටර් නම් මුද්‍රණ ශිල්පියා විසිනි. නමුදු පසුකාලීනව ලාංකීය භාෂණ ප්‍රකාශන නිදහස උපන් ගෙහිම මරා දමමින් ඔහුව කෲර වද බන්ධන යටතේ සිරගත කරන ලද්දේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම හමුවේ අත්වන ඉරනම සමාජයට පසක් කරවමිනි.
Filed Under:
Human Rights
on Thursday, March 13, 2014
© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.