අහස කළුවර වුණා, පොදේට පටන් ගත්ත වැස්ස ගොඩාක් තද කළා. හැමෝම හුඟක් කලබලෙන් සෙවණ තියෙන තැන්වලට ගොඩවුණා. මම ඒ අතර අතේ තිබ්බ කුඩය ඉහල ගත්තා.
මොර සූරන වැස්සෙනුත්, ගිනියම් වෙච්ච අව්වෙනුත් අපි බේරෙන්නේ කුඩය නිසා. කුඩය අපිට සෙවණ ලබා දෙනවා, අපේ වැඩ පහසු කරනවා. ඒත් මේ කුඩය මේ විදියට සෙවණ ලබා දුන්නේ අපිට විතරක්ම නෙවෙයි.
කි‍්‍රස්තු පූර්ව 1200 තරම් ඈත කාලේ ඉඳලා වර්ෂාවෙනුත් අව් රශ්මියෙනුත් බේරෙන්න මිනිස්සු කුඩයක ආකෘතිය ගත්තු වියන් පාවිච්චි කරලා තියෙනවා. ඊජිප්තුවේ රදළවරුන් තමන්ගේ ගමන් බිමන්වලදී වියන් ඉහළ ගත්තු වහල්ලූන් පිරිවරාගෙන ගමන් ගියා. ඒත් කි‍්‍රස්තු පූර්ව 1000 විතර වෙද්දී චීන ජාතිකයෝ කුඩය හදලයි තිබුනේ.
ලෝකයේ පළමු කුඩයේ අයිතිකරුවා වුණේ 'ලෝ පෑන්' කියන වඩුවා කාර්මිකයාගේ බිරිඳයි. ඇගේ කුඩය අතේ ගෙනියන්න පුළුවන් අලංකාර හුරුබුහුටි එකක් වුණාලූ. ටික කාලෙකින් චීන අධිරාජ්‍යයා මේ කුඩය තමන් සතුකර ගත්තට පස්සේ ඒ කුඩය තට්ටු 04 කින් විතර වුණා. බැලූ බැල්මට මේ කුඩය චෛත්‍යයකට ආකෘතිය ගත්තා. සියම් රජු සතුවත් මේ කුඩයට වඩා විශාල කුඩයක් තිබුණා. ඒ කුඩයේ තට්ටු ගණන 07 ක්. රෝම ජාතිකයන් පාවිච්චි කළ කුඩවලත් තට්ටු ගණන, සැරසිලි රටා විශාල ගණනක් තිබුණා.
ලෝකයේ අගනාම කුඩ අයිති වුණේ ප‍්‍රංශයේ 13 වැනි ලූවී රජතුමාට. ඔහුගේ කුඩය රනින් සහ රිදියෙන් කෙරුණු මිටකින් සහ වටිනා සේද රෙද්දෙන් කළ තට්ටු 11 කින් යුතු එකක්. මේ සෑම තට්ටුවක්ම එක් එක් වර්ණයෙන් යුක්ත වුණා.
ඉන්දීය විශ්වාසවලට අනුව කුඩය සශී‍්‍රකත්වය, අස්වැන්න, මරණය සහ පුනරුත්පත්තිය සංඛේතවත් කරන සංඛේත. හින්දු දෙවිවරයෙකු වන විශ්ණු අපායේ තිබී වැස්සත් කුඩයත් මනු ලොවට ගෙනා බව පැරණි දේව කථාවල සඳහන් වෙනවා. ඉන්දීය රාජ කුමාරවරුන් මිය ගියාට පස්සේ ඔවුන්ගේ තනි නොතනියට මිනී වලේ කුඩයක් සවි කිරීම අතීතයේ රාජ වංශවල සිදුවෙලා තියෙනවා.
ලෝකයේ කුඩ නිෂ්පාදනය කරන ප‍්‍රසිද්ධම මිනිසුන් සිටින්නේ හිග්නීස් කියන ඉතාලියානු ගම්මානයේ. හිග්නීස් ගම්මානයේ වැසියන් සංචාරකයන් දස දහස් ගණනකට ඈත අතීතයේ සිටම කුඩ වෙළඳාම් කරනවා. මේ ගැන ප‍්‍රසිද්ධ වුණාට පස්සේ දෙවැනි ලෝක යුධ සමයේ හිග්නීස් ගමේ හදපු කුඩ එකතු කරලා පුංචි කුඩ කෞතුකාගාරයක් හැදුවා. ඒ කෞතුකාගාරයේ නම ‘ටියුෂෝ සෙලෙම්බු ලෝ’
කුඩය ඉංගී‍්‍රසි භාෂාවෙන් හැඳින්වෙන්නේ Umbrella කියලයි. ලතින් භාෂාවෙන් Umbela හෙවත් Umbra කියන වචනෙනුත් පුරාණ ගී‍්‍රක භාෂාවේ එන ombros කියන වචනෙනුත් තමයි මේ ඉංගී‍්‍රසි පදය හැදිලා තියෙන්නේ. මේ වචනවල තේරුම ‘පුංචි සෙවණැල්ල’ කියන එකයි.
එංගලන්තයට umbrella හෙවත් කුඩය හඳුන්වලා දුන්නේ ජොහස් හැන්වේ විසින්. ඔහු එක්දහස් අටසිය ගණන්වල කුඩයක් ඉහළගෙන ලන්ඩනයේ වීදි පුරා ඇවිද්දා. හුඟක් අයට මේ දර්ශනය ලොකු විහිලූවක් වුණා, සමහරු අය ඔහුට උසුළු විසුළු කරා. ඒත් ජොහස් ඒ ගැන හිතන්නේ නැතිව වැස්සටත් අව්වටත් දිගටම කුඩය ඉහළගෙන ගියා.
වැඩි කල් යන්න කලින් එංගලන්තයේ ප‍්‍රභූන් තමන්ගේ වංශවත් බව පෙන්වන්න සංඛේතයක් විදියට කුඩය පාවිචිචි කළා. ටික කාලෙකින් කුඩය විලාසිතාවක් බවට පත්වුණා.
අද වෙද්දි කුඩය ඉක්මනින් දිගාරින්න පහසු ස්වයංකී‍්‍රය ක‍්‍රම එක්ක අලූත් වෙලා. දෙකට - තුනට නවන්න පුළුවන්, ගමන් බිමන් ගෙනියන්න ඉතා පහසු විදියට හදපු කුඩ මිනිසුන්ගේ විලාසිතා අතර ජනපි‍්‍රය අංගයක් වෙලා
(Images were taken from; respectively - Colossal, Google images, Caroline Mawer )
3 comments
දිලිණි අවුරුද්දකට විතර එක පාරක් පෝස්ට් දාන එක ගැන සපුරා විරෝධය. !
Replyමේ දවස් වල එහෙටවත් මෙහේටවත් නැති පොලිටික් කතා දැකල බ්ලොග් එපා වෙලා ඉන්නේ.( මම පොලිටිකල් බ්ලොග් වලටත් ආසයි ඒත් මේ අර අයි ටී එන් සිළුමිණ වගේ ස්වරයෙන් එහාට. කළු හෝ සුදු නොවෙන විචාරාත්මක ලිපි වලට. )
මේ දවස් වල මේ වගේ පෝස්ට් හොය හොයා කියවන්න ආසත් එකයි.
ඒ වගේම අද කුඩය නැතිනම් කුඩ මිට ගෑණු දරුවන්ගේ පෞද්ගලික අාරක්ෂකයාත් වෙලා. කොටින්ම කියතොත් කුඩයක් නැතිව බස් ඒකක යන්නත් බැරිතරම් අද ගෑණු ළමයෙකුට.
Replyබෞද්ධ සාහිත්‍ය මූලාශ්‍රය දක්වන විදිහට සහම්පති මහා බ්‍රහ්මයා යොදුන් තුනක් දිග තියෙන සුදු පැහැ කුඩයක් තිබෙන බව කියවෙනවා. බුදුන් වහන්සේට විවිධ අවස්ථාවලදී ඒ කුඩයෙන් සෙවණ ලබාදුන්නු බවත් කියවෙනවා
ReplyPost a Comment