Loading...

විවෘත විශ්වවිද්‍යාලය විවෘත නැත



1978 වර්ෂයේදී එවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය නිශ්ශංක විජේරත්න මහතාගේ සංකල්පයකට අනුව මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලය එක්වේ. ඒ විවෘත සහ දුරස්ථ අධ්‍යාපන ක‍්‍රම යොදාගනිමින් කාර්යක්ෂම සහ ඵලදායී ඉගෙනුම් කි‍්‍රයාවලියක් ඇතිකිරීමේ අභිලාෂයෙනි. 

ආරම්භයේ සිටම ගුණාත්මක සහ සුවිශිෂ්ඨ අධ්‍යාපනයකට මාර්ගය සැපයූ විවෘත විශ්වවිද්‍යාලය 2009 වර්ෂය වනවිට මෙරට විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතුරින් 04 වන ස්ථානය තරම් ඉහළ තත්ත්වයක පසුවිය. සිසුන් 36000 කට අධික සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබා දෙන පීඨ 04 ක් සහ දිවයින පුරා විසිරී පිහිටි අධ්‍යාපන මධ්‍යස්ථාන 21 කට අධික සංඛ්‍යාවකින් යුත් විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන සහ පරිපාලන ගුණාත්මකභාවයට මෑතක සිට අත්ව ඇත්තේ එතරම් සුබවාදී තත්ත්වයක් නම් නොවේය. 

විශ්වවිද්‍යාලයේ වර්තමාන උපකුලපති ආචාර්ය විජිත නානායක්කාර මහතා 2011 වර්ෂය අවසාන භාගයේදී  සිය ධූරයේ වැඩභාරගැනීමෙන් පසු ගතවූ වසර 02 ක පමණ කාලය තුළ විවෘත විශ්වවිද්‍යාලය මෙරට විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකිරීම්වල 07 වන ස්ථානය දක්වා පහළට ඇදවැටුණි ( ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකිරීම් - උසස් අධ්‍යාපන අමාත්‍යංශය). 


උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකිරීම් 


විවෘත විශ්වවිද්‍යාලයට අත්ව ඇති මේ ඉරණම පසුපස ඇති තත්ත්වය සමාලෝචනය කරනු ලැබුවහොත් එහිලා හේතුවූ මූලික අර්බුද කිහිපයක් හඳුනාගත හැක. 

ඉන් පළමුවැන්න විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය දේශපාලනය මර්දනය කිරීමට එහි පරිපාලනය දරණ උත්සාහයයි. දෙවැන්න විශ්වවිද්‍යාලයේ පරමාර්ථයන් අතික‍්‍රමණය කරමින් එහි පාඨමාලා සඳහා අයකරන ගාස්තු 80% කින් ඉහළ නැංවීමට පරිපාලනය කටයුතු කර තිබීමයි. තුන්වැන්න විශ්වවිද්‍යාලය සතු දේපළ කිසිඳු වගවිභාගයකින් තොරව පිරස්තර ආයතනවලට කුලියට දීමට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට ඇති හැකියාවයි. සිව්වැනි සහ වඩාත්ම බරපතල ගැටලූව වනුයේ විශ්වවිද්‍යාලය තුළ උපකුලපතිවරයා සෙසු ආචාර්යවරුන්ගේ අදහස් සැලකිල්ලට නොගන්නා ඒකාධිපතියෙකුගේ තත්ත්වයට පත්ව තිබීමයි. 

2011 වර්ෂයේ උපකුලපතිවරයා විවෘත විශ්වවිද්‍යාල පරිපාලය සියතට ගනුයේ සැමට අධ්‍යාපනය ලබා දීමේ පරමාර්ථය පසෙකලා පෞද්ගලික විශ්වවිද්‍යාල සමග තර`ග කිරීමේ පරමාර්ථයෙනි. එහි පළමු පියවර වනුයේ විවෘත විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය දේශපාලනය තහනම්වීමයි. එතෙක් බොහොසෙයින් සකී‍්‍රයව පැවැති විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නිල කාලය 2012 වසරේ පෙබරවාරි 14 වන දිනයෙන් අවසන් වේ. එතැන් පටන් මේ දක්වා මහා ශිෂ්‍ය සංගමය නැවත ස්ථාපනය කිරීමේ උත්සාහයන්ට විශ්වවිද්‍යාල පරිපාලනය බාධා පමුණුවමින් සිටී. 

මහා ශිෂ්‍ය සංගමයේ නිල කාලය අවසන්වූ දින සිට දින 30 ක් ඇතුළත නිලවරණයක් පවත්වමින් ඒ සඳහා නව ශිෂ්‍ය නියෝජිතයන් තෝරා ගතයුතුවුවද ඒ සඳහා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් ලබාදිය යුතු අනුමැතිය මෙතෙක් හිමිව නොමැත. ශිෂ්‍යයින් මේ පිළිබඳව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය උපදේශකවරුන්ගෙන් කරුණු විමසීමට උත්සාහ කළද ඔවුන්ගේ පිළිතුරවී ඇත්තේ එය උපකුලපතිවරයාගේ තීරණයකි යන්න පමණි. සිය තීරණය පිළිබඳව ශිෂ්‍ය නියෝජිතයින් හෝ මහා ශිෂ්‍ය සංගමයේ ජ්‍යේෂ්ඨ භාණ්ඩාගාරික ධූරය හොබවන ආචාර්යවරයා හෝ දැනුවත් කරන්නට උපකුලපතිවරයා මෙතෙක් කටයුතු කර නොමැත. 

විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍යයින් එකට එක්වී සිය අධ්‍යාපන කටයුතුවල යෙදීම, දේශන ශාලාවල දොර විවෘත කරගැනීම, කී‍්‍රඩාංගනයේ කී‍්‍රඩා කිරීම, නේවාසිකාගාරවල රැඳී සිටීම වැනි කරුණු පවා පංති තහනමකට ලක්වීමට හේතුවන කරුණු බවට පත්ව ඇත. 

සවස 05 සිට පසුදා උදෑසන 07 දක්වා කාලය තුළ ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල භූමියේ රැුඳී සිටීම ‘නීති විරෝධී’ කි‍්‍රයාවක්ව ඇත. එබැවින් ශිෂ්‍යයන් සවස 05 ට විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත්වීම අනිවාර්යවේ. අධ්‍යයන කටයුතුවල නිරතවීම සඳහා ප‍්‍රමාණවත් ඉඩ පහසුකම් විශ්වවිද්‍යාලයේ පුස්තකාලය තුළ නොමැති අවස්ථාවක වුව අධ්‍යාපන කටයුතු සඳහා දේශන ශාලා විවෘත කරගැනීමට නම් පීඨාධිපතිවරුන් දැනුවත් කර ඒ හරහා උපකුලපතිවරයාගෙන් අවසර ගැනීමද අනිවාර්ය අවශ්‍යතාවයක්වී ඇත.

විවෘත විශ්වවිද්‍යාලයට සෑම වසරකම ඇතුළත්වන ශිෂ්‍යයන්ගේ කී‍්‍රඩා හැකියාවන් සංවර්ධනය කිරීමේ අරමුණින් යැයි රුපියල් 25 ක මුදලක් විශ්වවිද්‍යාලය විසින් එකතු කරගනු ලබයි. නමුත් මේ වනවිට විශ්වවිද්‍යාලයේ කී‍්‍රඩංගනය තුළ කී‍්‍රඩාකිරීම තහනම් කි‍්‍රයාවකි. යම් ශිෂ්‍යයෙකු කී‍්‍රඩංගනයේ කී‍්‍රඩාකිරීම විශ්වවිද්‍යාලය තුළ අවිනීත ලෙස හැසිරීම නම් වරද යටතට ගැනෙන කි‍්‍රයාවකි. 

සෑම අධ්‍යයන වර්ෂයක් පුරාම දිවයිනේ නොයෙක් දෙසින් පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් කට අධික සංඛ්‍යාවක් විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා ඇතුළත් වේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගනුයේ විශ්වවිද්‍යාලය විසින්ම සපයන නේවාසිකාගාර පහසුකම්ද ප‍්‍රයෝජනයට ගනිමින්. නමුත් මේ වසරේ සිට එම තත්ත්වයද වෙසකට ලක්ව ඇත. පරිපාලනයේ නව නීතිවලට අනුව ශිෂ්‍යයෙකුට විවෘත විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ රැඳී සිටීමට හැකිවන්නේ වසරකට උපරිම දින 30 ක් පමණි. ඒ සඳහා පරිපාලනය විසින් දින 30 ක් ලකුණු කරන ලද කාඞ් පතක් නේවාසිකාගාර පහසුකම් හිමි සිසුන් වෙත ලබාදී ඇත. මෙවැනි පසුබිමක දුරබැහැර ප‍්‍රදේශවල සිට පැමිණෙන, ආර්ථික අපහසුතාවලින් පෙළෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සාපේක්ෂව ඉහළ මිළ ගනන් අය කරන පෞද්ගලික නවාතැන් සොයා යාමට සිදුව ඇත.

වසර 33 කට අධික කාලයක සිට විවෘත විශ්වවිද්‍යාලය තුළ පැවති සංස්කෘතික සංදර්ශන, කලා කටයුතු සහ ආගමික උත්සව 2012 වසරේ සිට තහනමට ලක්වන්නේ උපකුලපතිවරයාගේ නියමයෙනි. මෙම උත්සව සංවිධානය කරලීම සඳහා මූලිකත්වය ගනු ලබන සිසුන් ආයතනයේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් උපකුලපතිවරයා වෙත ඉදිරිපත් කරනුයේ විශ්වවිද්‍යාලයේ නීතිරීති උල්ලංඝණය කළ වරදකරුවකු ලෙස හඳුන්වා දෙමිනි. 

පරිපාලනය සම්බන්ධයෙන් ශිෂ්‍යයන්ගේ අදහස්, යෝජනා හෝ චෝදනා ඉදිරිපත් කළ හැකි පීඨ සභා රැස්වීම්වලට සහභාගීවීමට ශිෂ්‍යයන්ට අවස්ථාව අහුරාදැමීමට විශ්විවද්‍යාල බලධාරීන් කටයුතු කර ඇත. විශ්වවිද්‍යාල පීඨ සභා රැුස්වීමක අනිවාර්යයෙන් නියෝජනය විය යුතු ඒකක අතුරින් ශිෂ්‍ය නියෝජිතයන් යනු ප‍්‍රධානම ඒකකයකි. පීඨ සභාවක් රැස්වෙමින් ගනු ලබන තීන්දු තීරණයන් ශිෂ්‍යයන්ට බලපාන ආකාරය පිළිබඳ ශිෂ්‍ය නියෝජිතයන්ගේ අදහස් විමසීම එහිදී සිදුවේ. නමුත් ගතවූ වසර දෙකකට අධික කාලය පුරාවටම විවෘත විශ්වවිද්‍යාලයෙහි රැුස්වූ කිසිඳු පීඨ සභා රැුස්වීමකට ශිෂ්‍ය නියෝජිතයන් සහභාගී නොවූයේ පරිපාලය විසින් ගෙනයන ශිෂ්‍ය මර්දනය නිසාවෙනි. ඒ අනුව මෙතෙක් රැුස්වූ පීඨ සභාවන් සහ ඒවා මගින් ගනු ලැබූ තීන්දු තීරණ කි‍්‍රයාත්මකවීමද පාර්ශවික සහ නීති විරෝධී කටයුත්තකි. 

විවෘත විශ්වවිද්‍යාල භූමිය සිසුන්ට තහනම් කරමින් ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදෙමින් කි‍්‍රයාකරන එහි උපකුලපතිවරයා විශ්විවද්‍යාලයේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා හරහා ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යභාවය අහෝසිකිරීම් සහ පංති තහනම්වලට ලක්කිරීම් සිදු කරයි. එහිදී උපකුලපතිවරයාගේ කි‍්‍රයාකාරීත්වය බලධාරියෙකු විසින් ශිෂ්‍යයෙකුට එරෙහිව විනය කි‍්‍රයාමාර්ගයන් කි‍්‍රයාත්මක කළ යුතු කි‍්‍රයාපටිපාටිය පවා උල්ලංඝනය කරන ආකාරයේ එකකි. 

විශ්වවිද්‍යාලයේ නීති කඩකිරීමක් පිළිබඳ ශිෂ්‍යයෙකු කිසියම් චෝදනාවකට ලක්වූ සැණින් සිදුවනුයේ අදාළ ශිෂ්‍යයාගේ දෙමව්පියන් වෙත ලිපියක් යවමින් ඔවුන් විශ්විවද්‍යාලය වෙත ගෙන්වීමයි. ඒ හරහා එම ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව ඔවුන්ගේ දෙමව්පියන්ගේ බලපෑම හරහා මර්දනය කිරීමට බලධාරීන් උත්සාහ ගන්නා අතර දින නියමයකින් තොරව එම ශිෂ්‍යයාට විශ්විවිද්‍යාල භූමියට ඇතුළ්වීම තහනම් කරයි. එහිදී ආචාර්ය විජිත නානායක්කාර උපකුලපතිවරයා විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු සතු ස්වකීය කි‍්‍රයාකාරකම්හි නිරත විමේ අයිතිය සහ ශිෂ්‍ය ප‍්‍රජාව සතු නිදහසේ කටයුතු කිරීමේ අයිතිය දැඩිසේ මර්දනය කර ඇත. 

විවෘත විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට මූලිකවූ අරමුණු රාශියකි. ඉතාම සාධාරණ මුදලකට අධ්‍යාපන පහසුකම් ලබාදීමේ අවශ්‍යතාවය ඒ අතුරින් ප‍්‍රධාන කරුණකි. ඒ නිසාවෙන්ම විවෘත විශ්වවිද්‍යාල පාඨමාලා පවත්වාගෙන යාමට වැයවන මුදලින් ඉතා සුළු මුදලක් පමණක් ශිෂ්‍යයන්ගෙන් අයකරගනිමින් අදාළ පාඨමාලාව පවත්වාගෙන යාමට අවශ්‍ය පිරිවැයෙන් ඉතා විශාල කොටසක් රජය විසින් දැරීම මෑතක් වනතුරුම සිදුවිය. ඊට ප‍්‍රධානම හේතුව වූයේ විවෘත විශ්වවිද්‍යාලයේ අරමුණ මුදල් ඉපයීම නොවීමයි. නමුත් මේ වනවිට එම අරමුණ වෙනස්ව ඇත. වර්තමාන විවෘත විශ්වවිද්‍යාලයේ මූලික අරමුණ වී ඇත්තේ මුදල් ඉපයීම පමණි. 
විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම පොදුවේ ගත්කල පියවර ගණනාවකින් සමන්විත එකකි. එහි පළමු සහ දෙවැනි පියවර පදනම් පාඨමාලා ලෙසත්, තුන්වැනි සහ හතරවැනි පියවරයන් ඩිප්ලෝමා මට්ටම ලෙසත්, පස්වැනි සහ හයවැනි පියවරයන් උපාධි මට්ටම ලෙසත් හඳුන්වාදේ. මේ එක් එක් ඒකකයක් සඳහා නිශ්චිත මුදලක් අයකරගනු ලබන අතර එම මුදල වසරින් වසර ඉතා සුළු අගයකින් ඉහළ නැංවීම සිදුවේ. 

මෙතෙක් පැවතුණු සම්ප‍්‍රදායට අනුව යම් වර්ෂයක අයකරගත් මුදල ඊට පෙර වර්ෂය තුළ අයකරගත් මුදලට වඩා වැඩිවන්නේ 10% කට ආසන්න ප‍්‍රමාණයකිනි. දශක 03 කට අධික කාලයක තුළ පැවත ආ මෙම සම්ප‍්‍රදාය නව උපකුලපතිවරයා විසින් වෙනස් කරනුයේ ඇතැම් පාඨමාලා ගාස්තු 150% තරම් අධික අගයන්ගෙන් ඉහළ නංවමිනි.

මෙම වසර සඳහා පදනම් පාඨමාලා මට්ටම සඳහා ඒකකයකට අය කිරීම රුපියල් 400 සිට රුපියල් 1000 දක්වා ඉහළ නංවා ඇත. මේ වැඩිවීම 150% ක් නැතහොත් මුල් අයකිරීම මෙන් තුන්ගුණයකටද වඩා වැඩි ඉහළ නැංවීමකි. ඩිප්ලෝමා පාඨමාලා මට්ටම සඳහා ඒකකයක අයකිරීම රුපියල් 500 සිට 1100 දක්වා 120% කින් ඉහළ නංවා ඇත. උපාධි පාඨමාලා මට්ටම සඳහා ඒකකයක මිල ඉහළ නැංවීම රුපියල් 1000 සිට 1200 දක්වා 20% වශයෙන් වේ. 

ඉංජිනේරු තාක්ෂණ විෂය සඳහා 2013/2014 අධ්‍යයනය වර්ෂය තුළ පළමු සහ දෙවැනි පාඨමාලා හැදෑරීමට අයකරනු ලැබූ මුදල 14400 කි. නමුත් 2014/2015 අධ්‍යයන වර්ෂය සඳහා අයකරගැනීම රුපියල් 36000 කි. 2013/2014 අධ්‍යයන වර්ෂය තුළ තුන්වැනි සහ හතරවැනි පාඨමාලා හැදෑරීමට අයකරගනු ලැබූ මුදල රුපියල් 22500 කි. එය 2014/2015 අධ්‍යයන වර්ෂය සඳහා රුපියල් 49500 කි. 2013/2014 අධ්‍යයන වර්ෂය තුළ පස්වැනි සහ හයවැනි පාඨමාලා හැදෑරීමට අයකර ඇති මුදල රුපියල් 45000 කි. මෙම අගය 2014/2015 අධ්‍යයන වර්ෂය සඳහා රුපියල් 54000 ක් දක්වා ඉහළ ගොස් ඇත. ස්වාභාවික විද්‍යා පීඨයේ තුන්වැනි සහ හතරවැනි පාඨමාලා සඳහා 2012/2013 අධ්‍යයන වර්ෂය තුළ අයකරනු ලැබූ මුදල රුපියල් 29592 කි. එය 2013/2014 අධ්‍යයන වර්ෂය වනවිට රුපියල් 39600 දක්වා ඉහළ නංවා ඇත.

මෙම පාඨමාලා ගාස්තුවලට අමතරව ශිෂ්‍යයන්ගෙන් ලියාපදිංචි ගාස්තුවක් සහ පහසුකම් ගාස්තුවක් ද අයකරගන්නා අතර එය ආසන්න වශයෙන් රුපියල් 2000 ක මුදලකි. මෙම සියලූ පාඨමාලා ගාස්තු තීරණය කිරීමත් ඒවා කි‍්‍රයාවට නැංවීමත් සිදුවන්නේ හුදෙක් උපකුලපතිවරයාගේ රුචිඅරුචිකම්වලට අනුවය. එම නිසා ඔහු විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ හෝ ශිෂ්‍යයන්ගේ අදහස්වලට ඇහුම්කන් නොදේ.

විශ්වවිද්‍යාලයේ ඇතැම් පාඨමාලාවන්හි ගාස්තු ඉහළ නංවන්නට උපකුලපතිවරයා ගෙන ඇති අ¥රදර්ශී පියවර නිසාවෙන් ඒ ඇතැම් පාඨමාලා සඳහා මෙවර ලැබී ඇත්තේ ඉතා සුළු අයඳුම් පත‍්‍ර සංඛ්‍යාවකි. 2011 වර්ෂයේදී ඉංජිනේරු තාක්ෂණ උපාධි පාඨමාලාව සඳහා අයදුම් පත‍්‍ර 6000 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබුනද 2014 වර්ෂයේදී එම පාඨමාලාව සඳහා අයදුම්පත‍්‍ර ඉදිරිපත් කර ඇත්තේ සිසුන් 300 කටත් අඩු ප‍්‍රමාණයකි. ස්වාභාවික විද්‍යා උපාධි පාඨමාලාව සඳහා 2010 වර්ෂයේදී අයදුම්පත් 1200 - 1300 ත් අතර ප‍්‍රමාණයක් ඉදිරිපත්ව තිබුණද 2014 වර්ෂයේදී ඉදිරිපත්වූ අයදුම්පත‍්‍ර සංඛ්‍යාව 500 ක් දක්වා පහත වැටී ඇත. 

මීළඟ අධ්‍යයන වර්ෂය තුළ පාඨමාලා සඳහා ලියාපදිංචිවීමට අයදුම්පත‍්‍ර එවිය යුතු අවසන් දිනය මේ වනවිට ඉකුත්ව ගොස් ඇත. එහෙත් උපාධි පාඨමාලා සඳහා ලැබී ඇති අයදුම් පත‍්‍ර ප‍්‍රමාණය ඉතා අවම වීම නිසාවෙන් නැවතත් අයදුම් පත‍්‍ර කැඳවීමට විවෘත විශ්වවිද්‍යාල බලධාරීන්ට සිදුව ඇත. ඒ අනුව වරක් අයදුම් පත‍්‍ර කැඳවූ උපාධි පාඨමාලාවන්ට මේ වසරේ සැප්තැම්බර් මාසයේ දෙවැනි සතියේ සිට නැවතද වතාවක් අයදුම්පත‍්‍ර කැඳවීමට නියමිතය.

මහපොල ශිෂ්‍යාධාර අරමුදල මගින් අඩු ආදායම්ලාභී දරුවන්ට ලබා දෙන මුදල් ආධාරය විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන්ට විධිමත් ආකාරයට ලබා දෙනවාද යන්න සොයා බැලීම සඳහා විශ්වවිද්‍යාලය තුළ නිසි බලධාරියෙකු නොමැත. මහපොළ ශිෂ්‍යාධාරය ලැබීම විශ්විවිද්‍යාල ශිෂ්‍යයෙකු සතු හිමිකමකි. එය නිසිපරිදි ලැබෙනවාද? එසේ නොමැතිනම් ඒ ඇයි? යන වග දැනගැනීමට ශිෂ්‍යයෙකුට අයිතියක් ඇත. නමුත් ගතවූ වසරක පමණ කාලය පුරාවට විවෘත විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාරය හිමිව නොමැත. ඒ පිළිබඳ විශ්විවද්‍යාල පරිපාලන නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් ලබාදී ඇති පිළිතුර වන්නේ අදාළ කාරණය උපකුලපතිවරයාගෙන් අසා දැනගන්නා ලෙසයි.

සිසුන් විශාල ප‍්‍රමාණයක් අධ්‍යාපනය ලබන ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලය තුළ සිසුන්ට මතුවන ගැටලූ විසඳා ගැනීමට නිසි ශිෂ්‍ය උපදේශන සේවාවක් දැන් විශ්විවිද්‍යාලය තුළ කි‍්‍රයාත්මක නොවේ. මෑතක්වනතුරුම ඉතාම සකී‍්‍රයව පැවති එහි  ශිෂ්‍ය උපදේශන සේවාව 2012 වසරේ සිට අකී‍්‍රය වන්නේ උපකුලපතිවරයා විසින් ශිෂ්‍ය උපදේශක තනතුර සතු බලතල විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා වෙත ලබාදීමත් සමගිනි. 

2011 වර්ෂය අවසානයේ විවෘත විශ්වවිද්‍යාල උපකුලපතිවරයා ලෙස ආචාර්ය විජිත නානායක්කාර පැමිණෙන්නේ එතෙක් මොරටු විශ්විවද්‍යාලයේ සේවය කරමින් සිටි ආරක්ෂක නිලධාරියෙකු විවෘත විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා බවට පත් කරගනිමිනි. එතැන් සිට මේ දක්වාම ශිෂ්‍යයන් සම්බන්ධයෙන් ගනු ලබන සියලූම තීන්දු තීරණ උපකුලපතිවරයා සහ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් ශිෂ්‍ය උපදේශකයන්ට නොදන්වමින් කි‍්‍රයාත්මක කරනු ලබයි. මේ හේතු කාරණය නිසාවෙන්ම මීට මාස 03 කට පෙර විශ්වවිද්‍යාලයේ එතෙක් සිටි ප‍්‍රධාන ශිෂ්‍ය උපදේශකවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වේ. එකී ඉල්ලා අස්ව යාමෙන් පුරප්පාඩුවූ විශ්විවද්‍යාලයේ ප‍්‍රධාන ශිෂ්‍ය උපදේශක තනතුරට උපකුලපතිවරයා මෙතෙක් කිසිඳු පත්කිරීමක් සිදුකර නොමැත.


මේ පසුබිම තුළ විවෘත විශ්වවිද්‍යාලයේ අනෙකුත් නිලධාරීන්ගේ සහ ආචාර්යවරුන්ගේ බලතල නාමික බලතල බවට පත්ව අවසන්ය. විශ්වවිද්‍යාල සෙනෙට් සභාව හරහා රැුස්වෙමින් ආයතනයේ අනාගතය වෙනුවෙන් යහපත් යෝජනා කි‍්‍රයාත්මක කිරීමට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් උත්සාහ කළද ඒ සියලූ යෝජනාවන් යටපත් කරමින් උපකුලපතිවරයා තම අභිමතය පරිදි පමණක් කටයුතු කරමින් සිටියි. ඔහුගේ ඇතැම් යෝජනාවන්ට විරුද්ධවන ආචාර්යවරුන්ට අයුතු බලපෑම් එල්ල කිරීමට උපකුලපතිවරයා උත්සාහ කර තිබේ.

ශී‍්‍ර ලංකා විවෘත විශ්විවද්‍යාලය යනු විවෘත සහ දූරස්ථ ක‍්‍රමවේදයන්ට අනුව අධ්‍යාපනය සපයන්නාවූ ආයතනයක්ය යන්න වරදවා අර්ථගන්වා ගන්නා උපකුලපතිවරයා ‘දූරස්ථ අධ්‍යාපනය ක‍්‍රමයට’ අනුව නිවසේ සිට අධ්‍යාපනය ලබා ගන්නැයි සිසුන්ට බලපෑම් කරමින් විශ්වවිද්‍යාල පරිශ‍්‍රයෙන් සිසුන් බැහැරකිරීමට උත්සාහ කරයි. ඒ අතරම විශ්විවද්‍යාලයේ දේපළ වන පරිඝනක විද්‍යාගාර සහ සම්මන්ත‍්‍රණ ශාලා ඉහළ අයකිරීම් යටතේ පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට බදු දීමට කටයුතු කර ඇත. 

ආචාර්ය විජිත නානායක්කාර යනු පසුගිය මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී මහනුවර ආසනයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කර එයින් පරාජයට පත්වූ අපේක්ෂකයෙකු වීම මෙහිලා අවධානයට ලක්විය යුතු කාරණයකි. 

විවෘත විශ්වවිද්‍යාලයේ පරිපාලනයට එදා සම්බන්ධවී සිටි සහ අද සම්බන්ධව සිටින කිහිප දෙනෙකුගේ අදහස් මේ ලිපිය තුළට එක් කරන්නේ මේ ඇතිවෙලා තියෙන තත්ත්වය පැහැදිලිවම හඳුනාගැනීමට ඒ අදහස් ප්‍රයෝජනවත් වියහැකි නිසාවෙනි.




මහාචාර්ය උපාලි විදානපතිරණ 
විවෘත විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති


මම විවෘත විශ්වවිද්‍යාලයේ සිටි කාලයේ කිසිදු ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. දැන් විවෘත විශ්වවිද්‍යාලයේ තත්ත්වය ගැන කතා කරන්න මම කැමති නැහැ. විශේෂයෙන්ම මේ වෙද්දි මම විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විදිහට කටයුතු කළා කියන එක පවා මම අමතක කරලයි ඉන්නේ.



ආචාර්ය විජිත නානායක්කාර
විවෘත විශ්වවිද්‍යාලයේ වර්තමාන උපකුලපති 

පාඨමාලා ගාස්තු ඉහළ දැමීමට ප‍්‍රධාන හේතුව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් අපට ලබාදෙන මුදල් සීමා කර තිබීමයි. ඒ නිසා විවෘත විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්න මේ වැඩි කරපු මුදලත් මදිවෙලා තියෙන්නේ. හරි නම් ඇතැම් පාඨමාලා ගාස්තු 300%කින් ඉහළ යවන්න ඕනෑ

විවෘත විශ්වවිද්‍යාලය සාම්ප‍්‍රදායික විශ්වවිද්‍යාලයට වඩා වෙනස්. මේ විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන්නේ දුරස්ථ අධ්‍යාපනයක්. ඒ නිසා ඔවුන්ට නේවාසිකාගාර දීම අපේ වගකීමක් නෙමෙයි. විවෘත විශ්වවිද්‍යාලයෙන් ලබාදෙන්නේ තාවකාලික නවාතැන් පහසුකමක් විතරයි. ඒක අපි වසරකට දින 30කට සීමා කළේ සමහර ශිෂ්‍යයෝ නේවාසිකාගාරයේ ඉඳලා රැකියාවට යනවා. ඒක කරන්න ඉඩදෙන්න බැහැ.

වෙනත් විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම් පිහිටුවීමට අවසර දිය යුතු වුවත් විවෘත විශ්වවිද්‍යාලයට ශිෂ්‍ය සංගම් පිහිටුවන්න අවසර දෙන එක මට ප‍්‍රශ්නයක්. මොකද කොළඹ නිලවරණයක් පවත්වද්දී ඒකට ඡුන්දය ප‍්‍රකාශ කරන්නේ ඉතාම සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක්. එහෙම අඩු ඡුන්ද ප‍්‍රමාණයකින් පත්වෙන නායකයන් ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් විදිහට පිළිගන්න බැහැ. මම තාමත් විවෘත විශ්වවිද්‍යාලය තුළ මහා ශිෂ්‍ය සංගමයක් පිහිටුවීමට අවසර ලබාදීමේ තීරණයේ නැහැ. ඊට හේතුව විවෘත විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලබන පිරිසෙන් 40%කටත් වඩා පිරිස අවුරුදු 30ට වඩා වැඩි වයසකින් යුතු අය. ඒ අය තමන්ගේ විවිධ අවශ්‍යතා මූලික කරගෙන ශිෂ්‍ය සංගම් පිහිටුවා ගන්න පුළුවන්. ඒක විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක්.

ඉස්සර අපි විවෘත විශ්වවිද්‍යාලය හවස 6.30-7 වෙනකම් ඇරලා තිබුණා. ඒත් ළමයි හවස් වරුවේ ගහගෙන තුවාල කරගෙන ප‍්‍රශ්න ගොඩක් ඇතිකර ගත්තා. ඒ වගේ වෙලාවලට අපිට එයාලාගේ ජීවිතාරක්ෂාව ගැනත් වගකියන්න වෙනවා. මේ විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍යයන් විදිහට නෙවෙයි තක්කඩියන් විදිහට වැඩ කරපු පිරිස් හිටපු නිසා හවස 5 වෙද්දි සියලූම ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් කරන්න අපි තීරණය කළා.

අපි විවෘත විශ්වවිද්‍යාලයේ දේශන ශාලා කුලියට දෙනවා තමයි. ඒක කරන්නේ විවෘත විශ්වවිද්‍යාලයේ හොඳට. ඒ ලැබෙන මුදල් විවෘත විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්න ප‍්‍රයෝජනයට ගන්නවා.

එම්.වී. රණසිංහ
විවෘත විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරි  

මට විවෘත විශ්වවිද්‍යාලය ගැන පත්තරවලට කිසිම දෙයක් කියන්න බැහැ. මගෙන් මොකුත් අහන්න එපා.

                                       *            *              *            *             *            *   

දේශපාලන පසුබිමක් සහිත පුදගලයෙකු උසස් අධ්‍යාපන ආයතනයක ඉහළ තනතුරකට පත්වීමේ ශෝචනීය විපාකයන් ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාල හරහා මේ වනවිට දැකගත හැක. තමා සතු බලතල අත්තනෝමතික ලෙස යොදවමින් විවෘත විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ප‍්‍රජාව නිහඬ කිරීමට උපකුලපතිවරයා කටයුතු උත්සාහ කරමින් සිටී. මේ සියලූ කරුණු සැලකිල්ලට ගනිමින් පහත සාධාරණ ප‍්‍රශ්නවලට පිළිතුරු සොයන්නට අපට සිදුවේ. 

ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස 2011 වසර අගභාගයේදී පත්වන විජිත් නානායක්කාර මහතා විශ්වවිද්‍යාලය සංස්කෘතිය යනු පාසලක හෝ ටියුෂන් පංතියක පවතින සංස්කෘතියට වඩා වෙනස් එකක් යැයි හැඳින සිටියාද? ලෝකයේ සියලූ මිනිසුන් දේශපාලන සත්වයන් වන පසුබිමක විවෘත විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පමණක් අදේශපාලනික විය යුත්තේ උප කුලපතිවරයාගේ පටු දේශපාලනික අරමුණ ඉටු කරගැනීමට ඉඩකඩ සපයාදීමටද? එසේත් නැත්නම් නිදහස් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ කි‍්‍රයාවලියක පළමු පියවර ලෙස ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලය මුදලට විකුණා දැමීමේ අරමුණ සඳහා ඉඩකඩ තනාදීමටද? 


*            *              *            *             *            *   

මෙම ලිපිය 2014 අගෝස්තු 24 වන ඉරිදා රාවය පුවත්පතෙහි විවෘත විශ්වවිද්‍යාලය බහිරව සංස්කෘතියක් කරා යන නමින් පළවිය. 

රාවය වෙබ් අඩවියේ පළවූ ලිපිය සඳහා සබැඳිය.


(Images were taken from; respectively - Sri Lanka Open University websiteAsian Tribune, and Sri Lanka Open University Website )

author
සරුංගලේ - the kite blog is on facebook:

This post was written by: Dilini Gamage

සරුංගලේ කියන්නේ නිර්මානයක් - පරිස්සමෙන් හදලා, හැඩය එන්න පාට කඩදාසි අලවලා, කල්යල් බලලා උඩු හුලඟට එකතු කරපු නිර්මානයක්. සරුංගලේ කියවන්න ඔබ වැය කරන හැම මිනිත්තුවක්ම ඔබේ ජීවිතයට වැදගත් යමක් එක් කරන මිනිත්තුවක් වෙනවාමයි. ඒ නිසා ඉඩක් ලැබෙන හැම වෙලාවකම සරුංගලේට ගොඩ වෙන්න. සරුංගලේ ගැන ඔබට හිතෙන දේවල්, ගුන දොස් හැම දෙයක්ම මට කියන්න.

ඊමේල් මගින් සම්බන්ධවන්න
Share this Post Share to Facebook Share to Twitter Email This Pin This

18 comments

අපේ සින්ඩියටත් බ්ලොග් එක ඇතුල්කරන්න. පිවිසීම පහතින්.

http://blogdharshakaya.blogspot.com/

Reply

විශ්ව විද්‍යාල වල පවතින මේ මොන්ටිසෝරි තත්වය නැවතිය යුතුය. නමුත් මේ උපකුලපති තුමා කියන ආකාරයේ අයුතු ප්‍රොයෝජන ගැනීම් ආදිය නම් නවතින්න දැන් කාලෙ හරි...කවුරු වුනත් මොන විදියකින් හරි ආන්ඩුවෙ සල්ලි නාස්ති කරනවා නම් ඒක වැරදියි..

Reply

බුද්ධිමතුන් වෙනුවට උගතුන් ඉහල පුටු වලට පත්කිරීමේ ප්‍රතිවිපාක කියන්නෙ මේවට තමා...
රජයක් වශයෙන් වුණත් මේ වගේනොහොබිනා කම් ඉවසිය යුතු නැ.. ඒත් රජයත් ඉන්නෙ අධ්‍යාපනය කප්පාදු කරන තත්වය කනෙ... ඉතිං මේ වගේ ක්‍රියා ඒවට උඩගෙඩි දෙන තත්වයන්...

Reply

දේශපාලන පත්වීම සහිත කොතනත් තත්වය ප්යිට වැඩ වෙනස් වන්නේ කලාතුරකින්, මෙහිදී බලපාන තවත් කාරණයක් තමයි විවෘත විශ්ව විද්‍යාලය තුල ශිෂ්‍ය මැදිහත්වීම් නෙකුත් විශ්ව විද්‍යාල වලට සාපේක්ෂව අවම වීම .

Reply

මේ ඒකාධිපතියෙකු ලෙස ක්‍රියා කරන විජිත නානායක්කාර යනු සමාජවාදී සහ සමානාත්මතාවය , මානව හිමිකම් තිබෙන මානුශික සමාජයක් ගොඩ නැගීම සඳහා කියමින් 1971 වසරේදී පොලිසි වලට ඩප්පි ගැසූ අයෙකි. ඉන්පසු සගයන් පාවාදී තමාගේ සංවර්ධනය සලසාගත් ඔහු ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වර්තමාන උපකුලපතිය​.

වැරදීමකින් හෝ මෙවැනි පුද්ගලයන් 1971 දී ලංකාවේ බලය අල්ලා ගත්තේ නම් ඔවුන් මරාටත් වඩා දරුණු ඒකාධිපතියන් වනු ඇත​. මේ නලීන් ද සිල්වාලා , ගුනදාස අමරසේකරලා විසින් බටහිර අනුකාරකයන් වෙනුවට ගම් බයියන් ආදේශ කිරීමෙන් සිදු කල තවත් එක් විනාශයක් පමණි.

Reply

අනේ මන්ද මෙහෙමත් මන්ද බුද්ධික පාලකයො. ළමයි ගහ ගත්තම සියලුම දෙනාට 5න් පස්සෙ ඇතුල්වීම තහනම්. හැබෑට මුන්දැගෙ ගෙදර ළමයි නැද්ද කියල හොයල බලන්න ඕන. ගෙදර ලමයි ගහ ගත්තමත් මුන්දැගෙ ගෙදරට තමුන්නෙ ළමයි තියා ඤාති ළමයෙකුවත් 5න් පස්සෙ වැද්ද ගන්නෙ නැද්ද දන්නෑ. ක්‍රීඩා බාහිර ක්‍රියාකාරකම් නැතිව එලියට එන ළමයි ලුණු නැති හොද්ද වගේ. මෙලෝ රහක් නෑ. තමුන් යටතේ ඉගෙන ගන්න ළමුන්ගෙ යම් වගවීමක් වගකීමක් ගන්න බැරි උන් මොකට උපකුලපති වෙනවද. මුන්ට වඩා හොඳයි කසිප්පු පෙරල හරි ළමයි නඩත්තු කරන තාත්තල. උන් එහෙම කරල හරි ළමයි ගැන සත 50ක වත් වගවීමක් බාරගන්නවා. මේව සේරම දේශපාලන ඇම්බැට්ට කම්.

Reply

//සවස 05 සිට පසුදා උදෑසන 07 දක්වා කාලය තුළ ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල භූමියේ රැුඳී සිටීම ‘නීති විරෝධී’ කි‍්‍රයාවක්ව ඇත. //

හොඳ වැඩක්.

// එහි පළමු පියවර වනුයේ විවෘත විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය දේශපාලනය තහනම්වීමයි.// ඇයි දේශපාලනේ මොකටද ඔය නාකි ශිශ්‍යන්ට? දේශපාලනේ එලියට බැහැල කරන්න ගැටලුවක් නෑනෙ, මොකද මේකෙ ශිශ්‍යයො ෆුල් ටයිම් ඉගෙන් ගන්න ඈයො නෙමෙයිනෙ.

//පරිපාලනයේ නව නීතිවලට අනුව ශිෂ්‍යයෙකුට විවෘත විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ රැඳී සිටීමට හැකිවන්නේ වසරකට උපරිම දින 30 ක් පමණි. ඒ සඳහා පරිපාලනය විසින් දින 30 ක් ලකුණු කරන ලද කාඞ් පතක් නේවාසිකාගාර පහසුකම් හිමි සිසුන් වෙත ලබාදී ඇත. // තාත් හොඳ වැඩක්. රටේ සම්පත් නාස්තිය හොරකම ගැන කතා කරන මිනිස්සු ආන්ඩුවෙ නේවාසිකාගරෙ ඉඳන් ඒ පහසුකම් වංචා කරනව. ඒක නරක නෑ. අනේ xකේ.

//ඒකකයකට අය කිරීම රුපියල් 400 සිට රුපියල් 1000 දක්වා ඉහළ නංවා ඇත.// ප්‍රතිශතය වැඩි උනාට මුද්ල සුළුයිනෙ ලොකුවට කෑ ගැහුවට.


// 2011 වර්ෂයේදී ඉංජිනේරු තාක්ෂණ උපාධි පාඨමාලාව සඳහා අයදුම් පත‍්‍ර 6000 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබුනද 2014 වර්ෂයේදී එම පාඨමාලාව සඳහා අයදුම්පත‍්‍ර ඉදිරිපත් කර ඇත්තේ සිසුන් 300 කටත් අඩු ප‍්‍රමාණයකි. ස්වාභාවික විද්‍යා උපාධි පාඨමාලාව සඳහා 2010 වර්ෂයේදී අයදුම්පත් 1200 - 1300 ත් අතර ප‍්‍රමාණයක් ඉදිරිපත්ව තිබුණද 2014 වර්ෂයේදී ඉදිරිපත්වූ අයදුම්පත‍්‍ර සංඛ්‍යාව 500 ක් දක්වා පහත වැටී ඇත. //

මේකට හේතුව මිළ විතරක් කියල කියන්නෙ කොහොමද?


//මෑතක්වනතුරුම ඉතාම සකී‍්‍රයව පැවති එහි ශිෂ්‍ය උපදේශන සේවාව 2012 වසරේ සිට අකී‍්‍රය වන්නේ උපකුලපතිවරයා විසින් ශිෂ්‍ය උපදේශක තනතුර සතු බලතල විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා වෙත ලබාදීමත් සමගිනි. // අන්න උපකුලපති ගොන් වැඩක් කරල. ඒවට විරුද්ධ වෙන එක හරි.



Reply

ලිපිය හරිම අගෙයි... විශේෂයෙන් ඔබේ රචනා විලාශය වැදගත්. එය එන්න එන්න ම සංවර්ධනය වෙනවා. මුල් අවධියේ සිටම ඔබේ ලිපි සමග සිටි අපේ කුරුටු පවුර වෙනුවෙන් එය කියන්න ම ඕනේ........ මෙම ලිපිය ඔබ විසින් රචනා කොට රාවයේ පළ වූවක් බව සිතමි.........

ලිපිය කියවු විට දැණුන දුක තමයි අපි ගත්ත උපාධියක් ලෝකයේ පිළිගන්නේ කොයි තරම් අඩු මට්ටමකින් ද කියලා දැනුණ එක.... මේක තමයි ඇත්ත. අපි සටන් කළ යුත්තේ මේවා සමගයි. වෙන දේවල් සමග නොවෙයි. මේක තමයි රටක දියුණුව...................... අපි කොතනද???

Reply

මමත් ඕකේ තමයි.. වැඩක් නෑ කතා කරලා... ෆීස් වැඩි නිසා කි දෙන්නම් ඩිග්‍රිය අත ඇරිය ද...

Reply

ඔව් ඒකනම් එහෙම තමයි. ශිෂ්‍ය එකමුතුව මේ අවුල ගැන මානව හිමිකම් කොමිෂමටත් පැමිණිලි කරලා තියෙනවා

Reply

ඔව් මේ ලිපිය මම රාවය පුවත්පත වෙනුවෙන් ලියපු එකක්. ඔබේ කමෙන්ටුව කියවලා හරිම සතුටුයි. බොහොම ස්තූතියි

Reply

ස්තූතියි කමෙන්ට් කළාට, ඔබේ කමෙන්ටුවේ තිබෙන අදහස්වලට මම මේ විදියට පිළිතුරැ ගොනු කරන්නම්.

විශ්වවිද්‍යාලයක් කියන්නේ ළමයින්ට දැනුම දෙන තැනක් පමණක් නෙවෙයි, එය සිසුන් ජීවිතයේ නිදහසට විවෘත කරන සහ ඒ නිදහස අර්ථාන්විතව භාවිතා කරන්න පුරුදු කරවන තැනක් විය යුතුයි? සවස 05 න් පස්සේ විශ්වවිද්‍යාලයක් වහනවානම් ඒක බොහෝ දුරට සමාන වෙන්නේ ටිකක් වැඩිපුර වෙලාවක් පැවැත්වෙන ඉස්කෝලෙකට නේද?

//ඇයි දේශපාලනේ මොකටද ඔය නාකි ශිශ්‍යන්ට? // ඇයි කියනවානම් ඒකට හේතුව //ලෝකයේ සියලූ මිනිසුන් දේශපාලන සත්වයන් වන පසුබිමක විවෘත විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පමණක් අදේශපාලනික විය යුතු නැති නිසා//

ඒකකයක් වශයෙන් ගත්තාම වැඩි වෙලා තිබෙන මුදල පොඩි තමයි, නමුත් ගැටලුව වෙන්නේ උපාධි පාඨමාලාවකට තියෙන්නේ එක් ඒකකයක් එක් විෂයක් එක් අවුරුද්දක් පමණක් නොවීම. විෂයන් කිහිපයකට ඒකක ගණනාවකට සහ අවුරුදු 04 ක කාලයකට මේ වැඩි කිරීම බලපානව. එහෙම ගත්තම මේ වැඩි කිරීම විශාල එකක්. අනෙක් අතට බොහොම අමාරුවෙන් තමන්ගේ දරුවන්ව විවෘත විශ්වවිද්‍යාලයට එවන අම්මලා තාත්තතලාට ඒක විශාල බලපෑමක්

රටේ අධ්‍යාපනයට තිබෙන තරඟය දිගින් දිගටම වැඩිවෙද්දිත් විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලාවලට ලියාපදිංචි වන සිසුන් ගණන අඩුවෙනවානම් ඒකට බලපාන හේතු දෙකක් මම මේ ලිපියෙන් පෙන්වලා තියෙනවා. එකක් අසාධාරණ ගාස්තු වැඩිවීම, දෙවැන්න විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය අඩුවීම

Reply

ඔව් තෙලිදිය, මේ සේරම දේශපාලන ඇම්බැට්ට කම්. කතාවක් තියෙනවා විවෘත විශ්වවිද්‍යාලය පුද්ගලිකකරණය කරන්න ආණ්ඩුව මේ උපකුලපතිවරයා හරහා උත්සාහ කරනවා කියලා

Reply

ඔව් ඒ ශිෂ්‍ය මැදිහත්වීම් අඩුවෙන්න හේතුවක් තමයි විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙන මර්දනකාරී පාලනය

Reply

ඔව් එක හරි. මටත් හිතෙනවා නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමේ උවමනාවක් පාලකයන්ට තියෙනවා කියලා. එහෙම උවමනාවක් නෑම කියමුකෝ, ඒත් විශ්වවිද්‍යාල පද්ධතිය හරියට පවත්වගෙන යන්නවත් ඒවායේ ගුණාත්මකභාවය වැඩි කරන්නවත් පාලකයන්ට මොනව උවමනාවක්වත් නෑ කියන එකනම් පැහැදිලිය

Reply

ඔබේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟයි. ඒත් සල්ලි නාස්තිය නවත්වන්න කියලා උපකුලපතිවරයා මේ විදියට කටයුතු කිරිමෙන් වෙන්නේ විශ්වවිද්‍යාල සංස්කෘතිය විනාශවෙලා ළමයි අයාලේ යාම විතරයි

Reply

බ්ලොග් අඩවිය ඇතුල් කරා. බොහොම ස්තූතියි

Reply

ප්‍රිය ඇඩ්මින් වෙත,

ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

Reply

Post a Comment

© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.
Back To Top