Loading...

මගේ පෑන ඔබේ තුවක්කුවට වඩා බලවත්ය.



"ඔබ අනාරාධිතයෙකු නම් කරුණාකර සීනුව නාද නොකරන්න"

Train to Pakistan, The Sunset Club ඇතුළු කෘතීන් සිය ගණනක් රචනා කළ ලොව ප‍්‍රකට ඉන්දීය ලේඛක කුෂ්වන්ත් සිං - නවදිල්ලි නුවර ඔහුගේ නිවසේ දොරටුව ඉහළ ලියා තිබුණු ඉහත වැකිය තුළින් ඔහු කවුරුන්ද යන්න පැහැදිලිව හඳුනාගත හැකිවේ. 

හුදෙකලාව ජීවත්වීමට ආදරය කළ මොහු සිය කාර්යයන්ට සිදුකෙරන බාධා කිසිසේත් නොඉවසූ පුද්ගලයෙකි, එපරිද්දෙන්ම මහා පෞර්ෂත්වයකින් හෙබියෙකි. 1915 වර්ෂයේ පෙබරවාරි 02 වැනි දින වර්තමාන පාකිස්ථානයට අයත් පන්ජාබ් ප‍්‍රාන්තයේ  කුශාබ් දිස්ති‍්‍රක්කයේ හදාලි නම් නගරයෙහි ඉපදුණු මොහු නව දිල්ලියේ සහ ලාහෝර් නගරයේත් ලන්ඩනයේ Kings College හිත් අධ්‍යාපනය ලැබීය. නවකතාකරුවෙකු, නීතිඥයෙකු, දේශපාලනඥයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු වශයෙන්ද ජීවිතයේ නොයෙක් කාල වකවානුවලදී කටයුතු කළ කුෂ්වන්ත් 1938 වර්ෂයේදී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරනු ලැබුවේ නීතිඥයෙකු වශයෙනි. 

1947 ඉන්දියාවට නිදහස හිමිවීමත් සමග ඉන්දීය විදේශ සේවයට බැඳෙන කුෂ්වන්ත් සිං කැනඩාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව එහි මාධ්‍ය නිලධාරියා වශයෙන් වසර ගණනාවක් කටයුතු කළහ. ඉන්දීය විදේශ සේවය වෙනුවෙන් ලන්ඩනයේත් කැනඩාවේ ඔටාවා නගරයේත් සේවය කළ කුෂ්වන්ත් සිං 1951 දී පූර්ණ කාලීන මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කිරීම අරඹන ලදි. ඒ සමස්ත ඉන්දීය ගුවන්විදුලිය හෙවත් All India Radio හි මාධ්‍යවේදියෙකු වශයෙනි. 1954 - 56 කෙටි කාලය තුළ පැරීසියේ UNESCO මූලස්ථානයෙ ජනසන්නිවේදන දෙපාර්තමේන්තුවෙහි සේවය කළ කුෂ්වන්ත් සිං ඉන් අනතුරුව නැවතත් සිය මාධ්‍යවේදී භූමිකාව වෙත යොමුවේ. ඒ The Illustrated Weekly of India සහ The Hindustan Times පුවත්පත් හරහාය.

කුෂ්වන්ත් සිය මව් බස මෙන්ම ඉංගී‍්‍රසියද මනාව හැසිරවීමට සමත්කම් දැක්වූ ඉන්දීය ලේඛකයන් අතර මුල්තැනක් ගත්තෙකි. "ඔබ ඉන්දියානුවෙකු වන්නේ ඇයි?" යයි වරක් ඔහුගෙන් අසනු ලැබූ ප‍්‍රශ්නයකට ඔහු පිළිතුර ලෙස කියා සිටියේ මෙසේය, 

"මට ඒ ගැන කිසිම අභිමානයක් නැහැ. මම උපන්නේ මේ රටේ, හැබැයි උපදින්නට කලින් මගෙන් ඇහුවානම් මීට වඩා ඉසුරුබර, මෙතරම් ජනාකීර්ණ නොවූ, කන බොන දේ ගැන මේ තරම් බොරු සීමා නොපනවන, ආගම් අන්ධ ලෙස නොඅදහන වෙන රටක් මම තෝරා ගන්නවා."

කුෂ්වන්ත් සිංගේ ජීවන දර්ශනයෙන් කොටසක් ඒ වචන කිහිපය තුළ රැඳී ඇත. තමන්ට අභිමත නොවන දේ සෘජුව, තාර්කිකව සහ නිර්දය ලෙස උපහාසයට ලක් කිරීමට ඔහු පෙළඹුනා මෙන්ම සිය හදවතට එක`ගව තීන්දු තීරණ ගන්නටද නොපැකිළුණු පුද්ගලයෙකි. 

කුෂ්වන්ත් සිං සික් යනුවෙන් හැඳින්වෙන ඉන්දීය ජනවර්ගයෙහි උපත ලැබූවෙකි. එසේ වුවද සික් ජාතිකයන්ගේ එකම නියෝජනයැයි තමන්ව හඳුන්වා ගන්නා පන්ජාබයේ අකාලි දාල් පක්ෂය කුෂ්වන්ත්ගේ නිරන්තර විවේචනයට ලක්විය. සිය ජාතිය සඳහා ඉන්දියාවෙන් කොටසක් කාලිස්ථානය නමින් වෙනම රාජ්‍යයක් වශයෙන් ඉල්ලා සිටිමින් අකාලි දාල් පක්ෂය ඇරඹූ අරගලයට කුෂ්වන්ත් සිං වදනකින් හෝ සහායක් නොදැක්වීය. එසේ හෙයින්ම අන්තවාදී සික්වරුන්ගේ මරණ තර්ජනයන්ට පවා මුහුණ දෙන්නට ඔහුට සිදුවිය. නමුත් කුෂ්වන්ත් කිසි දිනෙක එවැනි තර්ජනයන් නිසාවෙන් බියට පත් නොවිනි.

"මා මුල සිටම විශ්වාස කළෙත්, ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර සිටියේත් සික් ධර්මයේ හා සංස්කෘතියේ හරයන්ට කාලිස්ථාන සංකල්පය මුළුමනින්ම විරුද්ධවන සහ නොගැලපෙන බවයි. කිසිවෙකුගේ නිර්ණාමික තර්ජනවලින් මේ මතය දැරීම සහ එය පළ කිරීම මම නතර කරන්නේ නැහැ. මගේ පෑන ඔබ සතු කඩුවට, රයිෆලයට හෝ කැලෂ්නිකෝව් තුවක්කුවට වඩා බලවත්."

කුෂ්වන්ත් සිය ජීවිත කාලය පුරා ලිංගික ඇසුර ඉතාමත් සීමා සහිතව විඳ ඇත්තෙකැයි ඔහුගේ ජීවිතය ගැන සටහන් කළ බොහෝ දෙනා ලියා ඇත. එහෙත් සිය ලේඛන කලාව තුළ ඉතා ඔපවත් ආකාරයට ලිංගිකත්වය ගැන ලියා තබන්නට ඔහු සමත්ව ඇත. ඔහුගේ සෑම කෘතියක්ම අතිශය සාධාරණ ලෙස රසවත් කෙරුණු ඒවා වන අතර ඔහුගේ චරිතාපදානය තුළ තමන් ලේඛකයෙකු ලෙස මතුවීමට ප‍්‍රබලවම හේතුවූයේ නීතිඥයෙකු ලෙස කටයුතු කිරීමෙන් ලත් අත්දැකීම් බව ඔහු සිය චරිතාපදානයෙහි සටහන් කර ඇත. 

හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ කතුවරයා ලෙස තුන්වන වර්ෂය සඳහාත් සේවා දිගුවක් හිමිවන විට කුෂ්වන්ත් සිංගේ වයස අවුරුදු 69 ක් සම්පූර්ණ වී තිබිනි. කිසිඳු විටෙක විශ‍්‍රාම ගැනීමක් ගැන නොසිතූ මොහු මියයන තෙක්ම එක ලෙසින් ලේඛන කලාවේ නියැලූනේ හැඩිදැඩි ජවයෙන් යුතු තරුණයෙකු ලෙසිනි. 

හින්දුස්ථාන ටයිම්ස් පත‍්‍රයට සපයන තමාගේ සතිපතා කොලම අවසානය තෙක්ම ලියූ කුෂ්වන්ත්ගේ දේශපාලන ස්ථාවරයන් සහ හිතවත්කම් ගැන ප‍්‍රතිවිරුද්ධ මත ඉන්දීය සමාජය තුළ කොතෙකුත් තිබුණා වුවද මිතුරන් පසමිතුරන් සැවොම ඔහුගේ මේ කොලම නොවරදවාම කියවූයේය. 

නිර්ආගමික වෙමින් මුත් සික් උරුමය ප‍්‍රගුණ කරමින්, සික් ජාතිකයන්ට ආවේණික දිගු රැුවුල වවා සිටියත් කිසිඳු විටෙක ආගමික වතාවත් හෝ පුදපූජාවන්ට සහභාගී නොවූ මේ අපූරු මිනිසා හොඳ නරක පිළිබඳව හොඳම විනිශ්චය තමන්ගේ හෘදය සාක්ෂිය බව ලොවටම ප‍්‍රකට කළ පුද්ගලයෙකි. 2012 සහ 2013 වර්ෂයන්හි ලියා පළ කළ අවසන් පොත් දෙක තුළ කුෂ්වන්ත්ගේ මේ නිර්ආගමික දර්ශනය වඩාත් හොඳින් පැහැදිලිව ඇත. 

ලෝකය දෙස වෙනස්ම මානයකින් බැලූ කුෂ්වන්ත් සිං මිය යනවිට ලෝකයේම කතා බහට ලක්වූයේ සැබැවින්ම ඔහු අපූරු මිනිසෙකු වූ බැවිනි. සැහැල්ලූ සහ විනෝදකාමී ලෙස තම එදිනෙදා දින චරියාව ගත කළ ඔහු උගත්කමින් හිස උදුම්මාගත් පණ්ඩිතයෙකු නොවීය. 

විටෙක තම ජීවිතය ලෙස තම ලේඛණ කලාව හඳුන්වා දුන් මොහු ජීවිතයේ බොහෝ දේ අතර කියවීමට සහ ලිවීමට ලබා දුන්නේ විශාල තැනකි. මුළු දවසම පොත් අතර ගෙවා දැමූ නිසාම ඔහු සාමාන්‍ය සමාජය සමග ගනුදනෙු කරන ලද්දේ තමන් විසින් රචනා කළ පොත් මගිනි. 

ඔහුගේ පොත් ඉතාම හොඳින් අලෙවි වීමට හේතුව වූයේද ඔහු පාඨකයාට වඩාත් සමීපව ලේඛනයේ යෙදුණු බැවිනි. එක් අවස්ථාවක මාධ්‍යවේදියෙකු මේ තරම් පොත් ලියමින් සිය ගණනක් පොත් වෙළඳපළට නිකුත් කරන්නේ මන්දැයි ඔහුගෙන් ඇසූවිට කුෂ්වන්ත් සිං ප‍්‍රකාශ කර සිටියේ "තවමත් කිසිම කෙනෙක් පෑනට කොන්ඩමයක් හදලා නැති නිසා මට හිතෙන ලෙස මම පොත් සිය ගණනක් ලියනවා." යනුවෙනි. 

දර්ශවාදය පිළිබඳව පරතෙරටම අධ්‍යනය කළ මොහු ගතානුගතිකත්වය සහ සුචරිතවාදය ඉතාම ඉහළින් ප‍්‍රගුණ කළ තැනැත්තෙකි. ලෝව ජනමාධ්‍යකරණයට නව මාධ්‍යයේ ආගමනය වීමත් ඒ හරහා සමාජය විෂමවීමත් හමුවේ නොසැලී කටයුතු කරමින් සිය මුද්‍රිත මාධ්‍යකරණය තුළ ලක්ෂ සංඛ්‍යාත පාඨක පිරිසක් රඳවා ගැනීමට සමත්විය. 

කුෂ්වන්ත් සිංගේ ආන්දෝලනාත්මක චරිත රටාවන් කවරක්වුවද අවසානයේ ඔහු රචනා කරන ලද ඔහුගේ අදහස් තුළ අප රැුදෙන්නේ පෑනට සමාජය තුළ කළ හැකි වෙනස පිළිබඳව විමසා බැලීමේදී ඔහු ප‍්‍රබල නිදසුනක් වන බැවිනි. මාධ්‍යවේදියෙකු සහ ග‍්‍රන්ථ රචකයෙකු වශයෙන් ඔහුගේ භුමිකාව නිසාවෙන් මෙන්ම ඔහු විසින් වර්ධනය කරගෙන තිබූ ආධ්‍යාත්මික ගුණ සුවඳ නිසාවෙනුත් ඔහු ලෝකය තුළ පරමාදර්ශී චරිතයක් වේ. 

කුෂ්වන්ත් සිං සිය දිවියේ අවසන් නිමේෂය ගෙවා දැමූයේ තමා මියගිය පසුව තම සෙහොන් කෙතෙහි ලියා තැබූ වැකිය මෙසේ රචනා කර තැබීමෙන් අනතුරුවය,

"මෙතැන නිදන්නේ මිනිසුන්ට හෝ දෙවියන් ගැන තැකීමක් නොකළ අයෙක්. ඔහුට ඔබේ කඳුළු නාස්ති කරන්න එපා. ඔහු අමිහිරි දේ ලිවීමෙන් තෘප්තියක් ලැබූවෙක්. මේ යකඩයා මැරුණා, ඒක හොඳයි යැයි සිතා සැනසෙන්න."

author
සරුංගලේ - the kite blog is on facebook:

This post was written by: Dilini Gamage

සරුංගලේ කියන්නේ නිර්මානයක් - පරිස්සමෙන් හදලා, හැඩය එන්න පාට කඩදාසි අලවලා, කල්යල් බලලා උඩු හුලඟට එකතු කරපු නිර්මානයක්. සරුංගලේ කියවන්න ඔබ වැය කරන හැම මිනිත්තුවක්ම ඔබේ ජීවිතයට වැදගත් යමක් එක් කරන මිනිත්තුවක් වෙනවාමයි. ඒ නිසා ඉඩක් ලැබෙන හැම වෙලාවකම සරුංගලේට ගොඩ වෙන්න. සරුංගලේ ගැන ඔබට හිතෙන දේවල්, ගුන දොස් හැම දෙයක්ම මට කියන්න.

ඊමේල් මගින් සම්බන්ධවන්න
Share this Post Share to Facebook Share to Twitter Email This Pin This

22 comments

කාලයක් තිස්සේ කියවන්න ඕන කියලා හිත හිතා හිටි චරිතයක්.
දැන් කාර්‍යාලයේ නිසා පසුව නිදහසේ කියවා කොමෙන්ටුවක් දමන්නම්.

Reply

අලුත් ලිපි අපිට අප්ඩෙට් වෙන්නෙ නෑ පොඩ්ඩක් බලන්න ...

Reply

මේ ගැටලුව මුල ඉදන්ම වගේ තියෙනවා. සමහර සින්ඩිවල සහ බ්ලොග් රෝල්වල විතරයි අප්ඩේට් වෙන්නේ. හදන්න කියලා වරදක් කොතැනකවත් නැහැ :(

Reply

අනිවාර්යයෙන්ම කියවයි කියලා මම බලාපොරොත්තු වෙනවා දුකා. කියවලා හිතෙන දේ මට කියන්න. බොහොම ස්තූතියි

Reply

මම කැමතිම ඔහුගේ ගුප්ත බවට ගුප්ත බව නිසාමයි ඔහු පුදුමාකාර වෙන්නේ. සාමාන්‍යෙයන් අපි පුරැදු වෙලා ඉන්නේ ගුප්ත සහ අමුතු මිනිස්සුන්ගෙන් ඈත් වෙන්නනේ. ඒත් කුෂ්වන්ත්ගේ ගුප්ත බව අපිට ඇති කරන්නේ එහෙම හැගීමක් නෙවෙයි.

Reply

"තවමත් කිසිම කෙනෙක් පෑනට කොන්ඩමයක් හදලා නැති නිසා මට හිතෙන ලෙස මම පොත් සිය ගණනක් ලියනවා."
නියම කත‍ාව. ට්‍රේන් ටු පකිස්තාන් කියන චිත්‍රපටය නං බලල තියනව.

Reply

තම හෘදය සාක්ෂිය ආගම දහම කරගත් ආදර්ශමත් චරිතයක්. මට හිතෙන්නෙ ඔහු උඩුගං බලා තනියම පීනුව කෙනෙක් කියලා.
(සරුංගලේ තෙලිදිය බිඳකුත් රස බලලා යන්න එන්න, තෙලිදිය වාඩිය පැත්තේ.)

Reply

නොවරදවාම ඇවිත් කියවන්නම්. ඔබේ බ්ලොග් එක follow කරන පිරිසටත් එකතු වුණා.

Reply

මටනම් චිත්‍රපටය බලන්න ලැබිලා නැහැ. කෙහොමද ඒක හොදයිද ?

Reply

ආසාවෙන් කියෙව්වා (y)

Reply

ස්තූතියි ධරණී. :)

Reply

මක්කැයි මගේ කමෙන්ට් එකට උනේ????? :o

Reply

හනේ මන්දා මං ඩිලිට් කරේ නැහැනේ :O

Reply

ඇත්තටම හොදයි... සංවේදීව නිර්මාණය කරල තියෙනව... පොත ඒ විදියටම නැතත් යම් තරමක සාර්තකත්වයක් පෙන්නනව..

Reply

මං කැමතිම චරිතයක්... අවසන් දුම්රිය සමුපූර්ණයෙන්ම මාව විකාර කලා...
වෙනව කියල එහෙමත් සංහාර වෙනව කියපුවාම... අම්මේ.............................

අලුත් වැඩේ ලෙසටම කරගන යන්න හැකියාව ශක්තිය ලැබේවා....
පුලුවං නං පේජ් එක ලෝඩ් වෙන්න දාල තියෙන එච්එීඑම්එල් විජෙට් එක අයං කරන්න ලෝඩ් කරද්ද් පික්ෂු හැදෙනව

Reply

රාවය පත්තරේ තමයි මාව ආණ්ඩු පාක්ෂිකයෙක් කළේ.මම රැකියාවක් නැතිව ආණ්ඩු විරෝධියෙක් ලෙස ඉන්න කාලෙ ඒ කියන්නෙ 2006 විතර මම යනව ලයිබ්‍රරියට පත්තර කියවන්න.රාවයෙ ඉතාම අසාධාරන විදියට සිංහල විරෝධීව කොටින්ට පක්ෂව තිබුන ලිපි දැකල මම පුදුමයට පත් වුනා.කොටින්ගෙ හැම අපරාධයක්ම රාවයෙන් සාධාරණීකරනය කරල.මට හිතුන අපි අපේ පුද්ගලික කැපකිරීම් කරල යුද්ධයට සහාය දෙන්න ඕන කියල.මාවිල් ආරු සිද්ධිය රාවය ඉදිරිපත්කරල තිබුන කැත විදිය මට තවම මතකයි.කොටි කරන ප්‍රොටෙස්ට් දෙමළ ජනතාව විසින් කරන ඒව ලෙසත් සිංහල ජනතාව කරන ප්‍රොටෙස්ට් ජාතිවාදීන් කරන ඒව ලෙසත් තිබුනෙ.රාවය කවදත් යැපුනෙ විදේශීය ඔත්තු සේවා වලින් කියලයි මට හිතෙන්නෙ.ඇනෝ ආවට මම බ්ලොග් ලියන කෙනෙක්.

Reply

රාවය යුක්තිය (මර්ජ් සංවිධානය -දෙමළ එන්ජීඕ එකක් ) වගෙ ටැබ්ලොයිඩ් පත්තර විදේශීය එන්ජීඕ වලින් ගහපු කාලෙ කහ සිවුරක් දැක්කත් මූලධර්මවාදී කියල බනින ගතියක් තිබුන.සිංහල බෞද්ධ කියන වචනෙ දැක්ක හැටියෙ රාවයෙ බඩගැත්තරයො බනින ගතියක් තිබුන.පොලොන්නරුවෙදි ක්‍රිස්තියානි පල්ලියක් හාමුදුරුනමක් මැරුව.ඒ පැත්තෙ මිනිස්සු ඒකට විරුද්ධව පාරට බැස්ස.අද ඥානසාරට බනින අය ඒ කාලෙ තත්වය මතක නෑ.ඊට පස්සෙ රාවය පල්ලියෙ පැත්ත අරන් අර පාරට බැහැපු මිනිසුන්ට බැන්න.ඊට පස්සෙ පත්තර කඩවල තිබුන රාවය කඩමලු ටික එකතු කරල ගිනි තිබ්බ.ඊට පස්සෙනම් අඩියක් පස්සට අරන් ලිපියක් පළ කළා.දියවඩන්බ නිළමෙත් රාවය ගැන යමක් කීවම ඊට පස්සෙ කතුවැකියෙ විකට අයිවන් ශේප් න්‍යායෙ කතුවැකියක් ලිව්ව. අද තියෙන සිංහල බෞද්ධ ප්‍රබෝධයට හේතුවත් ඔය විකට අයිවන්ල වගෙ විශ්‍රාමික ත්‍රස්තවාදියො.උන්ගෙ හිරිහැර ඉවසන්න බැරිවයි ප්‍රතිවිරෝධයක් ආවෙ.

ජනරංජන කියන එකාගෙ මහ කැත විදියට කාටුන් අදින එකෙක්. පලෙයි ප්‍රදේශයෙ යුද්ධෙ අවස්ථාවක ඉදිරි ආරක්ෂක වලල්ල පස්සට ගන්න වුනා කොටි ප්‍රහාරයක් නිසා. එතනදි සෙබලුන් විශාල සංඛ්‍යාවක් මැරුන.ජනරංජන කාටුන් එක ඇන්දෙ හෙල උරුමෙ හාමුදුරුනමක්,විමල් වීරවංශ ,නලින් ද සිල්ව ල එහෙම හඩමින් මිනිය ගෙන යන හැටි.ඌ තව තැනක කාටුන් එකක් ඇන්ද කොටිය සිංහයෙක් හපාකාල සිංහය ලේ පෙරාගෙන.යුධ මෙහෙයුම් ජයගත් විට ලේ ගංගාවක් උඩ සෙබලෙක් ඉන්නව.මේව දකින සෙබලුන්ගෙ පවුල්වල අය මොන තරම් වේදනාවකට පත් වෙන්න ඇතිද?
මුන් සල්ලිවලට ලියන කුරුටු ගාන බඩගැත්තරයො.

මට පුද්ගලික කටයුත්තක් නිසා අන්තර්ජාලයට එන්න බැරි වෙලා තියෙනව. මෙතන හුරතල් වෙන හැටි මම දක්ක. විකට අයිවන් මෙහෙමයි ජනරංජන මෙහෙමයි කියල.සිංහල බෞද්ධයන්ට එරෙහිව කුලියට ලියපු මේ බඩගැත්තරයන් තෝරගත්තෙ විශ්‍රාමික ත්‍රස්තවාදීන්ගෙන්.උන් එක එක හීනමාන නිසා සමාජයට වෛර කළ උන්.කොටින්ට පක්ෂව ලියන්න කුරුටුගාන්න හොඳම එවුන් වුනේ උන්.
රාවය කියන්නෙ අද බල්ලෙක්වත් බලන්නෙ නැති කඩමල්ලක්නෙ.රාවය එදත් එහෙමයි.ඒත් එදා උන්ට විදේශගත දෙමළ සංවිධානවලින් ඔත්තු සේවා වලින් සල්ලි ලැබුන.අද ඒ සල්ලි නති නිසා නට්ටන් වෙලා.මට හිතෙනව රාවයට දැඩි ප්‍රතිවිරෝධයක් ඒ කාලෙ ආවෙ නෑ කියල.ඒක ජනතාවගෙ දුර්වලකමක් ලෙස මා දකිනව.
මගෙ බ්ලොග් එකේ රාවයෙ කාලකන්නිකම ගැන ලිපියක් පළ කරනව.

Reply

රාවයෙ කාලකන්නින්ට ප්‍රසිද්ධ හාමුදුරුවරු මරා දමන්න බැරි වුනා.සෝම වගෙ හාමුදුරුවරු නොමරා මරන එක රාවයෙ රාජකාරිය.චරිත ඝාතනය කළාම ඔවුන් ඇත්තටම මරන එක පල්ලියට ලේසි වෙනව.සෝම හාමුදුරුවන්ට රාවයෙන් මාසයක් මඩ ගහල ඇත්තටම මැරුව.සෙල්ලම දිගට ගෙනියන්න රාවය ඇතුළු මූලධර්මවාදීන්ට බැරි වුනා.කොටි වීරයො කරන්නත් රාවයෙ බල්ලන්ට බැරි වුනා.

Reply

අවසන් දුම් රිය ගැනනම් මතක් කරද්දිත් බයයි. මොන විජට් එකද මහේෂ්? අර රතු පාට බාර් එකද නැත්නම් කොටු තුනක් වගේ වැටෙන එකද? ස්තූතියි සුබ පැතුම් එක්කලාට :)

Reply

කුෂ්වන්ත් සිං එක්වරක් සීක් ජාතිකයන් වෙනුවෙන් වගේම මර්දනය වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවක් පිළිබඳ මම අසා තිබෙනවා.

කතාව කෙටියෙන් කිව්වොත් 1974 දී ඉන්දියානු රජය ඔහුගේ ශාස්ත්‍රීය මෙහෙය අගය කරලා "පද්ම භූෂන්" සම්මානයෙන් ඔහුව අගය කරනවා. ඒත් 1984 දී ඉන්දියානු හමුදා සීක් ජාතිකයන්ගේ මුදුන් මල්කඩ වශයෙන් සැලකෙන රන් දෙවොලට ප්‍රහාරයක් එල්ල කරලා සීක් ජාතිකයන් මරා දැමීමට විරෝධය පෑමක් විදිහට කුෂ්වන්ත සිං ඔහුට රජයෙන් හිමිවුණු පද්ම භූෂන් සම්මානය ආපසු රජයට භාර දෙනවා.

කොහොම වෙතත් 2007 දී ඔහුව පද්ම විභූෂන් සම්මානයෙන් අගය කරන්න ඉන්දියානු රජය කටයුතු කරනවා

Reply

කුෂ්වන්ත් කොන්දේසි විරහිතව සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි අයෙක් කියලා මට බොහෝ විට හිතිලා තියෙනවා. ඔබ කියපු කතාව ඒකට හොදම උදාහරණයක්

Reply

Post a Comment

© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.
Back To Top