Loading...

මනුෂ්‍යත්වය යළි රෝපණය කරමු.


උතුරු යුරෝපයේ බෝල්ට්ක් කලාපයට අයත් එස්ටෝනියාව වර්ග කිලෝමීටර් 45227 ක භූමි ප‍්‍රමාණයකින් සෑදුන ලද්දකි. මිලියන 1.3 ක් වූ එරට ජනගහනයෙන් 40% ක්ම පුවත්පත් කියවන්නේ අන්තර්ජාලය හරහාය. සමස්ත ජන ප‍්‍රතිශතයෙන් 90% ක්ම සිය බැංකු ගනුදෙනු මෙහෙයවීමට අන්තර්ජාල පහසුකම් යොදාගන්නා අතරම ජාතික මැතිවරණයකදී එරට ඡන්දදායකයා සිය ඡන්දය භාවිතා කරන්නේද පරිගණකය ඔස්සේය. ඔවුන් දිවා ආහාරය මිළට ගැනීමටත් වාහන ගාල්කිරීමටත් නියමිත මුදල ගෙවනුයේ තම ජංගම දුරකථනය හරහාය. වර්තමානයේ ලෝකයේ බොහෝ රටවලට අත්වී ඇත්තේ එස්ටෝනියාවට අත්වී ඇති ඉරණමය. 





"මිනිසෙකුට හුදෙකලාව ජීවත්විය නොහැක. ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට ඔවුන් සාමුහිකව කණ්ඩායම් ලෙසින් ජීවත් වූයේය." 

යන කියමන අසත්‍ය කරමින් වර්තමානයේ මිනිසුන් තම කාර්යයන් සියල්ල තමා විසින්ම කර ගන්නා තැනට පත්වී ඇත.

ලොව පුරා අන්තර්ජාල භාවිතය පිළිබඳ සිදු කරන ලද පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙසින් අවුරුදු 18 සිට 34 දක්වා වයසැති පිරිසෙන් 48% ක් ම අවදිවූ සැණින් අන්තර්ජාලය වෙත පිවිසෙන බව සොයාගෙන ඇත. මේ අනුව ලෝකයේ තරුණ ප‍්‍රජාව තම හිතවතා, ළබැඳියා, සහ ආදරවන්තයා බවට පත්කරගෙන ඇත්තේ අන්තර්ජාලයයි. විටෙක විලාසිතා ලෝකයේ සැරිසරන ඔවුන් තවත් විටෙක මිතුරන් හමුවීමට අන්තර්ජාලයට පිවිසේ. හැකි සෑම විටෙකම අන්තර්ජාල කී‍්‍රඩාවල යෙදෙන මොවුන් තම අතිශය පෞද්ගලික ලිංගික ආශාවන් සංතෘප්ත කරගැනීමටද අන්තර්ජාලයම යොදා ගනී. 

අන්තර්ජාලය බිහිවීමත් සමග ලෝකය ඉතා කුඩාවූ බව සත්‍යයකි. නමුදු එහි බිහිවීමත් සමග ලෝකය විෂම වූ බවද පිළිගත යුතුය. ආක්ටික වෘතයේ සිට ඇන්ටාක්ටික් වෘතය දක්වා සමස්ත මිනිස් ප‍්‍රජාවේම පුද්ගලාන්තර සම්බන්ධතාවයන් අද මේ නිසා බිඳ වැටී ඇත. ඔවුන්ගේ ජීවිත යන්ත‍්‍ර සූත‍්‍ර බවට පරිවර්තනය වී ඇත. 

ඒ නිසාවෙන්ම අප අවබෝධ කරගත යුතු එක් දෙයක් ඇත. 

ලොව මනුෂ්‍යත්වය නොමැතිව ලබන කිසිඳු ජයග‍්‍රහණයක පැවැත්මක් නොමැත. එබැවින් මේ ලොව තුළ ආදරය සෙනෙහස අපි විසින් වගා කළ යුතුය.
author
සරුංගලේ - the kite blog is on facebook:

This post was written by: Dilini Gamage

සරුංගලේ කියන්නේ නිර්මානයක් - පරිස්සමෙන් හදලා, හැඩය එන්න පාට කඩදාසි අලවලා, කල්යල් බලලා උඩු හුලඟට එකතු කරපු නිර්මානයක්. සරුංගලේ කියවන්න ඔබ වැය කරන හැම මිනිත්තුවක්ම ඔබේ ජීවිතයට වැදගත් යමක් එක් කරන මිනිත්තුවක් වෙනවාමයි. ඒ නිසා ඉඩක් ලැබෙන හැම වෙලාවකම සරුංගලේට ගොඩ වෙන්න. සරුංගලේ ගැන ඔබට හිතෙන දේවල්, ගුන දොස් හැම දෙයක්ම මට කියන්න.

ඊමේල් මගින් සම්බන්ධවන්න
Share this Post Share to Facebook Share to Twitter Email This Pin This

3 comments

ඇත්තෙන්ම ලොව තුල ආදරයම වගා කල යුතුයි.

අදයි මේ බ්ලොග දැක්කෙ. සින්ඩි වල එල්ලලා නැත්ද? සින්ඩි වල එල්ලලා ඔයා ලියන දේවල් හැමෝටම කියවන්න දෙන්න. මාත් බ්ලොග් රෝලෙ දාගන්නම්.

මාතලන් අයියගෙ සින්ඩියෙ, තිඹි‍රිගෙය වගේ ඒවයෙන් අලුත් බ්ලොග් වලට සපෝට් කරනවා.

http://maathalangesindiya.blogspot.com/
http://syndi.lankeeya.lk/
http://blogs.sinhalabloggers.com/
http://geek.lk/
http://syndi.lankeeya.lk/
http://www.sinhalabloggers.com/
http://sindiya.com/
http://www.kottu.org/
http://blogs.geegain.com/
http://lankablogs.org/
http://maathalangesindiya.blogspot.com/
http://www.hathmaluwa.org/
http://www.ekathuwa.com/
http://api-apita.blogspot.com/
http://ad.einfolk.com/
http://sindilanka.blogspot.com/
http://nohimsithuwili.blogspot.com/
http://avakashaya.blogspot.com/
http://k-matha.blogspot.com/
http://i-am-a-blog-reader.blogspot.com/
http://helayeithihasaya.blogspot.com/
http://ambagaha.blogspot.ca/

http://kuveni1.blogspot.com

සුභ පැතුම්……!!!

Reply

අනෙ හප්පේ පුලුවන්නම් word verification අයින් කරන්නෝ……

Reply

බෙහොම ස්තූතියි චතුරංග. :) සින්ඩිකේටර්ස් කිහිපයකටම එකතු කරන්න කටයුතු කරා. ඒත් ඒවා ක්‍රියාත්මක වෙන්න තව දවස් කීපයක් යයි. මෙ තියෙන සින්ඩිවලටත් හැකි ඉක්මනින් එකතු වෙනවා. බ්ලොග් එකේ පලමුවෙනි කමෙන්‍ටුව ලැබුනේ ඔයාගෙන්. බොහොම ස්තූතියි.

Reply

Post a Comment

© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.
Back To Top