Loading...

ලෝකයේ විවිධ කුල ක්‍රමයන් පිළිබඳ විග්‍රහයක්


සංස්කෘතිය  බහුරූපී හා සංකීර්ණ ප‍්‍රපංචයකි. 1817 සිට 1919 දක්වා වන විට නිර්වචන 07ක් පමණක් තිබූ 'සංස්කෘතිය' 1950 දශකය වන විට නිර්වචන 157 දක්වා ඉහල යන ලදී. වර්තමානය වන විට එය 500 ඉක්මවා ගොස් ඇත. සංස්කෘතිය අධ්‍යයන විෂයක් වශයෙන් සංකීර්ණව  අැති තරම මෙන්ම මිනිස් ජීවිතය තුළ සංස්කෘතික සාධකය සංකීර්ණ වී අැති අාකාරයද මේ තත්ත්වයට දායකව අැත. දිනෙන් දින සංකීර්ණ වන සංස්කෘතිය අන්තර් සංස්කෘතික වශයෙන් අධ්‍යයනය කිරීම තුළින් ඒ ඒ සංකෘතීන්ට සුවිශේෂී ලක්ෂණයන් හදුනා ගැනීමට ද හැකිවනු අැතිවන අතර සංස්කෘතීයේ පවතින ගතිකයන් හා විචල්‍යයන් අන්තර් සංස්කෘතික වශයෙන් අවබෝධ කර ගැනීම ද එබැවින් පහසු වේ. 


කුලය නැමැති සාධකය ලෝකයේ විවිධ සංස්කෘතින්ට පොදු අන්තර්-සංස්කෘතික ලක්ෂනයක් ලෙස හැඳින්විය හැකි අතර සන්සන්දනාත්මක විශ්ලේෂණයකිරීම තුළීන් වෙනස් සංස්කෘතීන් තුළ වුව කුල සාධකය ගොඩනැගුන අාකරයන් තුළ අති පොදු රටාවන් හඳුනාගත හැක. 

කුලය යන්න සමාජ ස්ථරයක් ලෙස මතුවී පසුකාලීනව සමාජ අවශ්‍යතාවයන් මත සමාජය විසින්ම මේ දක්වාම පවත්වාගෙන එනු ලබන සමාජ දර්ශකයකි. කුලය හැඳින්වීමට යෙදෙන Caste යන ඉංග‍්‍රීසි පදය 'මිනිස් වර්ගය' හෝ 'කණ්ඩායම' යන අර්ථය දෙන පදයක් වශයෙන් කි‍්‍ර.ව. 1555 දී පමණ ඉංග‍්‍රීසි භාෂාවට එක්වුණා යැයි සැලකේ. ස්පාඤ්ඤ සහ පෘතුගීසි භාෂාවන්හි  එන Casta යන පදයෙන් Caste යන්න බිහිවුණා යැයි සැලකේ. මෙකී ස්පාඤ්ඥ/පෘතුගීසි පදය භාවිතව ඇත්තේ අමිශ‍්‍ර හෙවත් 'මිශ‍්‍ර නොවුණු' යන අර්ථයෙනි. 

Global Majority E Journal සඟරාවට ලිපියක් සම්පාදනය කරන ජැස්මින් රාවෝ නම් පර්යේෂිකාව පවසන පරිදි කුල ක‍්‍රමය යල් පැන ගිය පැරණි සංකල්පයක් සේ සැලකුනද එහි ඇතැම් ශේෂ ලක්ෂණ අදට ද දකුණු ආසියානු රටවල සහ ලෝකයේ බොහෝ රටවල ඉතිරිව තිබෙනු දැකිය හැකිය. සෙලස්ටීන් බොවුග්ලේ Essays on the caste system  ග‍්‍රන්ථයෙන්  කුලය ප‍්‍රධාන ලක්ෂණ 03 කින් යුක්තව ගොඩනැගෙන බව පෙන්වා දී තිබේ.

01. සෑම කුලයක්ම සිය කුල කණ්ඩායමෙන් පිටස්තර කණ්ඩායම් සමග ආවාහ-විවාහ සහ වෙනත් ස්ථිර සමාජ සම්බන්ධතා පැවැත්වීමෙන් වැලකී සිටිම සිදු කරයි. බොවුග්ලේ මෙම සාධකය වියෝජනය (Separation) ලෙසින් හදුන්වා දී ඇත. ඒ ඒ කුල අතර පවතින වියෝජන ලක්ෂණයට නිදසුනක් වශයෙන් ශි‍්‍ර ලංකාවේ ජන සමාජය තුළ ගොවි කුල වංශිකයින් තමාගේ කුලයෙන් පිටස්තරව ආවාහ-විවාහ සිදු කිරීමෙන් වැලකී සිටීම දැක්විය හැක.

02. ඒ ඒ කුල සෙසු කුලයකට වඩා උසස් (Superior) හෝ පහත් (Inferior) හෝ වීම එනම් අනුපිළිවෙල/ධූරාවලියක් (Hierarchyසහිතව සංවිධානය වේ. එය ශ‍්‍රි ලංකාව තුළත් කුල ක්‍රමයන් ක්‍රියාත්මක වෙනත් බොහෝ රටවලත් හදුනා ගැනීමට හැකි ලක්ෂණයකි.

03. ඒ ඒ කුල කණ්ඩායම් ප‍්‍රවේණි සාධක මත ඔවුන්ට උරුමවූ ශ‍්‍රම කි‍්‍රයාවලියකට (වෘත්තියකට) දායකවේ. එය බොවුග්ලේ විසින් විභාජනය (Division)  ලෙසින් දක්වා අැත. මෙම වෘත්තිය ප‍්‍රවේණිය සම්ප‍්‍රදායක් වශයෙන් හෝ සමාජ න්‍යායක් වශයෙන් ඒ ඒ කුලයට උරුම වූ ලක්ෂණ විය හැක. නිදසුනක් ලෙස ඉන්දියාවේ කුල සාධකය ක‍්‍රියාත්මක වන්නේ ද ලංකාවේ කුල ක්‍රමයේ පැවැත්ම තහවුරු වන්නේද මෙකී වෘත්තීය පදනම් කර ගත් විභාජයනය තුළිනි. 

කුලය සම්බන්ධයෙන් බොහෝ විට දැකිය හැකි ව්‍යාජ මතයක් නම් එය බොහෝ විට දකුණු අාසියානු රටවල් වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල දැකිය හැකි සමාජ බෙදීම් සාධකයක්ය යන්නයි. අැතැම් විට මේ රටවල් තවමත් 'නොදියුණු' හෝ 'ග්‍රාම්‍ය' ඒවායැයි කියාපෑමටද ඒ රටවල් තුළ ක්‍රියාත්මක කුල ක්‍රමයන් සාධකයක් වශයෙන්  ගනු ලබයි. නමුත් සත්‍ය කාරණය අද වනවිට අාර්ථික වශයෙන් සහ දේශපාලන වශයෙන් දියුණු යැයි සැලකෙන රටවල් තුළ පවා අවම වශයෙන් මීට  දශක කිහිපයකට ඉහතදී හෝ පැහැදිලිව විද්‍යාමාන වන කුල ක්‍රමයක් හෝ එවැනි කුල ක්‍රමයකින් සංස්කෘතියට අවශෝෂණය වූ ලක්ෂණ දැකගතහැකි වීමයි. 

මෙම ලිපිය මින් ඉදිරියට  වෙන්වන්නේ එවැනි කුල ක්‍රම කිහිපයක් විශ්ලේෂණාත්මකව අධ්‍යණයකරමින් ඒවායේ අන්තර්-සංස්කෘතික ලක්ෂණ හඳුනාගැනීම සඳහායි. 




සෙලස්ටීන් බොවුග්ලේ විසින් විස්තර කරන ලද කුල ක‍්‍රමයට අදාල ලක්ෂණ පැහැදිලිව හඳුනාගත හැකි සමාජ පද්ධතියක් වශයෙන් ජපාන සමාජය දැක්වියහැක.

ජපානයේ කුල ධූරාවලිය සමුරායිවරුන්, ගොවීන්, කම්කරුවන් හා වෙළඳ කුල ප‍්‍රධාන කුල වර්ග 4කින් යුක්ත වේ. 

01. සමූරායිවරු ජපානයේ වංශවත් ඉඩම් සහ දේපළ හිමි රණශූරයන් සහ සේනාධිනායකයන් වේ. වැඩවසම් ජපානය (Feudal Japan) තුල සමූරායිවරුන්ගේ ප‍්‍රතිශතය 10% ක් පමණ විය. සමුරායිවරු සිය සේවය දයිම්යෝ සහ ශෝගන් යන නම්වලින් හඳුන්වන ලද පාලක කණ්ඩායම් වෙත ලබාදුන් අතර ඔවුන් බොහෝ විට පාලකයන් සමග මාලිගා තුල ජිවත් විය.

02. ජපාන කුල ක‍්‍රමයේ දෙවැනි වැදගත් ස්ථානය ගොවීන්ට හිමිවිය. න්‍යායික වශයෙන් ඔවුන් ගරුකටයුතු කුලයක් ලෙස සැලකුවද කෘෂිකර්මාන්තයට අදාලව පාළකයන් පැනවු අධික බදු නිසා ඔවුන් ද බොහෝ දුරට පීඩිත ජීවිත ගෙවීය.

ගොවි කුලයේ සමාජ-අාර්ථික තත්ත්වයන් වඩාත් පරිහාණියට පත්වූවා යැයි සැලකෙන තුන්වැනි තොකුගාවා ශොගුන් පාලන සමය තුල ගොවීන්ට ඔවුන්ගේ අස්වැන්න පරිභෝජනයට සෘජු අයිතියක් නොවීය. ඔවුන් තම අස්වැන්න පාලක පංතිය වෙත ලබාදිය යුතු අතර පාලක පංතිය ඉන් අනතුරු යම් කොටසක් පින් සලකා ගොවින්වෙත නැවත ලබාදේ.

03. කර්මාන්තකරුවන්ට ජපාන කුල ධූරාවලියේ තුන්වෙනි තැන හිමි වේ. ඔවුන් රෙදිපිළි නිෂ්පාදනය, අවිආයුධ නිෂ්පාදනය ආදියේ නිරතවූ අතර නගර තුල සමූරායි සහ වෙළෙන්දන්ගෙන් වෙන් කල විශේෂ භූමි ප‍්‍රදේශ තුල ජීවත් විය.

04. සංචාරක වෙලෙන්දන් සහ වෙළඳසැල් හිමියන් වැඩවසම්  ජපානයේ පහත්ම කුලය ලෙස සැලකිනි. වැඩවසම් ජපානය  තුළ වෙළෙන්ඳන් සැලකුනේ සෘජු නිෂ්පාදන ක්‍රියාවලියකට දායක  නොවී ගොවි සහ කම්කරු කුලවල නිෂ්පාදනවලින් ලාබ ලබන ‘පරපෝෂිතයන්’ වශයෙනි. කෙසේ නමුත් වැඩවසම් යුගය පසුකර ජපානය කාර්මික රාජයයක් බවට පත්වද්දි වඩාත්ම ධනවත් වුයේත් ඒ හරහා ඉහලම දේශපාලන බලතල අත්කරගත්තේත් මෙම කණ්ඩායමයි. ජපාන වෙළඳ කුලය සිය සමාජ-අාර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රමිකව අත්පත් කරගත් වර්ධනය අන්තර්-සංස්කෘතික වශයෙන් සලකා බලන විට ඉන්දීය කුල ක්‍රමය තුළ පසුකාලීන වෙෙශ්‍ය කණ්ඩායම් අත්කරගත් ඉහළ තත්ත්වයට සමාන වේ. 

ජපාන කුල ක‍්‍රමය ලෝකයේ අනිත් කුල ක‍්‍රමයන්ගෙන් වෙනස් වූයේ එහි පවතිින  අංග 04 කින් යුත් කුල ධූරාවලියට අයත් නොවන ලෙස ඉහලින් සහ පහළින් වෙනත් සමාජ කණ්ඩායම් ජීවත් වීමයි. එය එක් අතෙකින් ලංකාවේ සාමාන්‍ය කුල ධූරාවලියට පිටතින් ඉහළ වරප්‍රසාද භුක්ති විඳින රදළ පෙලැන්තියට සමාන තත්ත්වයකි. ඒ අනුව දයිම්යෝ ජන කොටස් ජපන් සමාජයේ වංශවත් රදළ පාලකයන් විය. ඔවුන් සමූරායිවරුන්ටද ඉහල හමුදා පාලකයන් විය. දයිම්යෝ ජනයාගේත් තවත් සුලු කොටසක් වඩාත් උසස් සේ සැලකුන අතර ඔවුන් ශෝගන් ලෙස හැදින්විනි. ජපානයේ දේශපාලන බලය අධිරාජ්‍යයාගේ නම පෙරදැරිව හසුරවන ලද්දේ ශෝගන්වරුන් විසිනි. ජපාන අධිරාජ්‍යයා ඊටත් ඉහලින් තබා සැලකුන අතර බෞද්ධ සහ ෂින්තෝ පූජකවරු සහ භික්ෂුන්ද කුල ක‍්‍රමයට අයත් නොවන උසස් කොටස් සේ සැලකින.

ජපාන කුල ධූරාවලියෙන් පිටත වඩාත්ම පහත්  යැයි  සැලකුන කණ්ඩායම් 04ක් විය. ඒ අයිනූ යනුවෙන් හැඳින්වුන අතීතයේ වහල් මෙහෙයේ නිරතවූවන්ගෙන් පැවත එන්නන්, ‘නුසුදුසු’ වෘත්තීන් යැයි හැඳින්වූ මස් වෙළඳාම සහ අලුගෝසු වෘත්තියේ නිරතවූවන් අයත්වූ එතා යන නමින් වූ කණ්ඩායම, නලු නිලියන්, විරිඳුකරුවන් සහ අපරාධකරුවන් අයත් වූ හිනින් යන නමින් වූ කණ්ඩායම ද ගනිකාවන්, අබිසරුලියන් සහ විනෝද සේවිකාවන් අයත්වූ පොදුවේ ගෙයීෂා යන නමින් (මෙම කාන්තාවන් ඔවුන්ගේ සුන්දරත්වය සහ සේවාදායකයන්ගේ උසස් හෝ පහත්බව යන කරුනු පදනම් කරගෙන තවදුරටත් ඔයිරන්, තයූ, සහ ගෙයීෂා යන නම්වලින් උප කණ්ඩායම් වශයෙන් වර්ග කර තිබිනි.) හැඳන්වූවන්ද වශයෙනි.  

ඉන්දීය කුල ක්‍රමයේ බිහිවීමට සහ පැවැත්මට හින්දු අාගම බලපෑවාක් මෙන් ජපාන කුල ක්‍රමයේ වර්ධනයට කොන්ෆියුසියස් දහම, බුදුදහම සහ ෂින්තෝ අාගම බලපාන ලදි. ගොවින් සමාජයේ දෙවැනි උසස් කුලය වශයෙන් සැලකීමට අාහාර නිෂ්පාදනය කරන ගොවීන් මත සමාජයේ සෙසු සියලුම කාර්යයන්හි පැවැත්ම හෝ ඛණ්ඩනය රඳා පවතින්නේය යන කොන්ෆියුසියන් ඉගැන්වීම හේතුවිය. එසේම කුල ධූරාවලියෙන් පිටත පහත් කණ්ඩායමක් වශයෙන් එතාවරු සැලකුම් ලැබීමට ඔවුන්ගේ වෘත්තීන් බෞද්ධ සහ ෂින්තෝ ආගම් විසින් පහත් වෘත්තීන් වශයෙන් සැලකීම හේතුවිය. 




ඉන්දියාව කුල ක්‍රමය අතිශය ප්‍රබලව ක්‍රියාත්මක වන රටකැයි අලුතෙන් හඳුන්වා දීමක් සිදුකිරීම අවශ්‍ය නොවන තරම්ය. කෙසේ වෙතත් බොහෝ දෙනා ඉගෙන ගෙන අැති වර්ණ 04 කින් යුත් ඉන්දීය  කුල ක්‍රමය ඉන්දියාවේ මෑත කාලීන සමාජ, අාර්ථික සහ දේශපාලන දියුණූව හමුවේ වෙනස්ව අැති බව සඳහන්කිරීම අවශ්‍යව අැත. ඉන්දීය රජය ගත් නීතිමය සහ ප‍්‍රතිපත්තිමය පියවර මෙන්ම ඉන්දියාවේ ඇතිව අැති සීඝ‍්‍ර කාර්මීකරණය සහ නාගරිකරණයද වාණිජ ප‍්‍රජාවේ නැගීසිටිමද සම්ප්‍රදායික වර්ණ බෙදීම් අධෙෙර්යමත් කරන ඒවා විය. ඒ අනුව නූතනය වනවිට ඉන්දීය කුල ක්‍රමය බොහාේ පැතිකඩ තුළින් අාර්ය සහ දාලිත් (ස්පර්ශ නොකළ යුතු) යනුවෙන් වන වර්ග දෙකක් දක්වා වෙනස්ව අැත. 


ඉන්දීය කුල ක‍්‍රමය සහ ඒ හා බැදුණ එරට සංස්කෘතියේ පැවැත්ම තීරණයක කරන්නට දායක වන ලක්ෂණ කිහිපයක් දැකිය හැක.


  • ඉන්දියාව තුළ පහත් කුල දාලිත්වරුන් මිලියන 180 - 200 ත් අතර ප‍්‍රමාණයක් සිටින බවත් එයින් මිලියන 40 ක් පමණ ජනතාව අතිශය කටුක කම්කරු වෘත්තීන්වල නියැලෙන බවත් සංඛ්‍යාලේඛනවලින් පෙන්වා දී ඇත.

  • හුදෙක් පහත් කුල ජනතාව දැකීමෙන් පවා තමන්ගේ ආර්ය තත්ත්වයේ කෙලෙසීමක් ඇතිවේයැයි සහ ඔවුන් සමග සම්බන්ධ වීමෙන් තමන්ට ඊලඟ ආත්මයේදී අඩු කුලයක ඉපදෙන්නට සිදුවෙතැයි උසස් කුලවල ජනතාව තුල මුල් බැසගෙන ඇති විශ්වාසයක් විය.

  • ඉන්දීය කුල ක‍්‍රමය හා බැඳුණු විවාහ සම්ප‍්‍රදායන් රාශියක් දැක ගත හැකිවේ. අඩු කුල යැයි සම්මත ජනතාවට තමන්ට වඩා ඉහළ කුලයක කාන්තාවක/පිරිමියෙකු සමග විවාහ විය නොහැකිය යන්න වේද ග‍්‍රන්ථ රචනා වූ සමයේම ස්ථාපිතවූ ඉන්දිය සමාජ රීතියකි. කුල ක‍්‍රමය කෙතරම් සමාජ පරිවර්තනයන්ට ලක්ව තිබුණද මෙම සමාජ රීතිය ඉන්දියාව තුළ අදටද ක‍්‍රියාත්මක වනු දැකිය හැකිය. 

  • අතීත ඉන්දියාව තුල අධ්‍යාපනය ලැබීමේ අයිතිය බ‍්‍රාහ්මණ, ක්ෂ්ත‍්‍රීය සහ වෛශ්‍ය කුලවලට පමණක් සීමාවී තිබුනි. නිදහසින් පසු යුගය තුල පවා අධ්‍යෘපන ආයතනවලට අඩු කුලවල දරුවන් ඇතුල්වීම අධෛර්යමත් කරන කරුණු කි‍්‍රයාත්මක විය. මේ තත්ත්වය යටතේ පුද්ගල අනාගතය තීරණය කරන්නාවූ අධ්‍යාපනයක් ලැබීමට දාලිත් කුලවලට ඉඩ නොලැබුන අතර ඒ නිසාම ඔවුන් තවදුරටත් තමන් උපත ලැබූ කුලයේ සම්ප‍්‍රදායන්ට සිරවිය.

  • ඉන්දියානු රාජ්‍ය සේවය තුළ පහත් කුලවලට අයත්යැයි සැලකෙන්නන්ගේ අයිතීන් තහවුරුකිරිම සඳහා විශේෂයෙන් සකසන ලද කෝටා ක්‍රම සහ නියෝග රාශියක් අදවනවිට ක්‍රියාත්මකය. 




මුස්ලිම් සමාජ පද්ධතීන් තුළ ද කුල සාධකය ක‍්‍රයාක්මක වනවාය යන්න එතරම් ප්‍රචලිතව නොමැති කරුණකි. අප බොහෝ විට මුස්ලිම් සමාජය වටහා ගෙන සිටින්නේ බෙදීම් අවම ඒකීය සමාජ ක‍්‍රමයක් වශයෙනි. කෙසේ නමුත් මුස්ලිම් සමාජයෙහිද අැතැම් ස්ථානවල පැහැදිලිව හඳුනාගත හැකි කුල ධූරාවලීන් විද්‍යාමානය. 

කුල ක්‍රමයක් ක්‍රියාත්මක මුස්ලිම් සමාජයක් වශයෙන් පාකිස්ථානය හඳුනාගත හැකිය. පාකිස්ථාන කුල ක‍්‍රමය කුලය, ගෝත‍්‍රය සහ ආගමික තත්ත්වය යන අනු කොටස්වලින් සමන්විත සංකිර්ණ එකක් ලෙසින් හදුනා ගැනීමට හැකි වේ.

පාකිස්ථාන කුල ක‍්‍රමය මූලික වශයෙන් ඉහත සඳහන් කළ අාකාරයට වියෝජනය, ධූරාවලිය සහ වෘත්තිය වශයෙන් බෙදීමෙන් අනතුරුව පුශ්තූන් සහ පඨාන් යනුවෙන් ගෝත‍්‍ර වශයෙන්ද බෙදේ. එයිනුදු අනතුරුව ඔවුන් අහමදියියා සහ මොජාහිර් වශයෙන් ඉස්ලාම් ධර්මයේ න්‍යායික පිළිගැනීම්ද පදනම් කරගෙන බෙදීමට ලක්වේ.

අනෙකුත් බොහෝ කුල පද්ධතීන්වලට වඩා වෙනස්ව ගොඩනැගී අැති මුස්ලිම් කුලවලට ආගමික පදනමක් නොමැති අතර එය පරම්පරාවෙන් පැවත එන්නකි. පහත්ම අර්සාල් කුලය හින්දු දාලිත් කුලය මෙන් ඉතා අවම වරප‍්‍රසාද ලබන්නන් වන අතර ඔවුන් අශුද්ධ යැයි සැලකේ. මුස්ලිම් දේවස්ථානවලට ඇතුල්වීමට ඔවුන්ට අවසර නොමැති අතර ඔවුන් මියගිය පසු පොදු මුස්ලිම් සුසානභූමිවල භූමදානය කිරීමට ඉඩ නොදෙනු ලැබේ. මීට අමතරව බෙංගාල ප‍්‍රාන්තයේ මුස්ලිම්වරු උපත මත තීරණයවූ වෘත්තීය රටාවක් පදනම් කරගත් කුවොම්ස් (Quoms) නමින් වන කුලවලට බෙදී සිටී.

පාකිස්ථානය කුල පීඩනය අතිශය දරුණු ලෙස ක්‍රියාත්මක රටකි. අඩු කුල යැයි සම්මත පාකිස්ථාන ජන කොට්ඨාශයක්වන බලූචිවරුන් විසින් තමන්ට බලූකිස්තානය නමින් වෙනම රාජ්‍යයක් ඉල්ලා අාරම්භ කර අැති සන්නද්ධ අරගලය පිළිබඳ අදහස් දක්වන දේශපාලන විශ්ලේෂකයන් බලූචිවරුන්ට දශක ගණනාවක් තිස්සේ එල්ලවූ කුල පීඩනය සන්නද්ධ අරගලයක් දක්වා ගමන් කිරීමට ඔවුන්ව පෙළඹවූ ප්‍රධානතම හේතුවක් වශයෙන් දක්වා අැත.  

පාකිස්ථානයේ බලූචිවරුන්ගේ සන්නද්ධ අරගලය මෙන්ම ලංකාවේ එල්.ටී.ටී.ඊ සංවිධානය සහ විප්ලවකාරී පක්ෂයක්ව පැවති සමයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ සන්නද්ධ අරගලද  එක්තරා දුරකට ඔවුන් වෙත එල්ලවූ කුල පීඩනයකට ලබාදුන් ප්‍රතිචාරයන් වශයෙන් සැලකිය හැකිය. 

නැවතත් පාකිස්ථාන කුල ක‍්‍රමය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නම් එහි අැති වඩාත්ම අවාසනාවන්ත තත්ත්වයක් වශයෙන් අඩු කුල කාන්තාවන් උසස් කුලවල පිරිමින් අතින් සමූහ දූෂණයන්ට නිරන්තරයෙන් ගොදුරු වීම ද එවැනි ස්ත්‍රී දූෂකයන් ඉන් අනතුරුව නීතියේ දණ්ඩනයෙන් නිදහස්ව යාමද දැක්විය හැක. මේ තත්ත්වයට සහ පොදුවේ පාකිස්ථානයේ කුල භේදයට එරට නීතිමය සාධකයන්හි අැති නොයෙක් දුර්වලතාද බලපා අැති බව කිවයුතුය. 

1979 දී එවකට පාකිස්තානයේ හමුදා නායකයාව සිටි ශියා උල් හක් විසින් පාකිස්තානය එතෙක් පැවති අනාගමික තත්ත්වයෙන් ඉවත් කර ශරියාකරණය/ඉස්ලාමියකරණය කිරීම සඳහා හුදූද් ආඥාපනත (Hodood Ordinance), අනාචාරය අවිවාහකයන් අතර මෛථූනය සහ ස්තී‍්‍ර දූෂණය පිළිබඳ   සිනා අාඥාපනත (Extramarital Ordinance) සහ අවිවාහකයන් අතර මෙෙථූනය හා අනාචාරය පිළිබඳ සාවද්‍ය චෝදනා පනත හෙවත් ක්වාස්ෆ් පනත (False accusation of fornication or adultery Ordinance) යන නීති හරහා පාකිස්ථාන දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන එක් කරන ලදි. 

එහිදී අනාචාරය (Adultery) සහ අවිවාහකයන් අතර මෛථූනය (Fornication) යන වැරදි දෙක නිර්වචනය කරන ලද ආකාරය තුල පාකිස්ථාන උසස් කුල පිරිමන්ට අඩු කුල කාන්තාවන් සමූහ දූෂණයට ලක් කර නීතියෙන් ගැලවී සිටිමෙන් නිදහසක් ඇතිව ඇත. එසේම ක්වාස්ෆ් පනත විසින් අැතිකර තිබෙන නීතිමය ප්‍රතිපාදන හේතුවෙන් පාකිස්ථානය තුළ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලබන්නට එරෙහිව නීතිය ක්‍රියාත්මකකිරීම අතිශය ගැටලුකාරි වී අැත.




පාකිස්තානයේ පමණක් නොව නේපාල සංස්කෘතිය තුළත් කුල ක‍්‍රමය හදුනා ගත හැකි ලක්ෂනයකි. එම සමාජයේ ද අඩු කුල ජනතාව දාලිත්වරුන් ලෙස සැලකේ. එයිනුත් කඳුකර දාලිත්වරු, තරායි දාලිත්වරු, නේවර් දාලිත්වරුන් වශයෙන් වන උප කුල ජනතාව වඩාත් පීඩිත ජීවිත ගතකරන්නන් ලෙස සැලකේ. කඳුකර දාලිත්වරු නේපාලයේ වඩාත්ම දරිද්‍රතාවයෙන් පෙලෙන්නන් සේ සැලකේ.

සෙසු කුල ක‍්‍රමවල මෙන්ම නේපාලයේද අඩු කුල ජනතාවට වෙන්වූ රැකියා සම්ප‍්‍රදායන් ඇත. ඒ අනුව කම්මල් කර්මාන්තය, රන් කර්මාන්තය, ඇඳුම් මැසිම, සපත්තු සැදීම සහ කසල ශෝධනය නේපාලයේ අඩු කුලයැයි සම්මත ජනතාව සඳහා වෙන්වූ වෘත්තීන් වේ.

නේපාලය තුල අඩු කුල ජනතාව සම්බන්ධයෙන් වන විශේෂ තත්ත්වයක් නම් ඔවුන් සතු ඉඩම් හිමිකාරීත්වයක් නොමැති වීමයි. ඔවුන් බොහෝ විට ධනවත් ඉඩම් හිමියන්ගේ නොවටිනා ඉඩම්වල පදිංචිව සිටින අතර පදිංචිය වෙනුවෙන් ඉඩම් හිමියාට බැල මෙහෙවර කිරීමට අඩු කුල ජනතාවගේ කාන්තාවන්ට සහ ළමයින්ට සිදුවේ.

නේපාලයේ කුලය හා බැඳුණු වෘත්තීය කේෂත‍්‍ර තුල විශේෂ සම්ප‍්‍රදායක් ඇත. ඒ අනුව  ‘හලියා  ප‍්‍රාත’ හෙවත් සම්ප‍්‍රදායිකවම කිසියම් සේවයක් සැපයීමට භාරව තිබෙන ජනතාවට සහ ‘කාලා ප‍්‍රාත’ හෙවත් බලෙන් සේවයේ යොදවනු ලැබූවන්ට වැටුපකින් තොරවම සිය ස්වාමිවරුනට රාජකාරි සැපයීමට සිදුව ඇත. නේපාල පාසල් අධ්‍යාපන පද්ධතිය තුල තවමත් කුල සාධකය බලවත් ලෙස ක්‍රියාත්මක වන බහ හඳුනාගෙන තිබේ. බොහෝ පාසල් ගුරුවරුන් විසින් දාලිත් දරුවන් සහ ආර්ය කුල දරුවන් එකිනෙකාගෙන් ඇත්කර තබන්නට කටයුතු කළ බව 2002 වසරේ නේපාලයේ සිදුකළ සමීක්ෂණයකින් හෙළිව ඇත.

පාකිස්තානය ,නේපාලය පමණක් නොව ශී‍්‍ර ලංකාවේ ද කුල ක‍්‍රමයේ ආරම්භය හා එහි විකාශනය ඉන්දීය කුල ක‍්‍රමයේ අභාෂය හරහා සිදුවූවාය යන්න පැහැදිලි කරුණකි. 




ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් වන බොහෝ ඓතිහාසික මූලාශ‍්‍රවල පැරණි ශී‍්‍ර ලංකාවේ වාසය කළ ප‍්‍රධාන ගෝත‍්‍ර 03 ක් වශයෙන් යක්ෂ, නාග සහ දේව කණ්ඩායම් දක්වා ඇත. මේ ගෝත‍්‍ර අතර වර්තමානයේ අප කුලය වශයෙන් හඳුනාගන්නා කණ්ඩායම් පැවතියේද යන්න පිළිබඳ නිශ්චිත මූලාශ‍්‍ර නොමැත. 

ඉන්දියාවේ සිට පැමිණි විජය කුමරුන්ගේ ආගමනයත් සමග යක්ෂ, නාග, හා දේව ශිෂ්ඨාචාරයන් ඉක්මවා විජයගේ සහපිරිවර මගින් ආරම්භවූ ශිෂ්ඨාචාරයන් මෙරට තුළ ව්‍යාප්ත වූ බව මහා වංශයේ හා සෙසු වංශකතා සාහිත්‍යයෙහි සඳහන් වේ. ලංකාවේ අද පවතින කුල ක‍්‍රමය සංස්ථාපනය වීමට යම් ආරම්භයක් මෙම සංසිද්ධියෙන් සැපයුනායැයි සිතිය හැක.

විජය රජුගේ ආගමනය කුල ක‍්‍රමයයේ ආරම්භය සඳහා යම් පදනමක් සැපයූවද ලංකාවේ කුල ක‍්‍රමය සංස්ථාපනයවීමට වඩාත් ප‍්‍රබලම දායකත්වය සැපයූයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් පසුව යැයි කිව හැක. විශේෂයෙන් ජය ශී‍්‍ර මහා බෝධියේ අංකුරයක් මෙරටට වැඩම කරවූ සංඝමිත්තා තෙරණියගේ ආගමනයට සමාන්තරව විවිධ ශීල්පයන්හි ප‍්‍රවීණත්වය දැරූ කුල 32 ක පිරිස් මෙරටට පැමිණිම සහ ඔවුන් අනුරාධපුර රාජධානිය කේන්ද්‍ර කරගනිමින් දිවයිනේ විවිධ ස්ථානවල පදිංචිව මෙරට සමාජයට අනුගත වීමත් එහිලා ප‍්‍රධානය. 

මෙම කුල වර්ගීකරණය අනුරාධපුර යුගය අවසාන භාගය වනවිට වෘත්තිය මත පදනම්ව ව්‍යාප්තවීම අාරම්භ කර තිබුන අතර උසස් කුල හා නීච කුල වශයෙන් සමාජ ස්ථර දෙකක් මතුවීමත් ඒ සමගම පෙනෙන්නට විය. මිහින්තලා පුවරු ලිපිය වැනි එකල සෙල්ලිපි හා වෙනත් සාහිත්‍ය මූලාශවල අනුව වඩුවන්, හුණු පුළුස්සන්නන් හා රජකයන් සඳහා වෙනම ගම්මාන තිබූ බවත් ඔවුන් සඳහා නිශ්චිත වැටුප් ගෙවූ බවත් සඳහන් වන අතර කුලය පදනම් කරගත් සමාජ බෙදීම හරහා උසස් කුලවලට විශේෂිත තැනක් ලබාදීම සඳහා සිදු කරන ලද ආකාරයද එකී සෙල්ලිපි හා සාහිත්‍ය මූලාශවල සඳහන්ව ඇත.

පසු කාලීනව කි‍්‍ර.ව. 1017 සිට 1070 දක්වා කාලය ශී‍්‍ර ලංකාව දකුණු ඉන්දීය ආක‍්‍රමණයන්ට ලක්වූ අතර දකුණු ඉන්දීය කුල ක‍්‍රමයේ අභාසය ශී‍්‍ර ලංකාවේ කුල ක්‍රමය තුළට පැමිණීම එයින් අැරඹිනි. 

පැරණි ශී‍්‍ර ලංකාව තුළ ජනාවාසකරණය සිදුවූ ආකාරයට අනුව ප‍්‍රධාන කොටස් 03 කට මෙරට කුල ක‍්‍රමය සංස්ථාපනය වී ඇත. මෙම ප‍්‍රධාන කොටස් 03 අතර සමීප සබඳතා හා ලක්ෂණ රාශියක් පවතිනවා සේම ඒවා අතර කුල වර්ගයන්ට අනන්‍ය වූ ඇතැම් වෙනස්කම්ද හඳුනාැගැනීමට හැකිවේ.

එකී කුල ක‍්‍රමයන් 03 වශයෙන්.

01. පහතරට කුල ක‍්‍රමය
02. උඩරට කුල ක‍්‍රමය
03. ද්‍රවිඩ කුල ක‍්‍රමය

යන කුල ක‍්‍රම 03 දැක්විය හැකිය.

පහතරට කුල ක‍්‍රමය ප‍්‍රධාන වශයෙන් දිවයිනේ පහතරට ප‍්‍රදේශයට විශේෂිතව ගොඩනැගුණු කුල ක‍්‍රමයකි. පහතරට කුල ධූරාවලියට අනුව කුලවර්ග 18 ක් හඳුනාගත හැකි වේ.


පහතරට කුල ක‍්‍රමය හා උඩරට කුල ක‍්‍රමය යන දෙකෙහිදිම ගොවිගම කුලය උසස්තම කුලය වශයෙන් සැලකේ. පොදුවේ ගොවිගම කුලය හැරුණු විට පහතරට සෙසු ප‍්‍රධාන කුල ලෙස හඳුනාගත හැක්කේ කරාව, සලාගම, හා දුරාව යන කුලයන්ය.

කරාව කුලය අතීතයේ සිටම පහතරට ප‍්‍රදේශවල යම් යම් සමාජ බලයක් අත්පත් කරගැනීමට සමත්ව සිටි පිරිසකි. ඔවුන් දකුණු වෙරළ තීරය අවට ජීවත්වූවන්ය. අභයගිරි විහාර පරිශ‍්‍රයෙන් හමුවූ සෙල්ලිපියක ක‍්‍රි.පූ. 01 සියවසේදී කරාවේ කුලයේ පිරිසකට ‘නවික’ නම් තනතුර හිමිකරදුන් බව සඳහන් වේ. මෙරට මුහුදු තීරයන් පාලනය කළ පෘතුගී‍්‍රසි හා ලන්දේසි පාලකයන්ගේ වෙළඳ හා ආර්ථික අවශ්‍යතා මත පසුකාලීනව සිය ධනය හා බලය වර්ධනයකරගන්නට ඔවුන් සමත්විය.

ශී‍්‍ර ලංකාවේ උඩරට කුල ක‍්‍රමය ඉතාම දැඩිව කි‍්‍රයාත්මක වූ සහ අදටද එහි අවශේෂයන් කි‍්‍රයාත්මක ප‍්‍රදේශයක් වශයෙන් උඩරට රාජධානිය හඳුනාගත හැක. කුල විභාජනය පිළිබඳ අවශ්‍යතාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් උඩරට වැසියන් විවාහය ආදී සමාජ සබඳතාවයන් පවා කුල සාධකය පිළිබඳ බොහෝ සෙයින් සැලකිලිමත්ව සිදුකරන ලදි. උඩරට කුල ධූරාවලියට තුළ කුලවර්ග 17 ක් පැවතියායැයි විශ්වාස කෙරේ.


උඩරට ප‍්‍රධාන කුලද ගොවිතැනේ යෙදීම දක්නට ලැබුණු විශේෂිත ලක්ෂණයකි. ඒ සඳහා පරම්පරා කිහිපයක සිට වගාකරමින් පැවත එන ඉඩම් කට්ටි එකම කුඹුරුයායක වේ. රජු රටවැසියාට ආරක්ෂාව සපයන බැවින් සෑම පවුලක් විසින්ම වාර්ෂිකව නිශ්චිත දින කිහිපයක් රාජ්‍ය සේවයේ යෙදීම උඩරට කුල ක‍්‍රමය හා බැඳී පැවති වඩාත් අනන්‍ය ලක්ෂණය විය.


පහතරට කුල ක්‍රමය
උඩරට කුල ක්‍රමය

  1. අහිගුණ්ඨක
  2. බඩහැල
  3. බෙරව
  4. දෙමළ ගැත්තර
  5. දේව
  6. දුරාව
  7. ගැත්තර
  8. ගොවිගම
  9. හන්නාලි
  10. භින්න
  11. කරාව
  12. නවන්දන්න
  13. පමුණ
  14. පනික්කි
  15. පොරෝකාර
  16. රජක
  17. රොඩී
  18. සලාගම 
  1. අහිගුණ්ඨක
  2. බඩහැල
  3. බත්ගම
  4. බෙරව
  5. ගොවිගම
  6. හන්නාලි
  7. හුණු
  8. කින්නර
  9. නවන්දන්න
  10. බමුණු
  11. පන්න
  12. පණික්කි
  13. පට්ටි
  14. පොරෝකාර
  15. රදළ
  16. රජක
  17. රොඩී

කුල අතර කැපී පෙනෙන උස් පහත්බවක් පහතරට කුල ක‍්‍රමයේ දක්නට නොලැබුණද උඩරට කුල ක‍්‍රමය තුළ එය හොඳින්ම හඳුනාගත හැකිය. රාජ්‍ය සේවයේ යෙදෙන රාජකීයයන්ගේ සමීපතම පිරිස ගොවි කුලයේ වංශවතුන් වූ අතර කල්යත්ම ඔවුන් ‘රදළ’ නමින් හඳුන්වන ලදි. 

රාජකීය පාලනයේ උසස් තනතුරු දැරූ රදළ පවුල් අවාහ විවාහ සබඳකම් නිසා අන්‍යෝන්‍ය වශයෙන් ඥාති සබඳතාවලින් බැඳී තිබුණි. ඒ අනුව ගොවි, දේව සහ රදළ යන කුල 03 උඩරට කුල සම්ප‍්‍රදායෙහි ප‍්‍රධාන කුල 03 වශයෙන් සැලකිය හැකි බවයි . උඩරට කුල අතරින් කින්නර සහ රොඩී කුල සෙසු කුලවලින් බැහරව පිළිකුල් කර සලකන ලද අතර ඔවුන් සමාජයෙන් ඈත්ව හුදෙකලාව කටයුතු කරන ලදි.

ද්‍රවිඩ කුල ක‍්‍රමය තුළ කුල වර්ග 06 ක් ප‍්‍රධාන වශයෙන් දැකගත හැකිය. මෙම කුල 06 සිංහල සමාජයේ දක්නට ලැබූ ප‍්‍රධාන පෙළේ කුලත් අතර පැහැදිලි සමානකම් දක්නට ඇත. කුලය බිහිවීමටත් ඒවා විකාශනය වීමටත් ඉන්දියානු ආභාෂය ලැබීම මෙයට හේතු කාරණය විය හැක.


  1. වෙල්ලාල - ගොවිගම කුලයට සමාන ලක්ෂණ අැත
  2. කරෙයියාර් - කරාව කුලයට සමාන ලක්ෂණ අැත
  3. නලවාර් - දුරාව කුලයට සමාන ලක්ෂණ අැත
  4. පරයියාර - බෙරව කුලයට සමාන ලක්ෂණ අැත
  5. පල්ලර්/මල්ලර් - බත්ගම කුලයට සමාන ලක්ෂණ අැත
  6. තුරුම්බර් - සිංහල කුල ධූරාවලියේ පහත් යැයි සම්මත කුලවලට සමාන වේ.


සෙසු සිංහල සමාජ දෙකෙහි මෙන්ම ද්‍රවිඩ සමාජ පරිසරය තුළ ද කුලයට විශේෂ තැනක් හිමිවී තිබුණි. ඔවුන් තම සියලු කාර්යයන් ඉටු කිරීමේදී කුල සාධකය පිළිබඳව ඉහළින්ම සලකා බලන ලදි. සමාජයේ ගරු සැලකිලි ලැබීමේදී ඉහළම කුලය ලෙසින් පිළිගැනුණු වෙල්ලාල කුලයට විශේෂිත තැනක් හිමිවිය. 

ඉන්දීය කුල ක‍්‍රමයට වඩා ශී‍්‍ර ලංකාවේ බිහිවූ කුල ක‍්‍රමයේ පැහැදිලිව හඳුනාගත හැකි ප‍්‍රධාන වෙනස්කමක් ද දැක්විය හැක. ඒ අනුව ඉන්දීය කුල ක‍්‍රමයේ උසස්ම කුලය ලෙස සැලකෙන බ‍්‍රාහ්මන කුලයේ පිරිස ප‍්‍රමාණයෙන් ඉතාම සුළු අගයක් ගන්නා නමුත් ඔවුන්ගේ සමාජ බලය හා සමජයේ හිමි කරගෙන ඇති තත්ත්වය ඉහළය.

මෙයට වෙනස් ලෙස ශී‍්‍ර ලංකාවේ ගොවි කුලයේ පිරිස අනෙකුත් කුලවලට සාපේක්ෂව ප‍්‍රමාණයෙන් ඉතා ඉහළ අගයක් ගනී. කේ.ටී. සිල්වා මහතා සඳහන් කරන ආකාරයට ගොවිගම කුලයට අයත් ප‍්‍රමාණය ලංකාවේ මුළු ජනගහනයෙන් 50% ඉක්මවයි . ගොවිගම කුලයේ පිරිස් පාරම්පරික ඉඩම් බලය හා සමාජ ගරුත්වය වැඩිවන ආකාරයට කටයුතු කළ බවත් බලය හා ඉඩම් හිමිකාරීත්වය පිළිබඳ තම ඒකාධිකාරීත්වය රැුක ගනිමින් අලූත පොහොසත් වූවන් සමග මිත‍්‍ර සබඳතාවන්ට එළැඹීමෙන් වැලකී සිටීමටත් කටයුතු කළබව රොබර්ට් නෝක්ස් සඳහන් කරයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරනුයේ ‘ස්වභාවයෙන්ම බුද්ධිමත්වූද, ස්ථිරසාර ගුණයෙන් යුතුවූද රාජ්‍ය සේවය සඳහා ඉතාම සුදුස්සන් වූයේද’  ගොවිගම කුලයේ පිරිස් බවයි. 

මේ කාරණය පහත රූප සටහන ආශයෙන් පැහැදිලි කළ හැක.  





අන්තර් සංස්කෘතික සාධකයක් ලෙස හදුනා ගනිමින් විෂම සංස්කෘතික ලක්ෂනයක් වන කුලය  සමාන මට්ටමට ගෙන තබා සංසන්දනය කිරීමට මේ අනුව හැකි වේ. මෙම සංසන්දනය තුළින් ප්‍රකට වන මූලිකම කාරණය නම් කුල සම්ප්‍රදායේ අාරම්භයට සහ පැවැත්මට අාගමික සාධක කොතරම් නම් තදින් බලපා අැතිද යන වගයි. 

පිටු දැකිය යුතු සමාජ විරෝධී ලක්ෂණවලින් ගහන කුල ක්‍රමයට නූතන යුගයේ පවා අනුගතව කටයුතු කරන්නට අැතැම් මිනිසුන් පොළඹවන ලද සාධක හඳුනා ගැනීමත් ඒවායින් මිනිසුන් මුදා ගැනීමත් මිනිස් වර්ගයාගේ පොදු ප්‍රගතියට අත්‍යවශ්‍යම වන බව සඳහන් කර තබනු කැමැත්තෙමි. 


සරුංගලේ බ්ලොග් පිටුව හරියටම වසරක කාලයක් ගත වෙලා. ඒ අවුරුද්දක කාලය තුළ විවිධ කාරණා සම්බන්ධයෙන් මගේ අදහස් බෙදාගන්න මම සරුංගලේට ලිපි ලිව්වා. නමුත් මෑත කාලීනව සරුංගලේ වෙනුවෙන් කිසිවක්ම ලිවීම මගේ අතින් අතපසු වෙලා ගිහින් තිබුණා. 

ඒකට හේතුව මම විශ්වවිද්‍යාලයේ අවසන් වසර නිබන්ධනය සඳහා කළ නොයෙක් ක්‍රියාකාරකම් අතරේ කාර්යබහුල වීම. නිබන්ධනයේ කටයුතු අතරේම වුනත් බ්ලොග් පිටුවට ලිපියක් ලියන්න ඕන කියලා කාලීන මාතෘකා කිහිපයක්ම හිතේ තියාගෙන හිටියත් ඒවාත් මට  නොදැනීම අතපසු වුනේ වෙලාවක් නොමැති කමෙන්. ඒ නිසාම පසුගිය මාස කිහිපයක කාලය තුළ සරුංගලේ කිසිම ලිපියක් පළවුනේ නැහැ. නමුත් මගේ බ්ලොග් අඩවිය කියවන බොහෝ හිතමිතුරන් මෙහි ලිපියක් පළනොවීම පිළිබඳ සැලකිලිමත් වුණා කියලා මම දන්නවා. 

මින් ඉදිරියට අවම වශයෙන් සතියකට දෙකකට හෝ වරක් සරුංගලේ වෙනුවෙන් ලිපියක් ලියන්න මට පුලුවන් වෙයි කියලා විශ්වාස කරනවා. අාරම්භයේ ඉදන් මේ වෙනකන්ම සරුංගලේ කියවපු, විවේචනය කළ, ධෙෙර්යමත් කළ, වැරදි අඩුපාඩු පෙන්නලා දීපු හැමෝටම බොහොම ස්තූතියි. 

(First Image was taken from: Karava of Sri Lanka)
author
සරුංගලේ - the kite blog is on facebook:

This post was written by: Dilini Gamage

සරුංගලේ කියන්නේ නිර්මානයක් - පරිස්සමෙන් හදලා, හැඩය එන්න පාට කඩදාසි අලවලා, කල්යල් බලලා උඩු හුලඟට එකතු කරපු නිර්මානයක්. සරුංගලේ කියවන්න ඔබ වැය කරන හැම මිනිත්තුවක්ම ඔබේ ජීවිතයට වැදගත් යමක් එක් කරන මිනිත්තුවක් වෙනවාමයි. ඒ නිසා ඉඩක් ලැබෙන හැම වෙලාවකම සරුංගලේට ගොඩ වෙන්න. සරුංගලේ ගැන ඔබට හිතෙන දේවල්, ගුන දොස් හැම දෙයක්ම මට කියන්න.

ඊමේල් මගින් සම්බන්ධවන්න
Share this Post Share to Facebook Share to Twitter Email This Pin This

12 comments

මේ තරම් නවීන යුගයකට ඇවිල්ලත් තවම කුලවාදය, ජාතිවාදය පිටුදකින්න බැරි වෙලා තියෙන එක කණගාටුවක්. ඇත්තටම තව සෑහෙන කාලයක් ගියත් කුලවාදය තියේවි.
මේ සටහනින් හොඳ අවබෝධයක් ලැබුණා. දිගටම ලියන්න සහෝදරී

Reply

මාත් කීප සැරයක් බැලුවා ඇයි ඔයා නොලියන්නේ කියලා... ඇත්තටම හොඳ විග්‍රහයක්,, ස්තුති දිලිනි..

Reply

ඹව් තමවත් ලංකාවේ විවාහය වැනි සමාජ ක්‍රියාකාරකම්වලදි කුලය අතිශය පුදුමාකාර බලයක් සහිත දෙයක්. ඔයා හරි තරිඳු මිනිස්සුන්ට - විශේෂයෙන් ලාංකිකයන්ට කුලවාදයෙන් ගැලවෙන්න තවත් බොහෝ කාලයක් යයි.
මගේ රාවය ගැන ලිපියත් ඔයා FB එකේ ශෙයාර් කරලා තියෙනවා දැක්කා. බොහොම ස්තූතියි :)

Reply

ස්තූතියි ඔමා.
ලියන්නම කියලා හිතාගෙන හිටපු දවස්වල පවා මොනවා හෝ වැඩක් වැටිලා ඒක මගහැරුණා.

Reply

නවතම තොරතුරැ සමග, කාලින මාතෘකා යටතේ දිගටම ලියන්ත ධෛර්ය, ශක්තිය ලැබෙිවා.

Reply

ඉතාමත් වැදගත් ලිපියක් නොදැනසිටි ගොඩක් දේ දැන ගත්ත, ස්තුති දිලිනි..

Reply

ලංකාවේ නියම කුල ක්‍රමය රජ බමුණු වෙළඳ ගොවි කියන අනුපිලිවෙලින් තමා තිබුණෙ.උදාහරණයක් හැටියට සෙල් ලිපියක මෙහම සඳහන් වෙනවා."ගපති මණිකර තිශහ ලෙනෙ ශගශ". මේකෙ තේරුම වෙළඳ කුලයට අයත් මැනික් කපන්නකු වන තිස්සගේ ලෙන සංඝයාට පුදන ලදී කියන එකයි.කුඹල් කරුවන් පවා අයත් වුනේ වෙළඳ කුලයටයි. රජ බමුණු ගොඩට වැටෙන කුලත් ලංකාවේ තිබුණත් යටත් විජිත යුගයේදී සියල්ල උඩුයටිකුරැ වී ගොස් තිබෙනවා.

Reply

හම්පොරවා ගෙන ආවට ආපු හමා කියති උන්ට
තන කපලා හං ඇන්දට එකතන හාමි ගැහැනුන් හට
නව රැල හැම හම් ඇන්දම රාල හමා නමත් උන්ට
හන්දුරුවෝ කියන නම සිහලුන් දුන් නමයි උන්ට

46) නිළ මැස්සන් වැහුවට චී නිළමා කී ඔවුන්ට
සොලී රටින් ආ හින්දා රටේ මිනිහා කී ඔවුන්ට
හාමි හාමු අප්පෙ අප්පො පණඩාරම් කී ඔවුන්ට
මේ සිංහලේ සිහලුන් හට මේනම් නැත කීව්මෙ ගව හොරුන්ට

කුල මළ හා වංශෙ කියා මුලු සිංහලයන් වන සල
නම් ගම් දස ධර්මෙත් සිංහල සිරිත් සැම වන සල
මහ වංශය කියා පොතක් ලිව්ව ශිව ග්ර්න්තය වන සල
තවත් මුන්ගෙ ගෙරිපදු නම බත්ගමුන්ට කීව්වෙ සකල

සොලි රටේ ගව හොරකම සිට සිංහල බත් ගමුන්හට පෙරලුව
විජේ රජෙක් ආව කියා සිංහලුන්ට බොරුව කෙරුව
යක්කු කපා රට ගත්තා කියා තවත් බොරුව කෙරුව
ගෙරි පදි රැල මේ විලසට මුලු සිංහලයම දිනපුව

Reply

හම්පොරවා ගෙන ආවට ආපු හමා කියති උන්ට
තන කපලා හං ඇන්දට එකතන හාමි ගැහැනුන් හට
නව රැල හැම හම් ඇන්දම රාල හමා නමත් උන්ට
හන්දුරුවෝ කියන නම සිහලුන් දුන් නමයි උන්ට

46) නිළ මැස්සන් වැහුවට චී නිළමා කී ඔවුන්ට
සොලී රටින් ආ හින්දා රටේ මිනිහා කී ඔවුන්ට
හාමි හාමු අප්පෙ අප්පො පණඩාරම් කී ඔවුන්ට
මේ සිංහලේ සිහලුන් හට මේනම් නැත කීව්මෙ ගව හොරුන්ට

කුල මළ හා වංශෙ කියා මුලු සිංහලයන් වන සල
නම් ගම් දස ධර්මෙත් සිංහල සිරිත් සැම වන සල
මහ වංශය කියා පොතක් ලිව්ව ශිව ග්ර්න්තය වන සල
තවත් මුන්ගෙ ගෙරිපදු නම බත්ගමුන්ට කීව්වෙ සකල

සොලි රටේ ගව හොරකම සිට සිංහල බත් ගමුන්හට පෙරලුව
විජේ රජෙක් ආව කියා සිංහලුන්ට බොරුව කෙරුව
යක්කු කපා රට ගත්තා කියා තවත් බොරුව කෙරුව
ගෙරි පදි රැල මේ විලසට මුලු සිංහලයම දිනපුව

Reply

කුල මළ හා වංශෙ කියා මුලු සිංහලයන් වන සල
නම් ගම් දස ධර්මෙත් සිංහල සිරිත් සැම වන සල
මහ වංශය කියා පොතක් ලිව්ව ශිව ග්ර්න්තය වන සල
තවත් මුන්ගෙ ගෙරිපදු නම බත්ගමුන්ට කීව්වෙ සකල

සොලි රටේ ගව හොරකම සිට සිංහල බත් ගමුන්හට පෙරලුව
විජේ රජෙක් ආව කියා සිංහලුන්ට බොරුව කෙරුව
යක්කු කපා රට ගත්තා කියා තවත් බොරුව කෙරුව
ගෙරි පදි රැල මේ විලසට මුලු සිංහලයම දිනපුව

Reply

කුල මළ හා වංශෙ කියා මුලු සිංහලයන් වන සල
නම් ගම් දස ධර්මෙත් සිංහල සිරිත් සැම වන සල
මහ වංශය කියා පොතක් ලිව්ව ශිව ග්ර්න්තය වන සල
තවත් මුන්ගෙ ගෙරිපදු නම බත්ගමුන්ට කීව්වෙ සකල

48) සොලි රටේ ගව හොරකම සිට සිංහල බත් ගමුන්හට පෙරලුව
විජේ රජෙක් ආව කියා සිංහලුන්ට බොරුව කෙරුව
යක්කු කපා රට ගත්තා කියා තවත් බොරුව කෙරුව
ගෙරි පදි රැල මේ විලසට මුලු සිංහලයම දිනපුව

Reply

වටිනා ලිපියක්.. හොද සමාජ විග්‍රහයක්... අදටත් අපි නොදකින ලොකු බලපෑමක් මේවායේ තියෙනවා... වික්ටර් අයිවන්ගේ පොතෙත් අගේට ඒක විග්‍රහ කරනවා..... ලිපිය නියමයි...

Reply

Post a Comment

© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.
Back To Top