රාවය පුවත්පතත් සමග පළවන හදබස විශේෂාංගය සඳහා ලිපියක් සම්පදානය කිරීමේ වගකීම මට පැවරුණාම හිතට ආපු මුල්ම නම දීපානි සිල්වා. ඇයව මට මතක තිබුණේ නාලන් මෙන්දිස් මහත්මයා නිර්මාණය කරපු සෙනෙහෙවන්තයෝ ටෙලි නාට්‍යයේ සිරිපිනා විදියටයි. ලීලසේන එක්ක කොයිවෙලෙත් පැටලෙන සිරිපිනා හාමි ඒකාලේ නොයෙක් තරාතිරමේ රූපවාහිනී රසිකයන් අතර එකවිදියට ජනප්‍රිය වුණා. මේ ඇයත් මමත් අතර ඇතිවුණු සංවාදය ඇගේම වචනවලින්.
කුඩාම කාලේ ගැන මතකය එහෙම කොහොමද?
මම උපන්නේ කළුතර කලමුල්ලේ කටුකුරුන්ද කියන ගමේ. අපේ ගම වෙරළබඩ ධීවර
ගමක්. මගේ ගෙදර වටේටම මීසමට අයිති පල්ලි 5ක් තිබුනා. පියා දේමුනි පීටර් සිල්වා. එයා සිංහල ගුරුවරයෙක්. ලංකා
ජාතික ගුරු සංගමය පිහිටුවා ගැනීමට මුල්වූ නායකයෙක්. අම්මා මැගී පියසි සේනානායක අපේ
පවුලේ කෙල්ලෝ තුනයි කොල්ලෝ තුනයි.
මුලින්ම පාසැල් ගියේ කොහේද?
මාව පහල බාලාංශෙට යැව්වේ කතෝලික සිස්ටර්ස්ලා පවත්වගෙන ගියපු අපේ ගෙදර
ළගම තිබුණු පුංචි පාසලකට. 60 දශකයේ පාසැල් රජයට පවරා ගැනීමේ කි‍්‍රයා මාර්ගයට තාත්තා සහය දුන්
නිසා පසු කාලෙක ඒ ඉස්කොලෙන් මාව ගන්න බැහැ කිව්වා. ඊට පස්සේ මම කළුතර බාලිකාවට
ගියා. ඒ දවස්වල අපේ අක්කා කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයටයි ගියේ. අපේ තාත්තා ඒ කාලේ
ක‍්‍රියාකාරී වෘත්තීය සමිති නායකයෙක්. තාත්තා බෞද්ධ කාන්තා විද්‍යාලයේ ගුරුවරුන්ගේ
යම් යම් ඉල්ලීම් ලබා දුන්න නිසා ඒකට සහයෝගයක් විදිහට මාව කළුතර බාලිකාවෙන් අස්
කරලා බෞද්ධ කාන්තා විද්‍යාලයට දැම්මා. මම උසස් පෙළ කළේ එහේ
ඔබේ පාසල් කාලය ගතවුණු විදිය දැන ගන්න මම කැමතියි.
මම පාසලේ හොස්ටල් එකේ නැවතිලා හිටියේ. නාමෙල් වීරමුනි මහත්තයා
ඉගෙන්නුවේ අපේ පාසලේ. සුගතපාල සිල්වාගේ නාට්‍ය පුහුණු වීම් පවා තිබුනේ අපේ පාසලේ.
ඒ නිසා ඒ හැම නාට්‍යයක්ම බලන්න අපිව ලයනල් වෙන්ඞ්ට් එකට එක්කගෙන යනවා. අපේ අතේ
අමතර මුදලක් රැුඳෙන නිසා එහෙම යන එක ප‍්‍රශ්නයක් වුණේ නැහැ. එත් කිසිම ආසාවකින්
නෙමෙයි යන්නේ. බලෙන් අරගෙන යන නිසා ගියා. 1973 මගේ තාත්තා හදිස්සියේම අන්තරා වුණා. මම ඒ තරම්ම
ඉගෙන ගන්න දක්ෂ කෙනෙක් නෙමෙයි,
මම උසස් පෙළින් පස්සේ ගෙදර නැවතුනා.
ඔබ මුලින්ම රංග කලාව එක්ක සම්බන්ධ වෙන්නේ මොන විදියටද?
අපේ ගෙදර වටේ ඉන්නේ මගේ නෑදෑයින්. නැන්දලාගෙ අක්කලා ලයනල් වෙන්ඞ්ට්
එකේ රංග ශිල්ප ශාලිකා කියලා නාට්‍යය පුහුණු පාඨමාලාවක් ගැන සිළුමිණ පත්තරෙන් දැකලා
අයදුම් පත් යවලා. ඒකට ඉන්ටර්වීව් එන්න කියලා එයාලට ලියුම් ඇවිල්ලා තිබුනා. ඒ
දවස්වල මම ගෙදරට වෙලා නිකන් ඉන්න කාලේ. මම කිව්වා මම දන්නවා ලයනල් වෙන්ඞ්ට් එක, මොකද
ඉස්කෝලේන් නාට්‍යය බලන්න එක්කගෙන යනවනේ, මම ඔයාලට පාර පෙන්නම් කියලා.
ඒ කාලේ අපිට මේවා කරන්න ගෙවල්වලින් සල්ලි දෙන්නේ නැහැ. ඒ කාලේ කෝච්චි
සීසන් තිබුණු අය හිටියා අපේ ගමේ. අපි කෝච්චි සීසන් පහක් හොයාගෙන ඒකෙන් කොළඹ ආවා.
බම්බලපිටිය ස්ටේෂන් එකෙන් බැහැලා බොහොම අමාරුවෙන් ලයනල් වෙන්ඞ්ට් එක හොයා ගත්තා.
අක්කලා ඉන්ටර්වීව් එකට ගියා. මම එලියට වෙලා බලාගෙන හිටියා. එලියෙ හිටපු තිලක්
ගුණවර්ධන මහත්තයා මාව දැකලා ඇයි එලියෙ ඉන්නේ ඇතුලට යන්න කිව්වා. මම කිව්වා මම
ඇප්ලිකේෂන් දැම්මේ නැහැ කියලා. ඒ වෙලාවේ එයා බලෙන් වගේ ෆෝම් එකක් පුරවලා මාව ඇතුලට
යැව්වා. මාත් ජොලියට වගේ ඇතුලට ගියා.ඇතුලේ ඉන්ටවීව් කරන්න ඇවිත් හිටියේ ධම්ම ජාගෙඩ
මහත්තයයි ගාමිණී හත්තෙට්ටුවේගම මහත්තයයි. එයාලා මට සින්දුවක් කියන්න කිව්වා. මම මාලනී
බුලත් සිංහලගේ සිංදුවක් කිව්වා. තාලෙට ඇවිදින්න කිව්වා මං ඇවිද්දා. ඊට පස්සේ පාඨමාලාවට
තේරුනොත් ලිපියක් එවන්නම් කිව්වා. සතියකින් අපි පස් දෙනාම තේරුනා කියලා ගෙදරට
ලියුම් ආවා.
එතකොට වීදි නාට්‍යයවල රඟපෑමට යොමුවෙන්නෙත් ඒ කාලෙමද?
අපි රංග ශිල්ප ශාලිකාවෙදි ගොඩාක් පුහුණු වීම් කළා. සෙනසුරාදා
ඉරිදා උදේ 9 ඉඳලා හවස 5 වෙනකන් පංති තිබුණා. හැම පෝය දවසකම අපිව කණ්ඩායම් කරලා තනියෙම නාට්‍යයක්
හදලා පෙන්නන්න කිව්වා. ඒවා ධම්ම ජාගෙඩ සර්රුයි ගාමිණී හත්තෙට්ටුවේගම සර්රුයි බලලා ගුණ
දොස් විවේචනය කළා. ඒ වෙලාවලදි මගේ නාට්‍යය ශෛලිය බොහෝම නිදහස් ශෛලියක් බව ඔවුන් අවස්ථා
කීපයකදීම කිව්වා. එක වෙලාවක ගාමිණී හත්තෙට්ටුවේගම සර් මගෙන් ඇහුවා වීදි නාට්‍යයකට
බැඳෙන්න කැමතිද කියලා. මම ඒ ගැන මොකුත්ම දැනගෙන හිටියෙ නැහැ. මම හා කිව්වා. එහෙනම්
උඩ තට්ටුවට ගිහින් නම දෙන්න කිව්වා. මම එක හුස්මට උඩ තට්ටුවට දිව්වා. අපිට
කලින් නාට්‍යය පංති කණ්ඩායමේ වැඩිමල් අයියලා වුනු පරාක‍්‍රම නිරිඇල්ලයි, එච්. ඒ.
පෙරේරායි උඩ තට්ටුවේ මොකද්දෝ වෙන කථාවක හිටියේ. මම ඒ අය ල`ගට ගියාම මගෙන් ඇහුවා මොකද කියලා. මම කිව්වා හත්තෙටුවේගම සර් වීදී
නාට්‍ය කණ්ඩායමට බැඳෙන්න ඇවිත් නම දෙන්න කිව්වා කියලා. එයාලා ඊට පස්සේ මගෙන් නම
අහගත්තා.
වේදිකාවේ ඔබේ ගමන ආරම්භ වෙන්නේ අහම්බයකින්?
ඔව්. ධම්ම ජාගෙඩ සර්ගේ වෙස් මුහුණු නාට්‍යයේ ර`ගපාන නිළියට බබෙක් ලැබිලා
හදිස්සියේම එන්න බැහැ කියලා. චරිතේ කරන්න කවුරුත් නැහැ කියලා. අපේ කණ්ඩායමේ කෙනෙක්ගෙන් අහලා ඇතුලේ කවුරුත් නැද්ද
චරිතෙට ගන්න කියලා. ඒ අය කියලා දීපානි ඉන්නවා කියලා. මාව ඒ චරිතෙට ගැලපෙන්නේ නැහැ කියලා තමයි ධම්ම
ජාගොඩ සර් මුලින්ම හිතුවේ. දීපානි මේකට ගැලපෙන්නේ නැහැ, ඒකට
ඕනේ මහත කෙනෙක්. කමක් නැහැ දැන් කරන්න දෙයක් නැහැ මේ දෙබස් ටික කට පාඩම්
කරගෙන ලොකු ගව්මකුත් හොයාගෙන හෙට උදේ 4 ට ලයනල් වෙන්ඞ්ට් එකට එන්න කියලා සර් කිව්වා. මං හා
කියලා ඇවිත් ගෙදර ලඟ උපේ පුංචි අම්මා කෙනෙකුගෙන් ගවුමකුත් ඉල්ලගෙන පාන්දර 4 වෙනකොට ලයනල් වෙන්ඞ්ට් එක
ඉස්සරහට ආවා. ගම්පහ බන්ඩාරනායක විද්‍යාලයේ පෙන්වපු දර්ශන වාරයකට මම ඉස්සෙල්ලම වේදිකාවට
නැග්ගා. මට අද වගේ මතකයි එදා මම වේදිකාවෙදි ගැහුනා, කටින්
වචන පිටවුනේ නැහැ. ඒත් ධම්ම ජාගොඩ සර් මගේ පිටට තට්ටු කරලා මාව උනන්දු කළා. අපි වෙසු
මුහුණු නාට්‍යයේ දර්ශන වාර 6 -
7 විතර ඒ විදිහට කළා.
ධම්ම ජාගොඩ සර් එක්ක රිහසල් කරන එක ලේසි නැහැ. සර් හරිම
සැර කෙනෙක්, ඒත් ඒ වගේම ඉක්මනට හිත උණු වෙන කෙනෙක්. එක දවසක් රිහසල් කරන වෙලාවක
මට දෙපාරක් තුන් පාරක් හු`ගාක් සැරෙන් බැන්නා. මං අඬාගෙනම ලයනල් වෙන්ඞ්ට් එකෙන් එලියට ඇවිත් පාර දිගේ ඇවිදගෙන ගියා. අපේ
පංතියේ ළමයෙක් මගේ පස්සෙන් දුවගෙන ඇවිත් කිව්වා දීපානි ඔයාට සර් කතා කරනවා එන්න
කියලා.
මුලින්ම නාට්‍යයක රඟපාලා මට ලැබුනේ රුපියල් 25 යි. මම ඒ රුපියල් 25න් ගොඩාක් දේවල් කලා. මගේ සීයට
මම ගොඩක් ආදරෙයි, ඉතින් මම සීයට ඒ සල්ලිවලින් ලස්සන මේස් බැනියමකුත් අරන් දුන්නා.
ගෑනු ළමයෙක් පාරේ නාට්‍යය කරන එක ගැන සමාජයේ ගොඩක් අය එච්චර කැමති වෙන්න නැතුව ඇති නේද?
ඒ දවස්වල ගොඩාක් අය වීදි නාට්‍යය ගැන දැනගෙන හිටියේ නැහැ. මට මතකයි
අපි දවසක් බෝසත් දැක්ම වීදි නාට්‍යය කර කර ඉද්දි පොලිස්සියෙන් නාට්‍යය නැවැත්තුවා. පොලිස්
නිලධාරියෙක් ඇවිත් ගාමිණි හත්තෙට්ටුවේගම සර්ගෙන් ඇහුවා මොකක්ද මේ කරන්නේ කියලා. සර්
කිව්වා අපි නාට්‍යයක් කරනවා කියලා. එතකොට පොලිස් නිලධාරියා ඇහුවා නාට්‍යය කරනවනම් කෝ
ලය.සන් කියලා. ඒ වෙලාවේ එච්.ඒ. පෙරේරා පැනලා ලයිසන් නම් ඕන තරම් තියනවා කියලා
එයාගේ මෝටර් බයිසිකලේ ලයිසන් එක දුන්නා. ඒ වෙද්දි Daily Mirror පත්තරේ අපේ වීදි නාට්‍යය ගැන
ලිපි දෙක තුනක් පලවෙලා තිබුනා. ගාමිණි හත්තෙට්ටුවේගම සර් ඒක පොලිස්සියට පෙන්නුවා. ඒ නිසා
එදා අපි වෙන කරදරයක් නැතුව නාට්‍යය කළා. අපේ වීදි නාට්‍යය කන්ඩායමේ ඒ වෙද්දි හිටිය එකම
ගෑනු ළමයා මම. භීෂණ යුගයේ අවසාන කාලේ එක දවසක් ගලේවෙල ටවුමේ වීදි නාට්‍යයක් කර කර
ඉද්දි පොලිස්සියෙන් අපි හැමෝම අත් අඩංගුවට ගත්තා. එදා අපෙන් කට උත්තර ගනිද්දි
පොලිස්සියේ කොස්තාපල් කෙනෙක් මගෙන් ඇහුවා ලැජ්ජා නැද්ද පාරේ නාට්‍යය කරන්න කියලා. මෙහෙම
පාරේ නටනවාට ගෙදරින් කැමතිද කියලත් ඇහුවා. මම කිව්වා ඔව් කැමතියි කියලා.
ඒ කියන්නේ ගෙදරින් ඔබේ රඟපෑම් වලට බලපෑමක් වුනේ නැහැ?
නැහැ. මම වීදි නාට්‍යය රඟපාන්න යන එක ගැන අම්මා, ලොකු අයියා, පොඩි අක්කා, පොඩි අයියා මේ කිසිකෙනෙක් මොකුත් කිව්වේ නැහැ "චූටි කැමති ඒකට නම් ඒක කරන්න ඉඩ දෙන්න ඕන" කියලා අක්කලා අයියලා කිව්වා. අපේ
ගෙදර තාත්තගේ දේශපාලන අදහස්වල මධ්‍යස්ථකම නිසාදෝ හොඳ අවබෝධයක් අපි හැමෝගෙම
අතරේ තිබුනා. ඒ දවස්වල මාත් එක්ක මගේ මල්ලිලත් වීදි නාට්‍ය රඟපාන්න ආවා. දවසක් අපිව
පොලිස්සියෙන් අත්අඩංගුවට ගත්තු වෙලාවේ පොලිස්සියෙන් මගෙන් ඇහුවා මේ පොඩි කට්ටියව
මොකටද එක්ක ආවේ කියලා මම කිව්වා එයාලව දළදා වඳින්න එක්ක යන්න කියලා.
ගාමිණි හත්තෙට්ටුවේගම කියන්නේ කොහොම කෙනෙක්ද?
හරිම සරල සුන්දර මනුස්සයෙක්. මුලින්ම දැක්ක වෙලාවේ හිතා ගන්න
බැරිවුනා මේ විශ්ව විද්‍යාලයක ඉංගී‍්‍රසි භාෂාව උගන්වන කථිකාචාර්යවරයෙක් ද කියලා.
මොකද සර් කවදාකවත් කමිසේ උඩ බොත්තම දාන්නේ නැහැ කරට මාල දෙකක් දානවා. පංතියේ අපි
හැමෝටම මිස් මිස් කියලා කතා කරන්නේ. හැමදාම අපේ පංති ඉවර වුනහම සර්ගේ නෝනා එනකන්
එලියේ පුටුවක ඉඳගෙන ඉන්නවා. හත්තේටුවේගම සර් ගෙන් ලේසියෙන් නාට්‍යයක චරිත ලැබෙන්නේ
නැහැ. ඒ කාලේ අපිව ගොක් කොළ අතු හොලවනවා වගේ සාමුහික රංගනයන් කලේ. දවසක් මිනිසෙකු
එල්ලා මැරිය හැකිද කියන වීදි නාට්‍යය රඟපාන ප‍්‍රධාන නිළියට එන්න වෙන්නේ නැහැ කිව්වා. නාට්‍යය කන්ඩායමේ
අනිත් අය කිව්වා දැන් ඉතින් දීපානිව තමයි ගන්න වෙන්නේ කියලා හත්තේටුවේගම සර්
කිව්වා මට නම් බැහැ දීපානිව රිහසල් කරන්න ඕන නම් ඔයාලා රිහසල් කරගන්න කියලා.
එහෙම කියලා සර් නැගිටලා යන්න ගියා. එදා පරාක‍්‍රමලා නිමල්ලා ගාමිණීලා මට නාට්‍යය
පුහුණුවී කෙරෙව්වා. ඔන්න ඉතින් අපි නාට්‍යය කරලා ආපහු එන අතරේ පරාක‍්‍රම නිරිඇල්ල
සර් ගෙන් ඇහුවා කොහොමද සර් දීපානිගේ ර`ගපෑම කියලා. එතකොට සර් කිව්වා 34 ක් දෙන්න පුළුවන් කිව්වා. සර් එදා මගේ රංගනයට
ලකුණු දුන්නේ 34 යි ඒ කියන්නේ මම පාස් නැහැ, මොකද පාස් එක ලැබෙන්නේ 35.
වීදි නාට්‍යය සමග ගත කළ ජීවිතේ උද්ඝෝෂන පෙළපාලිවල අත්දැකීම් කොහොමද?
කදුළු ගෑස් වතුර පාරවල් අපි ඕන තරම් කාලා තියෙනවා දවසක්
ගලේවෙලදි රාජ්‍යය විරෝධි නාට්‍යයක් කරනවා කියලා බොරු පැමිණිල්ලකට අපිව අත්අඩංගුවට
අරගෙන දවසක්ම ගලේවෙල පොලිස්සියේ තියා ගත්තා අපිට එදා වතුරවත් ලැබුනේ නැහැ. ඒ පළාතේ
සිනමා ශාලා අයිතිකරුවෙකු ඇපයට අත්සන් කරලා තමයි අපිව එලියට ගත්තේ. අපි දඹුල්ලෙන්
බස් එකට නැඟලා කොළඹ ආවේ ආපහු දඹුල්ල පැත්තවත් බලන්නේ නැහැ කියලා හිතාගෙන.
දීපානි සිල්වාට ආදරේ කරන්න පස්සෙන් ආපු අයත් ඒ කාලේ ඉන්න ඇති.
එහෙම විශේෂ දෙයක් නම් මට මතක නැහැ. මම වැඩිපුරම ආශ‍්‍රය කළේ පිරිමි
පක්ෂය. එයාලා මාව සහෝදරියක් වගේ පරිස්සම් කළා. ඊට ගොඩක් කාලෙකට පස්සේ ඒවගේ පොඩි හැඟමක් ඇතවුණු අවස්ථාවක්
තිබුණා. මම ආදරය කරපු පුද්ගලයොත් ඒ කාලේ හිටියා, මට ආදරේ කරපු පුද්ගලයෙකුත්
හිටියා.
ඔබ ඉතාම දක්ෂ නිළියක්. ඔබේ රංගන ජීවිතයේ හොඳම චරිත නිරූපනය මොකද?
මං රඟපාපු චරිත ගැන මම කවමදාකවත් කිසිම සටහනක් තියාගෙන නැහැ. මම ඒ ගැන
ඒතරම් හිතුවේ නැහැ. මට හිතෙන්නේ මගේ හොඳම චරිත නිරූපනය තවම මම ඉදිරිපත් කරලා නැහැ
කියලා. මුල් කාලයේ මම රඟපාපු ලූෂන් බුලත්සිංහල මහත්මයාගේ තාරා දේවි නාට්‍යයේ චරිතයට ඒ කාලයේ
ලොකු ප‍්‍රසිද්ධියක් ලැබුණා නම් මතකයි.
ලංකාවේ දැන් ඉන්න නළු නිළියෝ ගැන මොකද හිතෙන්නේ?
දැන් ඉන්නේ නළු නිළියෝ නෙවෙයි මොඞ්ලර්ස්ලා. අදටත් වේදිකා නාට්‍ය
කේෂ්ත‍්‍රයේ හොඳ නළු නිළියෝ ඉන්නවා. ඒත් අද ටෙලිනාට්‍යවලට සිනමාවට ගන්නේ දක්ෂ අය
නෙවෙයි ලස්සන අය. දැන් ටෙලි නාට්‍යවලට ර`ගපාන්න එන ගොඩක් අයට සමාජය ගැන ඉවක් නැහැ. අද තරුණ පරම්පරාව ලංවෙලා
තියෙන්නේ සෙල් ෆෝන් එකට. ටෙලි නාට්‍යවල ර`ගපාන අතරේත් සෙල් ෆෝන් එකෙන් කතා කරනවා, ආයේ රඟපානවා, ආයේ කතා
කරනවා. ඒත් අපි අදටත් ෂූටිං යන්නේ ෆෝන් එක ඕෆ් කරලා.
දීපානි සිල්වා කවදාවත් විවාහවුණේ නැහැ.
ලිඛිතව පොතක අත්සන් කරලා විවාහ වීම මම පිළිගන්නේ නැහැ. ඊට වඩා ලොකු
ආදරයක් බඳින්න කලින් තියෙන බවයි මම හිතන්නේ. විවාහය මගේ ජීවිතයට අවශ්‍යම
දෙයක් නෙවෙයි කියලයි මම හැමදාම හිතුවේ.
ඔබේ ජීවිතේ ගෙවෙන්නේ තනියම, ඒ ජීවිතේ මොන වගේද?
මම තනිවුණු කෙනෙක් නෙවෙයි. මේ මම දැන් ඉන්න බොරලැස්ගමුවේ ගෙදරට මම
ඇවිල්ලා අවුරුදු 22 ක්. මේ ගෙදර අය ඇත්තටම මගේ සහෝදරයොවත් නෑදෑයොවත් නෙවෙයි. සුසන්ත
ආරියරත්නයි මාලිකා පතිරාජගෙයි මේ ගෙදරට මම මුලින්ම ආවේ කුලියට කාමරයක් අරගෙන. ඒත්
අද එයාලා මාව එයාලගේ පවුලේ කෙනෙක් තරමටම සමීප කරගෙන. ඒ දෙන්නාගේ දරුවෝ පුංචි කාලේ
ඉඳලාම නිදාගන්නේ මගේ ළඟ. ඉතින් ඒ දරුවෝ මගේ වගේ තමයි.
මම කවදාවත් කෙන්දර බලපු ඒවා විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි. ඒත් මම
වාසනාවන්ත කෙනෙක් කියලා මම දැන් හිතනවා. මොකද කුඩා කාලේ ඉඳලා අද වෙනකන් කවදාවත් මම
තනිවුණේ නැහැ. මේ හැමෝම මාව ආදරෙන් බලා ගත්තා.
19 comments
හිතන්න ඔබ interview කලේ පබා ව කියල? ඔබේ ප්‍රශ්න වලින් 95% නම වෙනස් කරලා පබාගෙන් අහන්න පුළුවන්. ඉතින් ඔබේ interview එක සාර්ථකද ? ඔබ ඇත්තටම දීපානි සිල්වාව interview කලාද. ලකුණු 34 තමයි.
Replyඇය මගේත් ප්‍රියමනාප චරිතයක්. මේ ශිල්පීන් තවමත් බොහොම විවෘත මිනිසුන්වීමත් විසේශයක්. දැන් කාලේ ඉන්නේ මොඩලර්ස්ලා මිසක් නළු නිළියෝ නෙමෙයි කියන කතාව හැබෑවක්මයි.
Replyමෙතන එච් ඒ පෙරේරා ගැන කියනකොට මට ඇත්තට ම එච් ඒ පෙරේරා මතක් වුනා. මම ටෙලිකොම් එකට ගිහිපු මුල්ම කාලෙ නාට්ටි වලට කැමති පිරිසක් එක්කරගත්තා එච් ඒ. එච් ඒ එතකොට සනීපෙන් හිටියා.. එයා මට කිව්වා මගේ වොයිස් එක ගොඩක් උඩ තියෙන්නෙ ඒ නිසා නාට්ටි වලට ගැලපෙනවා කියලා.
Replyනමුත් එදා අපේ ලොක්කන්ට ඕනි උනේ ආප්ප බානවා වගේ දඩාස් ගාල නාට්ටියක් කරන්න. නමුත් එච් ඒට නාට්ටියක් කියන්නෙ හදිසි වැඩක් නෙමෙය. කාලයක් පුරුදු වෙන්න ඕනය කියන අදහස තිබුනා.
කාලයක් ගියා එච් ඒ ලෙඩවුනා. බලාගෙන ඉද්දි එච් ඒ පිළිකාවට යට වුනා. මම දැකපු විදියට එච් ඒ කියන්නෙ හරි කෙලින් වැඩ කරපු කෙනෙක්. ඒ දවස්වල ටෙලිකොම් එකේ නිතර දැක්ක වැදගත් මාදිලියේ මනුෂ්‍යයෙක් එච් ඒ කියන්නෙ. දැන් නම් ගොඩක් අයට එච් ඒ අමතකත් ඇති.
වීදි නාට්‍ය කලාව ලංකාවේ ප්‍රචලිත කිරීමට පුරෝගාමී වුනු කෙනක් හැටියට කාටවත් අමතක කටන බැරිවෙයි මම හිතන්නේ දීපානි සිල්වා මහත්මියව
Replyසාම්ප්‍රදායික ප්‍රශ්න ටිකක් කියල හිතල අතෑරල යන්න හදද්දි නාට්‍ය කන්ඩායමට එකතුවුණ හැටි දැක්කෙ...
Replyඊට පස්සෙ තමා කියෙව්වෙ...
ඇත්තට හැමදාම හැම ජර්නලිස්ට් නෝන කෙනාටම මෙයාලගෙන් අහන්න තියෙන්නෙ මේ ප්‍ුරස්න ටික විතරමද අය්යෝ...
කෝ කමෙන්ට් එක ????
Replyස්තූතියි ඔබේ කමෙන්ටුවට ඇනෝ. ඇත්ත, මගේ සංවාදයේ බොහෙමයක් මම අහපු ප්‍රශ්න සම්ප්‍රදායික ඒවා වෙන්න පුලුවන්. ඒක ඕනම මාධ්‍යෙවවේදියෙක් අතින් වෙන්න පුලුවන් දෙයක්. දීපානි සිල්වා කියන්නේ රංගන ශිල්පිනියක්. ඇය වැනි අයගේ ජීවිත ගැන අපිට දැන ගන්න අවශ්‍ය දේවල් ඕනෑතරම් තිබුණත් සදාචාරය වගේ කාරණාත් එක්ක අපිට අහන්න පුලුවන් සීමාසහිත ප්‍රශ්න ටිකක් විතරයි. ඔබ කියන කතාව හරි, මේ ප්‍රශ්න ටිකම පබාගෙනුත් අහන්න පුලුවන්. ඒත් පබා දෙන උත්තර දීපානි සිල්වා දුන්නු උත්තරවලට සමාන වේවිද?
Replyඔව්, මේ ලිපියේ පළ නොවුනු අපිට එහෙම පළ කරන්න බැරි ගොඩාක් කාරණා ඇය ඉතාම අවංකව හෙළි කළා. ටෙලිනාට්‍ය කලාව අද පත්වෙලා තියෙන තත්ත්වය ගැන ඇය හෙළි කරපු දේවල් අහද්දිත් පුදුම හිතුණා
Replyඔව්. එච්. ඒ. පෙරේරා වගේ චරිත අමතක වෙලා යන්න නියමිත අය. ඒයාලා අපි ගොඩක් දෙනෙකුට ආගන්තුක අය. අද පරම්පරාවේන් එච්.ඒ., ධම්ම ජාගොඩ වගේ චරිත ගැන දන්නේ මුල ඉඳන්ම නාට්‍ය ගැන උනන්දුවකින් කටයුතු කළ කිහිප දෙනෙක් විතරයි
Replyවිමලනාත් වීරරත්න මහත්මයා ගාමීනී හත්තෙට්ටුවේගම මහත්මයා එක්ක කරපු හදබස සංවාදයේත් එතුමාගේ වීදි නාට්‍යවලට දීපානි සිල්වා කොයිතරම්නම් වැදගත් කෙනෙක් වුනාද කියන එක කියලා තියෙනවා. ගැහැණියක් විදියට ඇය මේතරම් දුරක් ආපු එකත් වෙලාවකට පුදුමයි.
Replyඔය කතාවම ඇනෝ කෙනෙකුත් කමෙන්ට් කරලා තියෙනවානේ :D දීපානි සිල්වා වගේම මමත් අසමත් ඇනෝ මට දීලා තියෙන්නෙත් ලකුණු 34 යි. :D
Replyකමෙන්ට් එක තියෙනවා ඉවාන්. වැඩ ගොඩක් හින්දා නිතර බ්ලොග් එකට ඇවිත් කමෙන්ට් පබ්ලිෂ් කරන්න බැරිවුණා
Replyදීපානි එක්ක කරන සම්මුඛ සාකච්ඡාවක ඔයිට වඩා දෙයක් තියෙන්න ඕන කියලයි මගෙත් අදහස :) විශේෂයෙන්ම ඔබ මෙහෙයවන සම්මුඛ කාකච්ඡාවක..:)
Replyදීපානි සිල්වා සිල්වා කියන්නෙ මමත් ආසම කෙනෙක්. අව්‍යාජ කෙනෙක්. රඟපෑම ඇයට ඇඟේම තියෙනවා. මෙහෙම කලාකරුවො බොහොම සීමිතයි.
Replyදීපානි සිල්වා කියන්නෙ මමත් ආසම නිලියක් තමයි. අව්‍යාජ මනුස්සයෙක්. රඟපාද්දි චරිතය තුල ජීවත් වෙන්න හරිම දක්ෂයි. ඒ බව මුහුණේ ඉරියව් වලින් හොඳට පේනවා. මෙහෙව් නලු නිලියන් අද බොහොම හිඟයි.
Reply(මගේ කමෙන්ටුව සබ්මිට් වුනාද කියල මතක නෑ. ඔන්න ආයෙත් දැම්මා)
ස්තූතියි රවි. සාකච්ඡාව කලේ ගොඩක් හොඳට කල්පනා කරලා බලලා. ඔබේ අවංක අදහසට නැවතත් ස්තූතියි
Replyඔව් අැය ගොඩක් අව්‍යාජ කෙනෙක් කියලා මටත් හිතුණා.
Replyඔන්න කෙමන්ටු දෙකම පළ කළා. තෙලිදිය වාඩිය ජයට යනවා යනවා අැති කියලා හිතනවා? මම අාසකරන බ්ලොග් අඩවි ඒකකටවත් කාලෙකින් ගොඩවදින්න බැරිවුණා
Replyඅහ එහෙමද මටත් අහම්බෙන් තමයි නිවාඩු පාඩුවක් ලැබුනේ. ඔන්න අලුත් පොස්ටුවක් පල කලා. ඔයාලගෙ අදහස් තමා දැනගන්නෝන. අවිත් බලමුකෝ.
ReplyPost a Comment