Loading...

රාජ්‍ය සේවය පිණිස තොරතුරු සඟවනු ලැබේ.



බත්තරමුල්ල ‘සෙත්සිරිපාය’ ගොඩනැගිලි සංකීර්ණයෙහි 09 වෙනි මහලෙහි පිහිටි මහාමාර්ග, වරාය සහ නාවික කටයුතු අමාත්‍යංශය වෙත මා ගියේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය පිළිබඳ අධ්‍යයන අවශ්‍යතාවයක් පරිදි මා විසින් සකස් කරමින් සිටි ලිපියක් සඳහා තොරතුරු කිහිපයක් ලබා ගැනීමේ අරමුණිනි. එහිදී නීතිමය වශයෙන් මාගේ අධ්‍යන කාර්යය පිළිබඳ තහවුරු කරන ලද, කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයාගේ සහතිකය සහිත ලිපියක්ද මා සතුව පැවතිණි. 

මනුෂ්‍යත්වය යළි රෝපණය කරමු.


උතුරු යුරෝපයේ බෝල්ට්ක් කලාපයට අයත් එස්ටෝනියාව වර්ග කිලෝමීටර් 45227 ක භූමි ප‍්‍රමාණයකින් සෑදුන ලද්දකි. මිලියන 1.3 ක් වූ එරට ජනගහනයෙන් 40% ක්ම පුවත්පත් කියවන්නේ අන්තර්ජාලය හරහාය. සමස්ත ජන ප‍්‍රතිශතයෙන් 90% ක්ම සිය බැංකු ගනුදෙනු මෙහෙයවීමට අන්තර්ජාල පහසුකම් යොදාගන්නා අතරම ජාතික මැතිවරණයකදී එරට ඡන්දදායකයා සිය ඡන්දය භාවිතා කරන්නේද පරිගණකය ඔස්සේය. ඔවුන් දිවා ආහාරය මිළට ගැනීමටත් වාහන ගාල්කිරීමටත් නියමිත මුදල ගෙවනුයේ තම ජංගම දුරකථනය හරහාය. වර්තමානයේ ලෝකයේ බොහෝ රටවලට අත්වී ඇත්තේ එස්ටෝනියාවට අත්වී ඇති ඉරණමය. 

රටවල් දෙකක්. කතා දෙකක්.


චීනයේ කතාව



චීනයේ ඩෙලියෑන් නගරය සතුව විශ්වවිද්‍යාල 22 ක් ඇත. එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව ලක්ෂ 2 ක් පමණ වේ. මෙම සිසු සිසුවියන්ගෙන් ලක්ෂයක් පමණ දෙනා ඉන්ජිනේරු හෝ විද්‍යාවේදී උපාධිධරයන් ලෙස සරසවියෙන් පිටව යයි. එහෙත් ඉතිහාසය හා සාහිත්‍ය වැනි කලා විෂයයන් හදාරණ සිසුන් පුරා වසරක් ඉංගී‍්‍රසි භාෂාව සහ ජපන් භාෂාව සමග පරිඝනක විද්‍යාවද අනිවාර්යයෙන් උගත යුතුය. මක් නිසාද යත් එවිට ඔවුන් රැකියාවල යෙදවිය හැකි උපාධිධරයන් බවට පත්වන බැවිනි. 

ආගමික සංහිඳියාව පිළිබඳ කතිකාවක්.


වසර 12 ක කාලයක් දේශපාලන පොරපිටියේ පස මිතුරන් ලෙස කි‍්‍රයාකළ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ඉකුත්දා අතට අතදී සාකච්ජාවට ලක් කරන ලද්දේ ආගමික සංහිඳියාව ඇති කිරීම කාලීන අවශ්‍යතාවයක් යන්න පෙරදැරිවය. දකුණු ආසියානු ප‍්‍රතිපත්ති සහ පර්යේෂණ ආයතනයේ සභාපතිනිය ලෙසින් කටයුතු කරන හිටපු ජනාධිපතිණිය ලංකාවේ ආගමික සංහිඳියාව ඇති කිරීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී පැහැදිලි කරන ලදි. දේශපාලන ගමන් මගෙහි පරස්පර විරෝධී අදහස් දැරූ මොවුන් දෙපලට එකම වේදිකාවක එකට සිට සාකච්ජාවට ලක් කරන්නට තරම් ආගමික සංහිඳියාව පිළිබඳ ගැටලුවක් ලංකාව තුළ පවතීද? 

පවුල්වාදයේ හවුල්වාදය.



                                      
1948 වර්ෂයේ දී කොරියානු අර්ධද්වීපය දෙකඩ කරමින් කොරියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන සමූහාණ්ඩුව හෙවත් උතුරු කොරියාව බිහිවුයේ කිම් ඉල් සුන්ග් එරට උත්තරීතර නායකයා ලෙසින් පත්වෙමිනි. මුල් කාලීනව ප‍්‍රබල අගමැතිවරයෙකුවූ මොහු පසුකාලීනව එරට ජනාධිපතිවරයා බවට පත්විය. වසර 56 ක් ඉතා දැඩි පාලන රටාවක් ගෙන ගිය කිම් ඉල් සුන්ග් ජනාධිපතිධූරයේ කටයුතු කරමින් සිටින අතරතුරදීම මියගිය අතර ඔහුගෙන් පසුව ඔහුගේ පුත් කිම් ජොන්ග් ඉල් උතුරු කොරියාවේ උත්තරීතර නායකත්වයට පත්වේ. 

අධිවේගී මාර්ගය ගමන් කරන්නේ කොතැනටද?



ආශ්චර්යමත් ශී‍්‍ර ලංකාවක් තැනීමේ සංවර්ධන කි‍්‍රයාවලියේදී රටේ ප‍්‍රවාහන ගැටළුව අවම කිරීමත් වඩාත් කාර්යක්ෂම මගී ප‍්‍රවාහන සේවයක් ඇරඹීමත් පවතින රජයේ මූලික අරමුණ වේ. ඉදිරි වසර 06 ක කාලය තුළ මෙරටේ පොදු ජනතාවට යහපත් ප‍්‍රවාහන සේවයක් ලබාදීම සඳහා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ - මාතර අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් අධිවේගී මාර්ගය යන මාර්ග කඩිනමින් ඉදිකරන බව වර්තමාන රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ලෙසින් සැලකිය හැකි ‘මහින්ද චින්තනය’ හි සඳහන් වේ. එකී අරමුණ ශාක්ෂ්‍යාත් කරගැනීමේ මූලික පියවරක් ලෙසින් දක්ෂිණ  අධිවේගී මාර්ගය ඉදිකරන ලද අතර ඉකුත් ඔක්තෝබර් මස 27 වන දින එහි දෙවන පියවර ලෙසින් කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය (E03) ජනතා අයිතියට පත් කරන ලදි.

භාෂණයේ නිදහස - අහිමි වන්නට පෙර ලියා තබන වග නම්..



ශී‍්‍ර ලංකාවට ලේඛනය ප‍්‍රකාශනය සමීප වන්නේ ලන්දේසින්ගේ ප‍්‍රකාශනාත්මක නිපැයුමක් ලෙසිනි. ලන්දේසි ආඥා පොත මුද්‍රණය කිරීමත් සමගම ලාංකිකයන්ට ඒ හා සමීප වීමට ඉඩ කඩ සපයා දෙන්නේ ගේබ්රියල් කාටර් නම් මුද්‍රණ ශිල්පියා විසිනි. නමුදු පසුකාලීනව ලාංකීය භාෂණ ප‍්‍රකාශන නිදහස උපන් ගෙහිම මරා දමමින් ඔහුව කෲර වද බන්ධන යටතේ සිරගත කරන ලද්දේ නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීම හමුවේ අත්වන ඉරනම සමාජයට පසක් කරවමිනි. 
© 2014 සරුංගලේ - the kite blog . Powered by Blogger.
Back To Top